MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E03]| ඇය කියන කෙනාමද..?

මතකනෙ අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික කලින් සීසන් එකේ අවසානෙට පිරිසක් විසින් පැහැරගෙන ගියා. අන්තීමෙ අපි දැක්කෙ කෝල්සන් අභ්‍යවකාශයෙ ඉන්න දර්ශනයක්. ඉතින් මේ සීසන් එක පටන් ගත්තෙ ඒ පැහැර ගැනීම වෙච්ච විදිහ වගේම කවුද පැහැර ගත්තෙ සහා කොහොමද අභ්‍යවකාශයට යැව්වෙ කියන ටික පෙනලා. ඔව් අපේ නියෝජිතයො ටික අභ්‍යවකාශයට යවන්න පාවිච්චි කරලා තියෙන්නෙ මොනොලිත් එකක්. මම හිතනවා මොනොලිත් කියන නම අමතක නැතුව ඇති කියලා. මොකද අපිට මීට කලින් වතාවකුත් වෙනස්ම ආකාරයක මොනොලිත් එකක් හම්බුනා මතක ඇති.

කෝල්සන්ට අභ්‍යවකාශයෙ ඒ තියෙන ගොඩ නැගිල්ලෙදි මුලින්ම හම්බෙන්නෙ වර්ජල්ව. එයා නම් මුල ඉදන්ම කෝල්සන් ඇතුලු පිරිසගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් උන්නු කෙනෙක් වගේ. කොහොම වුනත් වර්ජල් එක්ක වැඩි කාලයක් කතා කරන්න ලැබෙන්නෙ නැ. මොකද මේ තැනේ ඉන්න රෝචර් කියන ජීවින් විසින් වර්ජල්ව මරලා දාන නිසා. අපේ නියෝජිතයො කට්ටිම එකතුවෙලා මෙතන පිළිබඳව හොයාගෙන යද්දි තමා දැන ගන්න ලැබෙන්නෙ මෙතන පාලනය කරන්නෙ ක්‍රී වරු කියලා. කොහොම වුනත් මුලදිම ක්‍රී අරු දෙන්නෙක් මෙලොවින් සමු ගන්නවා. හැබැයි මෙතන හැම ශීල්ඩ් නියෝජිතයෙක්ම නැ. ඔයාලා දකින්න ඇති ෆිට්ස් ව තාම කතාවෙ දැක්කෙ නෑ අපි.

ඔය අස්සෙ මේට හම්බෙන තවත් කෙනෙක් තමා ඩීක් කියන්නෙ. ඩීක් මේ තැන ගැන ගොඩක් දන්න කියන කෙනෙක්. එයාගෙ මාර්ගයෙන් මේ සහා සිමන්ස් අභ්‍යවකාශ යානයක් හෙවත් ට්‍රෝලර් එකකින් මෙතනින් පිටට ගිහින් බලනවා. ටික වෙලාවක් යද්දි තමා මේ දෙන්නටම දකින්න ලැබෙන්නෙ පෘථිවිය කෑලි කෑලි වලට විනාශ වෙලා ගිහින් කියන කාරණාව. හැබැයි මුලින්ම කෝල්සන් හිතන් හිටියෙ එයාලා අභ්‍යවකාශය අරහා ඇවිත් කියලා. ඒත් ඩීක් එක්කලා කතා බහෙන් පස්සෙ කෝල්සන් තේරුම් ගන්නවා එයාලා ඇවිත් තියෙන්නෙ කාලය හරහා කියන කාරණාව. ඒ වගේම තමා මේ අය මේ ඉන්න තැන හදුන්වන්නෙ ලයිට් හවුස් කියලා.

ඉතින් මෙතන ජීවත් වෙන හැම කෙනෙක්ටම මෙට්ට්‍රික් කියලා උපකරණයක් අතේ සවි කරනවා. ඒවගෙන් ඔවුන් ඉන්න තැන, ඔවුන්ට දඩුවම් කිරීම වගේ දේවල් වෙන්නෙ ඒක හරහා. ඒ වගේම මෙතන ටෝකන් කියලා දෙයක් පිළිබඳව කතා වෙනවා. මං හිතන්නෙ ඒ මුදල් වර්ගයක්. සල්ලි වෙනුවට ටෝකන් තමයි මෙතන පාවිච්චි කරනවා ඇත්තෙ. ග්‍රිල් කියන කෙනා තමයි මෙතන මිනිස්සුන්ගෙ ලොක්කා විදිහට ඉන්නෙ. වෙන හැම ගණුදෙනුවක්ම වෙන්නෙ මෙයා හරහා. ඒ කියන්නෙ මෙතන ඉන්න හැම මනුස්සයම ග්‍රිල්ට වැඩ කරන ග්‍රිල්ට ණය අය.

ලයිට් හවුස් එක ඇතුලෙ වෙන තව දෙයක් තමයි මේ අලුත් කිරීම කියන ක්‍රියාකාරකම. ඒ කියන්නෙ අඩුවෙන් උපයපු නැත්තං හම්බ කරපු අයගෙ මෙට්ට්‍රික් රතු පැහැයට හැරෙනවා, එතකොට එයාලා ජීවිතයක් ණයයි. ඒ කියන්නෙ ඒ මෙට්ට්‍රික් රතු වෙච්ච කෙනෙක් හරි අනික් අයගෙන් කෙනෙක්ගෙ හරි ජීවිතයක් විනාශ කරපුවාම තමයි තමන්ට තව ජීවිතයක් උපය ගන්න ලැබෙන්නෙ. ඔන්න ඕක තමයි අලුත් කිරීම කියන්නෙ. “ජීවිතයක් ගත කලා, ජීවිතයක් උපය ගත්තා”. ඔතන ඉදන් ඒ කට්ටිය එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා.

ලයිට් හවුස් පාලනය කරන්නෙ ක්‍රීලා කියලා මම කිව්වනෙ. මෙයාලගෙ නායකා තමයි කසායස් කියන්නෙ. ජෙමාගෙ කරුණාවන්ත කම නිසා ජෙමාට සිද්ද වෙනවා කසායස්ගෙ වහලියක් වෙන්න. ඒ වගේම තමා සිනාරා, ගොඩක් දරුණු ක්‍රී කෙනෙක්. අතේ බෝල දෙකක් එහෙම තියන් ඉන්නෙ. ඔව් ඉතින් ක්‍රීලා කොහොමත් මරන්නම ඉපදුනු කට්ටිය.

ඔය අතරෙ කෝල්සන් ටෙස් කියන ගැහැණු ලමයත් එක්ක ගිහින් වර්ජල්ගෙ කාමරේ පරික්ෂා කරනවා. එතනදි තමා කෝල්සන්ට පොතක් හොයාගන්න ලැබෙන්නෙ. ඔය අතරෙ ඩේසි ඩීක්ගෙ පස්සෙන් යනවා එයා මොනවද කරන්නෙ බලන්නෙ. බැලින්නම් මිනිහා මෙතන ෆ්රේම්වර්ක් එකක් හදලා. කොහොම හරි ඩේසි ගැන ඩීක් දැන ගන්නවා. ඒ කියන්නෙ ඩේසි කියන්නෙ ක්වෙක් කියන කාරණාව. ඒ වගේම තමයි ඩීක් කියන්නෙ ලෝකය විනාශ කලේ ක්වෙක් කියලා. ඔය අතරෙ කසායස් අමුත්තන් පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ හැමදෙයක් ගැනම ඔයාලට මේ කොටසින් දැන ගන්න පුළුවන්. එහෙනම් මීලග කොටසින් හමුවෙමු.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 210MB |  

978407A8BB4EE18948CF25D4EBA6BD7DC3046ED0

| HDTV | x264| 720p | 294MB |

CE96E0B5B335F43E5736F5393E5895E055816E1E

Direct Download

| HDTV | x264 | 480p | 150MB |      

    

| HDTV | x264 | SVA | 210MB |       

         

| HDTV | x264 | 720p | 295MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *