MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E19] | එහෙං එකක්, මෙහෙං එකක්

දැං නම් ගොඩ දෙනෙක් එහෙම Avengers infinity war එහෙම බලලා හෙන ගැම්මෙන් ඇත්තෙ නේද? ඉතිං ඇවෙන්ජර්ලා ඒ විදිහට ලෝකෙ බේරගන්න අපරිමිත යුද්ධයක් කරන වෙලාවෙ SHIELD නියෝජිතයො ටික ලෝකය කෑලි වලට වෙන්වෙලා විනාශ වෙලා යන එකෙන් බේරගන්න මේ පැත්තෙන් ලොකු සටනක් දෙනවා, එහෙන් එකයි මෙහෙන් එකයි. කතාවෙ මුල් කොටස් වලදිම කියවුනා ඩේසි තමයි මේකට හේතුව කියලා. ඒත් මේ වෙන සිද්දීන් එක්ක බැලුවාම ඒ ඇත්තද කියලත් හිතෙනවා. අද කොටස ඒ ගැන තවත් අපූරුවට පැහැදිලි කරයි. හරි එහෙනම් සුපුරුදු පරිදි පෙර කොටසේ මතකන් අවදි කරගමු.

මතකනෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා කුටීරයෙ කොටසක් විනාශ කරලා දානවා. ඒ කියන්නෙ දැං රූබිට ලෝක විනාශ කරන්නා බවට හැරෙන්න බෑ කූටිරය පාවිච්චි කරලා. ඉතිං ඔහොම ඉන්නකොට තමයි ඔතනට ස්ට්‍රකර් සහා රූබි එන්නෙ. ස්ට්‍රකර් හොයා ගන්නවා කුටීරයෙ ඉන්ෆුසර් එක විනාශ කරලා කියලා. ඒ නිසා රූබි ෆිට්ස්-සිමන්ස් දෙන්නට තර්ජනය කරනවා මේක ආපහු හදන්න කියලා. ඔය අතරෙ තමයි ඩේසි හොයාගන්නෙ හේල් ඉන්නෙ කොහෙද කියලා. ඉතිං මේ අය හේල් ඉන්න කවදවුරට පහර දෙන්න යනවා. මේ පහර දීමට යන්නෙ ඩේසි සහා මේ දෙන්නා. හැබැයි නොසීතු පරිදි හේල් යටත් වෙනවා. ඒ වගේම ශීල්ඩ් වල උදව් ඉල්ලනවා රූබිව බේරගන්න. ඒ වගේම රූබි ඉන්නෙ ෆිට්ස් සිමන්ස් දෙන්නා ඉන්න තැනමයි කියලා.

මතක ඇතිනෙ ටැල්බට් හයිඩ්‍රලාට අනුකූල වුනා ගිය සතියෙ, ඔව් ටැල්බට් ඊට පස්සෙ මෙහෙයුම සම්පූර්ණ කරන්න ඕන කිය කිය, රොබින් ඉන්න කාමරේට ගියා. එතනදි එයා දැක්කා රොබින් ඇදපු චිත්‍ර. එතනට හැබැයි ඒ වෙලාවෙ රොබින්වත් එයාගෙ අම්මා පොලීවත් හිටියෙ නැ. හැබැයි ටික වෙලාවකින් ඒ දෙන්නම මෙතෙන්ට එනවා. ඊට පස්සෙ තමයි ටැල්බට් රොබින්ගෙන් නොසෑහෙන්න ප්‍රශ්න අහන්න ගන්නෙ. ඒ නිසාම රොබින්ගෙ අම්මා ඒක වලක්වන්න උත්සහ කලත් ටැල්බට් පොලීව සිහි නැති කරලා රොබින්ව අරගෙන යනවා. හැබැයි මේ ගැන මැක්ට ඉව වැටෙනවා. ඊට පස්සෙ කෝල්සන් සහා මැක් එකතුවෙලා රොබින්වත් බේරගෙන ටැල්බට්වත් නතර කරනවා.

ෆිට්ස්-සිමන්ස් දෙන්නට අන්තිමේ ඉන්ෆියුසර් එක ආයෙ හදන්න වෙනවා, ඒක ඉවර උනායින් පස්සෙ රූබි කුටීරය ඇතුලට යනවා. ෆිට්ස්-සිමන්ස් මේක අනතුරු දායක දෙයක් කිව්වත් කනකට ගන්නෙ නැ. ස්ට්‍රකර් කුටීරයට ග්‍රැවටෝනියම් යන එක ක්‍රියාත්මක කරලා ටික වේලාවකින් රූබි කෑ ගහන්න ගන්නවා එයාව එළියට අරගන්න කියලා. ඔය වෙලාවෙ තමයි ජෙනරල් හේල්, ඩේසි සහා මේ ඔතනට එන්නෙ. හේල්ගෙ කීමට ෆිට්ස් කුටීරය නවත්තනවා. හැබැයි ඒ වෙනකොටත් රූබිගෙ ඇගට 8% ග්‍රැවටෝනියම් ඇතුල්වෙලා ඉවරයි. මතකනෙ මීට කලින් ග්‍රැවටෝනියම් වලට අතදාපු කීල්ට වෙලා තියෙන සංතෑසිය. ඉතිං ඒ වගේම රූබිගෙ ඔලුවෙත් කට හඩවල් ඇහෙන්න ගන්නවා. මෙයාට මේක දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතිං රූබිගෙ උදව්වට මේ වෙලාවෙ එන්නෙ ස්ට්‍රකර්, හැබැයි එයාවත් රූබිවත් නොහිතපු විදිහට ස්ට්‍රක්ර්ට රූබි අතින් මැරුම් කන්න වෙනවා. රූබිගෙ තත්ත්වය එන්න එන්නම දරුනු වෙන්න ගත්තා, හේල් වගේම ඩේසිත් උත්සහ කලා මෙයාව සන්සුන් කරන්න. ඒත් හරි ගියෙ නැ. ඔය වෙලාවෙ තමයි ඔතෙන්ට යෝ-යෝ එන්නෙ. මෙයා අනාගතේ දැක්ක දේවල් එක්ක හිතන්නෙ රූබියි ලෝක විනාශ කරන්නා කියලා. ඉතිං යෝ-යෝ රූබිගෙ බෙල්ල කපන් යන්න රූබිගෙ ආයුධයම පාවිච්චි කරනව. එතනදි වෙන දෙයක් එක්කලා ජෙනරල් හේලුත් පැනගන්නවා. දැං යෝ-යෝ හිතන් ඉන්නෙ එයා ලෝකෙ බේර ගත්තා කියලා.

ජෙනරල් හේල් නතර වෙන්නෙ ආපහු සමූහාණ්ඩුව ලග. එයාලට කියනවා ග්‍රැවටෝනියම් තියෙන්නෙ ශීල්ඩ්ලා ලග ඒ වගේම එයාලා ඉන්න තැනත් දන්න විත්තිය. ඉතිං හේල් කොහොමද ශීල්ඩ් මූලස්ථානය තියෙන තැන දන්නෙ, සමූහාණ්ඩුව ග්‍රැවටෝනියම් අරගන්න එයිද, එතකොට ටැල්බට්ට මොකක් වේවිද? මේ සේරටම උත්තර අද එපිසෝඩ් එකේ තියෙනවා. එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.

#Hail Marvel

ඔබ සැමට පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා…!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 210MB |  

030398126F7F0B7F8D0C49F76A1F331FF6C7BA9D

Direct Download  

| HDTV | x264 | 480p | 138MB |       

     

| HDTV | x265 | 720p | 172MB |       

   

| HDTV | x264 | SVA | 210MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *