MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E18] | සියලුම දේ මග කියන්නෙ…

ඔන්න ඉතිං Agents of SHIELD පස්වන කතා සමයෙ 18 වෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. තවත් කොටස් 4 ක් වගේ තමයි කතාවෙ ඉතුරුවෙලා තියෙන්නෙ. හැබැයි මේ වෙනකල් ABC නාලිකාවෙන් කිසිම දැනුම් දීමක් කරලා නෑ මේ කතා මාලාවෙ ඊලග අදියරක් පිළිබඳව, අපි හිතමු මේක මෙතනින් නතර වේවා කියලා. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස මතක් කරගෙන ඉමු,

පසුගිය කොටස පටන් ගත්තෙ ෆිට්ස්-සිමන්ස් සහා යෝ-යෝ එංගලන්තයට යන ගමනත් එක්කලා. මේ අය සෙෆර් එක්කින් එංගලන්තයට යනවා ජෙනරල් හේල් හොයන කුටීරය හොයාගෙන. ඉතිං මේ තුන්දෙනා සෙෆර් එක ඔටෝ පයිලට් දාලා යානයෙන් පනිනවා. ඔය අතරවාරෙ කෝල්සන් සහා ටැල්බට් දෙන්නා හේල්ගෙන් පැනලා යනවා, හැබැයි ටැල්බට්ට වැඩිය සනීපෙන් නෙවෙයි ඉන්නෙ, කොහොම උනත් ටැල්බට්වත් ඇදගෙන කෝල්සන් දිගටම ගමන යනවා. ඔය අතරෙ තමයි ඩේසි ඇතුලු පිරිස කෝල්සන්ව හොයාගෙන මෙහෙට එන්නෙ. හැබැයි කොච්චර හෙව්වත් හොයාගන්න එක ලේසි පහසු වෙන්නෙ නැ, ඉතිං ඒ නිසාම ඩේසි තීරණය කරනවා සෙෆර් එක ගොඩබාලා කෝල්සන්ව හොයන්න පටන් ගන්න. ඔය අතරෙම තමයි රූබි කෝල්සන්ලගෙ පස්සෙන් එන්න ගන්නෙ, කොහොම හරි රූබි කෝල්සන් සහා ටැල්බට්ව හොයා ගන්නවා. රූබි කෝල්සන්ට පහර දෙන්න සැරසෙනවාත් එක්කම ඩේසි එතෙන්ට එනවා. ඔතනට එන මේ සහා ඩීක්ට ඩේසි කියනවා කෝල්සන්වයි ටැල්බට්වයි අරගෙන යානවයට යන්න මම රූබි ගැන බලාගන්නම් කියලා. මෙතනදි තමා කාලයක් තිස්සෙ බලාගෙන හිටපු සටන වෙන්නෙ. හැබැයි රූබිට නම් ඩේසි එක්ක හැප්පෙන එක ලේසි පහසු වෙන්නෙ නැහැ. මොකද ඩේසි බලයන් ආපහු ලැබිලා තියෙන නිසා. රූබි පරාද වෙනවත් එක්කම එතනට ඩීක් එනවා රූබිගෙ ආයුධය අයින් කරන්න, ඔය වෙලාවෙ තමයි ජෙනරල් හේල් එතනට ඇවිත් වෙඩි වරුසාවක් තියන්නෙ. කොහොමහරි ඒ වෙඩි පාරක් ඩීක්ට වදිනවා. ඉතිං ඩේසි ඩීක්වත් අරගෙන එතනින් පැනගන්නවා. ඩීක්වත් අරගෙන යානව ආපහු ලයිට්හවුස් එකට එන්න ගන්නවා, හැබැයි ඩීක්ට බෙහෙත් කරන්න සිමන්ස් ලයිට්හවුස් එකේ ඉන්නෙ නැ. දන්නවනෙ කාටද ඒ වැඩේ කරන්න වුනේ කියලා.

ෆිට්ස්-සිමන්ස් සහා යෝ-යෝ තුන්දෙනා හයිඩ්‍රා කදවුරකට යනවා හැබැයි එතන ආරක්ෂා කරන්නෙ අන්ටන් අයිවනෝව් විසින්, ඒ වගේම රූබිව කාමරයකට දාලා ජෙනරල් හේල් ලොක් කරලා දානවා ක්‍රීල්ට කරා වගේම. ඔය අතරෙ මැක්ට සහා නියෝජිත පයිපර්ට සිද්දවෙනවා ඩීක්ගෙ සැත්කම කරන්න. ඔය අතරතුරේ කෝල්සන් ටැල්බට්ට අනාගතය පිළිබඳව කියනවා, එතනදි මේ ඇවිත් කෝල්සන්ව පැත්තකට එක්කගෙන ගිහින් එයා මේ කරපු මෝඩ වැඩේට බනිනවා, ඒ වගේම කවුරුත් දැනන් උන්න ඒත් මේ කෝල්සන්ට නොකිව්ව දේ ඒ මොහොතෙ කියනවා, ඒ තමයි “මම ඔයාට ආදරෙයි” කියලා. ඊට පස්සෙ මේ එතනින් යන්න යනවා. ඔය දේවල් වෙන අතරතුරේ ස්ට්‍රකර් හොයාගන්නවා අංශු මාත්‍රණ කුටීරය වැඩ කරන්නෙ කොහොමද කියලා. මෙයා ඒක කියන්න මුලින්ම එන්නෙ රූබි ගාවට. රූබි කියන්නෙ එයාගෙ අම්මා කවදාවත් ඒකට ඉඩ දෙන්නෙ නැ කියලා, එතනදි තමයි ස්ට්‍රකර් අහන්නෙ “ඇයි ඔයා එයාව මරලා දාන්නෙ නැත්තෙ කියලා.” කොහොම වුනත් මෙයා රූබිගෙ කාමරේ ඇරලා යන්න යනවා. ඔය අතරෙ හේල් මෙතනට එනවා, ඒ අතරෙ ස්ට්‍රකර් විද්‍යාඥයො කිප දෙනක් මරලා ඉතුරු කෙනාට කියනවා ග්‍රැවටෝනියම් ප්‍රවාහනය කරන්න ලෑස්ති කරන්න කියලා.

රූබි සහා හේල් අතර සිද්දවෙන කතා බහ අතරෙ රූබි හේල්ට පහරදීලා කාමරේට දාලා ලොක් කරලා ස්ට්‍රකර් එක්ක එකතුවෙනවා. ඔය අතරෙ ෆිට්-සිමන්ස් සහා යෝ-යෝ තුන්දෙනා හදන්නෙ කුටීරය විනාශ කරලා දාන්න. ෆිට්ස් කුටීරයෙ කොටසක් විනාශ කරනවා. ඔය අතරෙ තමයි යෝ-යෝ ෆිට්ස්-සිමන්ස් දෙන්නට කියන්නෙ අනාගතේ වෙනස් කරන්න නම් “කෝල්සන්ට මැරෙන්න දෙන්න වෙනවා කියලා.” ඔයාලට මතකෙන් ඔය කතාව කිව්වෙ අනාගතේ හිටපු යෝ-යෝ කියලා. හැබැයි තාමත් කෝල්සන්ගෙ මරණය අනාගතේ ඉරණම වෙනස් කරන්න කොහොමද කියන එක පැහැදිලි නැ. ඔය අතරෙ තමයි මෙක්ලා ඔතනට එන්නෙ, මෙක්ලව නවත්ත ගිහින් තමයි යෝ-යෝ දැනගන්නෙ එයාට අලුතින් සවි කරපු අත් නිසා එයාට එයාගෙ වේගය පාවිච්චි කරන්න බැරි විත්තිය. ඉතිං ෆිට්ස්-සිමන්ස් දෙන්නා යෝ-යෝව එතනින් එළියට යවනවා සෙෆර් එක හොයාගන්න, ඔය අතරෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් වගේ රෝබෝලට දිගට හරහට වෙඩි තියන්න ගන්නවා. ඕක තමයි මේ දෙන්නට ලැබුන මධුසමය. යෝ-යෝ එළියට යන අතරදි තමයි අයිවනෝව්ව හම්බවෙන්නෙ, එතනදි තවත් වලික් යනවා, හැබැයි අයිවනෝව් යෝ-යෝට පරාද වෙනවත් එක්කම අනික් මෙක්ලත් විසන්ධි වෙන්න ගන්නවා. මොකද අයිවනෝව් තමයි මේ සේරම මෙක්ලව පාලනය කරන්නෙ. ඔය අතරෙ තමයි එතෙන්ට රූබි සහා ස්ට්ටකර් එන්නෙ. ඇවිත් සිමන්ස්ව අල්ලගෙන තර්ජනය කරනවා ෆිට්ස් විනාශ කරපු කොටස ආපහු හදන්න කියලා. අද කොටසෙන් තමා හරියටම දැනගන්න වෙන්නෙ මේ අය මොනා කරාවිද කියලා.

ඔය අතරෙ ටැල්බට්ගෙ තොරුතුරු එක්ක ඩේසි හේල් ඉන්නවා කියලා හිතන තැනක් හොයාගෙන. ඒත් එක්කම ඩීක්ටත් සිහිය එනවා, හැබැයි මිනිහා කියවන විකාර වල නම් අඩුවක් පෙනුනෙ නැ, කොහොම නුමුත් ඩීක්ගෙ හිතේ ඩේසි ගැන අදහසක් තියෙන බවට හොදටම තහවුරු වුනා.

ඩේසි යනවා ටැල්බට්ට කතා කරන්න, ඩේසිට දැනගන්න ඕන ටැල්බට් හේල්ට ශීල්ඩ් එක ගැන කිව්ව හැමදේම දැනගන්න. ඒත් ටැල්බට්ට ඕන එයාගෙ පවුලෙ උදවියට කතා කරන්න. ඩේසි පොරොන්දු වෙනවා එයාලට කියන්නම් කියලා ටැල්බට් කරදරයක් නැතුව ඉන්න වග. ටික වෙලාවකින් ඩේසි ආරක්ෂිත මාර්ගයක් ඔස්සෙ ටැල්බට්ට එයාගෙ පවුලෙ අයට කතා කරන්න ඉඩ සලස්වල දෙනවා. හැබැයි ඒ වෙනකොටත් හේල්ගෙ සහචරයෙක් එහාට ගිහින් ඉවරයි, එතනදි තමයි හේල්ගෙ නෝනා වාක්‍යය වගයක් කියවන්නෙ, මතකනෙ හයිඩ්‍රා වලට අහුවුනාම ඒ අයව තමන්ට නම්ම ගන්න පුළුවන් විදිහට වෙනස් කරනවා වචන කිහිපයක් කියලා. හොදම උදාහරණය විදිහට ගන්න පුළුවන් Captain America Winter Soldier චිත්‍රපටිය. මතක ඇති බකී කියන්නෙත් එහෙම කෙනෙක්. ඉතිං ටැල්බට් අන්තිමට හයිඩ්‍රා එකට ඕන විදිහට අනුකූල වෙනවා.

අද කොටසින් බලාගමු ටැල්බට් මොන නාඩගමක් නටයිද කියලා. ඒ වගේම කවුරු කුටීරයට යයිද, ෆිට්ස් ආපහු ඒක හදයිද කියන ප්‍රශ්න කිහිපයකට උත්තර අද කොටසින් ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.

#Hail Marvel!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 190MB |  

EC54EE059A06497715DBC9BBD9E1E101AA940897

Direct Download  

| HDTV | x264 | 480p | 120MB |       

     

| HDTV | x265 | 720p | 150MB |       

   

| HDTV | x264 | SVA | 190MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *