MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E01-02] | ලෝක විනාශයෙන් පසු…

ඔන්න ඉතිං කට්ටිය කාලයක් බලන් උන්නු Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ පස් වන අදියර තමයි මේ පටන් ගන්න සුදානම. මෙදා පාර කතාව පෙර කතාංග වඩා විශේෂ එකක් වෙයි කියලා තමයි ගොඩ දෙනෙක් නම් කියන්නෙ. ඒකට හේතුව වගේම තවත් කතා මාලාවෙ ඉදිරියෙ වෙන්නෙ මොනවද කියන එක පිළිබඳව දේවල් ටිකක් මම කියන්නම්.

හැමෝම වගේ දන්නවා S.H.I.E.L.D. කතා මාලාව බොහෝ වෙලාවට MCU එකේ ප්‍රධාන චිත්‍රපටිත් එක්ක සම්බන්ධ වෙන විත්තිය. ඉතිං මෙදා පාර S.H.I.E.L.D. නියෝජිතයො ටික අභ්‍යවකාශයෙ ඉන්න නිසා ගොඩක් දෙනෙක් මත පල කරනවා මෙවර කතා මාලාව Guardians of the galaxy vol 2, Thor Ragnarok, වගේම ඉදිරියේදි එන්න තියෙන Captain marvel සහා Avengers infinity war එකත් එක්ක යම් තාක් දුරට හොද සම්බන්ධතාවක් ගොඩ නගා ගනියි කියලා. හැබැයි දැනට වාර්තා වෙන විදිහට කතා මාලාව Guardians of the galaxy vol 2 හා Thor Ragnarok විශේෂ සම්බන්ධයක් නොමැති බව තමයි. හැබැයි මේ චිත්‍රපටි දෙක යම් කිසි හේතුවක් වෙන්න පුළුවන් අපෙ S.H.I.E.L.D නියෝජිතයො ටික අභ්‍යවකාශයේ ඉන්න. තව දෙයක් තමයි ඔයාලා S.H.I.E.L.D පස්වන සීසන් එකේ ට්‍රේලර් එක බැලුවනම් දකින්න ඇති ක්‍රී වරු කිහිප දෙනෙක් පැමිණෙන සීන් එකක්. කොමික් පිළිබඳව දන්න අය දන්නවා ක්‍රී වරු සහා කැප්ටන් මාවල් අතර තියෙන සම්බන්ධය කොයි වගේද කියලා. ඒ වගේම ක්‍රී වරු Guardians of the galaxy ලත් එක්කත් හොදටම සම්බන්ධ පපිරිසක්. ඔය හේතු කාරණා මත අපිට හිතන්න පුළුවන් මේ දැනට තිරගතවුනු චිත්‍රපට දෙකත් එක්ක වගේම ඉදිරියේදි එන්න තියෙන Captain marvel සහා Avengers infinity war එකත් එක්කත් යම් හෝ සම්බන්ධයක් මෙවර කතා මාලාවත් එක්ක ඇති වෙන්න පුළුවන් කියලා. තව දෙයක් තමයි ඇවෙන්ජර්ලා අභ්‍යවකාශයට එනවනම් අනිවාර්යයෙන්ම එතන S.H.I.E.L.D එකත් ඉන්නවා.

* නැවතත් එකට.
ඔයාලට මතක ඇති පසුගිය කතා මාලාවෙ නියෝජිතයො වෙන් වුනා. ඩේසි එහෙම ශීල්ඩ් එකෙන් අයින් වෙලා ගිහින් එයාගෙම ගමනක් යන්න ගත්තා. හැබැයි මේ පාර ඒක වෙනස් වෙලා හැමෝම එකට එකතුවෙලා ඉන්නවා ආපහු සැරයක්.

