ඔන්න ලොකු කාලෙකට පස්සේ මාර්වල් විශ්වයේ ශීල්ඩ් නියෝජිතයෝ ටික ගේම් එකට එන්න තමයි මේ සූදානම් වෙන්නේ.. ඉතින් පහුගිය සීසන් එකෙන් නතර වෙන්න තිබුණු මේ කතා මාලාව පහුගිය කතා සමය ලබාගත් ධනාත්මක ප්‍රතිචාර නසා මේ සීසන් එක දක්වාද දීර්ග කරනු ලැබූව. ඒ වගේම 7 වන සීසන් එකක් ගැනත් ආරංචි වනවා.
ඉතින් මාත් වැඩිය කියවන්න යන්නේ නැහැ වෙනදා වගේ. පොඩි පොඩි කරුණු කිහිපයක් සඳහන් කරලා නවතින්නම්…. තාමත් Avengers: End Game නොබලපු කෙනෙක් ඉන්නවනම් කියවන්නෙ නැතුව ඉන්න, ඒත් ලොකු ස්පොයිල් එකක් නම් ලිපියෙ අඩංගු නැහැ.
පහුගිය කතා සමය වෙන් වෙලා තිබුනේ ටයිම් ට්‍රැවල් සහ ලෝක විනාශයක් වටා.. ඉතින් අපි මේ ටයිම් ට්‍රැවල් සිදුවීම පැහැදිලි කරනු ලැබුවේ අප මෙතෙක් දන්නා සංකල්ප අනුවයි… එනම් කොල්සන් ඇතුළු පිරිස අනාගතේට ගිහින් ලෝක විනාශය දකිනවා.. ආපහු වර්තමානෙට ඇවිත් ඒ වෙන්න ගිය සිදුවීම වළක්වනවා. ඉතින් මේ අපි හිතන් හිටි විදිය ඇවෙන්ජර් එන්ඩ්ගේම් හරහා සම්පූර්ණම වෙනස් කර දමනවා.. mcu එකටම මේ කතා මාලාව අයත් නිසා අවෙන්ජර් හරහා හඳුන්වා දුන් ටයිම් ට්‍රැවල් තියරිය අපට මේ කතාවටද අදාල කරගන්න සිදු වනවා.
අපි උදාහරණයක් විදියට පොදු විද්‍යාඥ මතයක් බලමු. Time Travel Paradox ගැන පැහැදිලි වෙන එකක් තමා Grand Father Paradox එක කියන්නෙ. ඒ කියන්නෙ මෙහෙම දෙයක්. හිතන්න ඔයාලා කාලය හරහා ආපස්සට ගිහිල්ලා ඔයාගෙ සීයව මරනවා. එහෙම මැරුවම ඔයාගෙ තාත්තා ඉපදෙන්නෙත් නෑ. ඔයා ඉපදෙන්නෙත් නෑ. එහෙනම් කවුද කාලය හරහා ඇවිත් සීයාව මැරුවේ? මේ වගේ උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩකට අපි කාල තරණයේදී මුහුණ දෙනවා. ඒ වගේ තවත් එකක් තමා කාලය හරහා යන ස්කොට් ආපහු පොඩි එකෙක් විදියට එන එක. ටෝනි මේකට කියන්නෙ EPR Paradox එක කියලනේ. ඒක නිවැරදි වෙන විදියට ටෝනි කාල අභ්‍යවකාශයේ නිශ්චිත තැනට යන්න පුලුවන් වෙන විදියට එකක් හදනවා.
ඊලඟට අනිත් දේ තමා හල්ක් කියපු දේ. ඒක තමයි ඔයා ඔයාගෙ අතීතෙ වෙනස් කලාට ඔයාගෙ වර්තමානය වෙනස් වෙන්නෙ නෑ කියන එක. ඒකත් කාල තරණය සම්බන්ද ගොඩක් ප්‍රසිද්ද මතයක්. මේක ඉදිරිපත් කලේ David Deutsch කියන විද්‍යාඥයා. එයා කියන්නෙ මෙහෙම දෙයක්. ඔයා කාලය හරහා ගිහින් ඔයාගෙ අතීතේ දෙයක් වෙනස් කළොත් ඒක ඔයාගේ වර්තමානයට බලපාන්නෙ නෑ. ඒ කියන්නෙ Multi verse එක ගැන. හරි, ඒකත් අපි කලින් සිදුවීමෙන්ම පැහැදිලි කර ගමු. ඔන්න ඔයා කාල හරහා ගිහින් ඔයාගෙ සීයව මරනවා. එහෙමයි කියලා ඔයාගෙ තාත්තා නැතිවෙන්නෙවත් ඔයා නැතිවෙන්නෙවත් නෑ. ඒත් ඔයා සීයව මරපු වෙලාවෙ ඉඳන් අලුත් සමාන්තර කාල රේඛාවක් හැදෙනවා සීයවත්, ඔයාගෙ තාත්තවත්, ඔයාවත් නැති. අන්න ඒකයි මේකෙන් කියවෙන්නේ. ඒ අතර එක්කෙනෙක් යෝජනාවක් දානවනේ තෑනොස් බබා කාලෙදි මරමු කියලා. එතකොට තමයි හල්ක් මේක පැහැදිලි කරලා දෙන්නේ. ඔයා බබා තෑනොස්ව මැරුවොත් තැනොස් නැති කාල රේඛාවක් අලුතින් හැදෙනවා මිසක් දැනට තියෙන කාල රේඛාවට මුකුත් වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නේ ප්‍රධාන time line එක නොවෙනස්වන දෙයක්, ඒ නිසා කාල තරණය කරලා ඒකෙ වෙනස්කමක් කරන්න හැදුවාම වෙනමම time line එකක් නිර්මාණය වෙනවා කියන එක. මෙන්න මේ සිද්ධාන්තෙ තමා End Game එකේදි භාවිතා වෙන්නේ. මතක තියා ගන්න මේ එක Time Travel Paradox අදහසක් විතරයි. මේ වගේ අදහස් ඕන තරම් කියලා තියෙනවා. මේ නොයෙක් අදහස් වලින් Russo Brothers ලා තෝර ගෙන තියෙන්නේ Multi verse කියන සංකල්පේ. මොකද ඒකෙන් ලොකු කතාවක් නිර්මාණය කරගන්න පුලුවන් නිසා වෙන්න ඇති.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| HDTV | x264 | 480p | 150MB |
| HDTV | x264 | SVA | 240MB |
| HDTV | x264 | 720p | 800MB |
| HDTV | x265 | 720p | 175MB | HEVC |