* සියළු සම්පත් අහිමි වීම.
ඔයාලට මතක ඇතිනෙ කට්ටියව පසුගිය කතා මාලාවෙ අවසානෙට පැහැරගෙන එනවා. අන්තිමේ නවතින්නෙ අභ්‍යවකාශ යානෙක. ඉතිං ශීල්ඩ් නියෝජිතයන්ගෙ සියළුම අවි ආයුධ වගේම එයාලගෙ ඩේටබේස් මූලස්ථාන සියල්ලම පාහෙ අහිමි වෙනවා. සටනකදි වුනත් මේ අයට සාමාන්‍යයෙන් ලැබෙන සම්පත් එහෙම නැත්නම් resources, සාමාන්‍යයෙන් ලැබෙන උදව් ලබා ගන්න හැකියාවක් නෑ. තනියම තමා සටන් කරන්න වෙන්නෙ.

* ජෙමාගෙ වටිනාකම.
ජෙමා තමයි S.H.I.E.L.D. නියෝජිතයින්ට තියෙන හොදම අවස්තාව වෙන්න පුළුවන්නෙ ආපහු පෘථිවියට එන්න. මොකද මෙයාලාව හිරවෙලා ඉන්නෙ අභ්‍යවකාශයේ තියෙන කොලනියක. ඉතින් ජෙමාගෙ හැකියාවන් තමයි මෙයාලට මෙතනින් පැනගන්න ලැබෙන හොදම අවස්තාව.

* කෝල්සන් සහා ගෝස්ට් රයිඩර් අතර සම්බන්ධය.
කට්ටිය අහන දෙයක් තමයි මේ වතාවෙ ගෝස්ට් රයිඩර් නැද්ද කියන කාරණේ. කට්ටියට මතක ඇති පහුගිය සීසන් එකේ එයිඩව විනාශ කරන්න කෝල්සන් ගෝස්ට් රයිඩර්ගෙන් උදව් ගන්නවා. හැබැයි ඒ දෙන්නා අනික් අයගෙන් මොකක් හරි වසන් කරන බවක් පේන්න තිබ්බා. ගෝස්ට් රයිඩර් කරපු උදව්වත් එක්ක කෝල්සන් රයිඩර්ට යම් ආකාරයට ණයයි. ඔන්න ඔය හේතුව නිසා අපිට ආපහු ගෝස්ට් රයිඩර් දකින්න ලැබේවිදෝ කියලා පොඩි කුතුහලයක් තියෙනවා.
ඒ වගේම තමා මේ විස්තර හොයන් යද්දි අනින් කොනින් දැනගන්න ලැබුනා ගෝස්ට් රයිඩර් කතා මාලාවක් නෙට්ෆ්ලික් සහා මාවල් එකමුතුවෙන් නිර්මාණය කරන්න යනවා කියලා. ආරංචියක් පමණි.

* මැක්ගෙ චරිතය.
මැක් ගැන දන්නවනෙ හැමෝම. ක්‍රියාදාම වලදි සුපිරි චරිතයක්. ඉතිං මෙදා පාර මැක්ට ගණුදෙනු කරන්න වෙන්නෙ ඒලියන්ත් එක්ක. තව දෙයක් තමා මෙයාට මේ පාර අලුත් භාණ්ඩ ටිකක් ලැබෙන බව ආරංචි වෙනවා. කොහොම වෙතත් අවසානයෙ මැක් සුපර් හීරො කෙනෙක් වෙන්න තමයි යන්නෙ.

* මන්දාකිණියෙ දගකාරයා.
මෙයා අපිට අලුතෙන් හදුන්වලා දෙන කෙනෙක්. අපේ ශීල්ඩ් නියෝජිතයො ටිකට මෙයාගෙන් බොහොම ලොකු උදව් ටිකක් මුල ඉදන්ම ලැබෙනවා. ඔයාල දකින්න ඇති ට්‍රේලර් එකේ මෙයා වෙස් මූණක් දාන් ඉන්නවා. මට ඒකත් එක්කම මතකෙට ආවෙ Guardians of the galaxy වල Star lord ව. මොකද එයා ලගත් ඔය විදිහෙම මාස්ක් එකක් තියෙනවා. අපි බලමු මෙයාලා අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙයිද කියලා.

* ෆිට්ස් ඔබ කොහිදැයි?
ෆිට්ස් පස් වන සීසන් එකේ ඉන්න බව තහවුරුයි. නමුත් ඔයාලට ෆිට්ස්ව මුල් කොටස් දෙකේ දකින්න ලැබෙන්නෙ නැ. කොහොම වුනත් මෙයා ටික කාලයක් යනකන් දැකබලා ගන්න ලැබෙන එකක් නෑ. හැබැයි ඔයාලට කතාවෙ දකින්න ලැබෙයි ෆිට්ස්ගෙන් ලැබුනු පණිවිඩයක්.

* පිටසක්වලයො.
මෙච්චර කාලයක් පිටසක්වල තාක්ෂණයත් එක්ක ගණුදෙනු කරපු ශීල්ඩ් නියෝජිතයන්ට මේ වතාවෙ පිටසක්වල ජීවින් එක්කලා ගණුදෙනු කරන්න වෙනවා. ඔයාලා දකින්න ඇති ක්‍රී වරු වගේම තවත් සත්තු ජාතියක් ඉන්නවා. උන් ක්‍රී ලගෙ මොකක් හරි පරීක්ෂණයක්ද නැත්නම් වෙනම ජීවින් කොට්ටාසයක්ද කියල ඉදිරියෙදි අපිට දැනගන්න ලැබෙයි.

ඇත්තම කියනවනම් මේ ලිපිය නෙවෙයි දෙන්න හිතන් හිටියෙ ඒත් තියෙන කාල වෙලාවත් එක්කලා වෙන එකක් ලියා ගන්න පුළුවන් වුනේ නැ. ඉතිං ඔයාලට මේ ලිපියෙන් සෑහෙන්න වෙනවා.

තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.කට්ටිය දන්නවා ඇරෝ කතා මාලාවෙ කොටසක යම් ප්‍රමාද දෝෂයක් වුනා කියලා. ඉතිං ඒ ටිකට ඒ සහෝදරයට වගේම සයිට් එකට කිව්ව කතා ටිකට නම් හොදටම කල් කිරුණා. ඇත්තම කියනවනම් ආයෙ ඒ කතා වලට ඉදිරියෙදි උපසිරැසි ලබා නොදෙන්න හැම කෙනෙක්ම තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියෙ මේ කතා මාලාවෙත් උපසිරැසි දෙන්න ටිකක් පමා වෙන්න පුළුවන් මගෙ පෞද්ගලික වැඩ කටයුතු හේතුවෙන්. දැං හිතයි ඉතිං වෙන එක්කුට දීපංකො කියලා. එහෙනම් කෙනෙක් හොයා දෙන්න වෙනව ඔයාලටම. මොකද මේක කරනවනම් මුල ඉදන්ම කතාව බලපු කෙනෙක් වෙන්න ඕන. ඉතිං එහෙම අපේ උපසිරැසි කරුවෙක් හිටියත් එයාල තවත් සීරියස් අදින අය. ඒ නිසා කවුරු හරි ලෙලි පුක් ගාය තියෙන කෙනෙක් අපේ උපසිරැසි එක්ක මේක බලන්න හිතන් ඉන්නවනම් කියන්නෙ කරුණාකරලා බලන්න එපා. මොකද ඊලගට දවසක් හමාරක් පමා වුනා කියලා ජීවිතේට කමෙන්ට් නොදාපු උන් වාක්‍යය රචනා ලියන් එන්නෙ. බොරු නම් පහුගිය ඇරෝ සහා ෆ්ලෑෂ් කොටස් වලට වැටිලා තියෙන කමෙන්ට් බලන්න. 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 406MB |  

12174B3ECEC5A5A6F7DC78B90208B731DF65D228

| HDTV | x265| 720p | 316MB |

B3C64DA2DAF633CE960B926B07EE6A4A8CB3B753

| HDTV | x264 | 480p | 283MB |

  d8f0beb6dfab88fcb81fbcc7ba8778beecfbd231

Direct Download

| HDTV | x264 | 480p | 283MB |      

    

| HDTV | x264 | SVA | 406MB |       

         

| HDTV | x265 | 720p | 316MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *