පහුගිය කොටස මතකනම් ඒ කොටස සම්පූර්ණයෙන් ම වගේ දිගහැරුණෙ අයිවන් හෙස්ගෙ ( මීනගෙ තාත්ත) මනස ඇතුළෙ.. නේතන් බෝවන්ට (ටැන්ඩිගෙ තාත්ත) මරණය ගෙනාපු අටල්ලෙ (රිග්) සිදුවුණු පිපිරීම නිසා අයිවන් ඉන්නෙ තමන්ගෙම මනස ඇතුළෙ හිර වෙලා.. ටැන්ඩි, ටයිරොන් දෙන්න අයිවන්ගෙ මනසට ඇතුළු වුණාම අටල්ලෙ පිපිරීම පිළිබඳ බොහෝ විස්තර හෙළි වෙනව.. රොක්සන් සමාගම ලෝකෙට හෙළි නොකරපු ඇත්ත තමයි අටල්ලෙ පිපිරීමට කලින් මිනිස්සු ලේ පිපාසිත මෘගයන් බවට පත්වෙලා එකිනෙකා මරාගත්ත කියන එක. ඒකට හේතුව වුණේ අධික භීතිය නිසා හටගත්ත මානසික ව්‍යාධියක්.. කොහොමහරි මේ විස්තරය නැවත නැවත අයිවන්ගෙ මනස ඇතුළෙ සිදු වෙනව. ඒක වලක්වන්න ක්‍රමයක් තිබුණත් අයිවන්ට මතක නැහැ එයාගෙ අතීත කාරණා.. කොහොමහරි ටැන්ඩි අර නේතන්ගෙන් ආපු කෝල් එකට උත්තර දීපු වෙලාවෙ ඉඳල එයාගෙත් මනස විකාර වෙනව.. එතනදි ටැන්ඩිව ගලවගන්න ටයිරොන් පොඩි උපායක් යොදනව.. ඒ තමයි ටැන්ඩි සහ නේතන් පමණක් දන්න දෙයක් ෆෝන් එකෙන් කතා කරන කෙනාගෙන් අහන්න කියන එක. මොකද ෆෝන් එකෙන් කතා කරන්නෙත් අයිවන්ගෙ මනසෙ ඉතුරුවුණු මතකයක්. ඒ නිසා ටැන්ඩිගෙ විස්තර අයිවන් දන්නෙ නෑනෙ. ටයිරොන්ගෙ සැලැස්ම නිසා ටැන්ඩි ඒකෙන් බේරෙනව. ටැන්ඩි ඒ ක්රමයම අයිවන් වෙනුවෙනුත් පාවිච්චි කරනව. ඒ තමයි අර බිස්කට් එකේ “කරඳමුංගු” කතාව. මතකයිනෙ ඒ සිද්ධිය. ඒකෙන් අයිවන්ට පුළුවන් වෙනව තමන්ගෙ මනසෙන් නිදහස් වෙන්න. ඒක ටැන්ඩිට සුබ කරුණක් වෙන්නෙ, එයාට අටල්ලෙ පිපිරීම ගැන හරියටම විස්තර දන්න සාක්ෂිකරුවෙක් ලැබුණු නිසා….අද කොටසින්.
අද කොටස යුක්තිය වෙනුවෙන් වෙන්වුණු කොටසක්.. අටල්ලෙ පිපිරීම වෙලා අවුරුදු අටකට පස්සෙ අද ටැන්ඩිල ඒක අනුස්මරණය කරනව. හැබැයි ඊට කලින් හොඳ වැඩ ටිකක් වෙනව. ටයිරොන්, ඔ’රයිලි එක්ක එක්තුවෙලා කෝනර්ස් අල්ල ගන්න හොඳ ප්ලෑන් එකක් ගහනව. ඒක මොකද්ද කියල දැන්ගන්න ඔයාලටම ඉඩ දෙන්නම්. නිළ වශයෙන් නොවුණත් ටයිරොන් මෙතනදි එයාටම කියල අන්ධකාර කබායක් පාවිච්චි කරනව. කලින් කොටස් මතකනම් ඒක බිලී බාගෙට හදල තිබුණු, ටයිරොන් සම්පූර්ණ කරපු කබාය. ඒක නිළ කබාය වේවිද නම් දන්නෙ නෑ. සැලැස්ම වැඩ කරාවිද? ඔක්කොම අනාගනීවිද? මේ අතර ටැන්ඩිට අයිවන්ගෙන් ලොකු සහයක් ලැබෙනව රොක්සන් සමාගමට විරුද්ධව ප්‍රබල සාක්ෂි හොයා ගන්න. ඒ තමයි අටල්ලේ අනාරක්ෂිත පැතිකඩ ගැන නේතන් ලියපු ලියකියවිලි වගයක්. ඒව ටැන්ඩි හොයාගෙන රොක්සන් සමාගමට විරුද්ධව පාවිච්චි කරන්න හදනව. හැබැයි රොක්සන් අයිතිකාරය කියනව සල්ලි ඉල්ලන තරමක් දෙන්නම් කේස් එකේ ලියකියවිලි එයාගෙ අතට දෙන්න කියල. ටැන්ඩි සල්ලි ගනීවිද? තාත්තගෙ නම පිරිසිදු කරන්න රොක්සන් සමාගමට විරුද්ධව යාවිද? කොහොම නමුත් ටැන්ඩිගෙ තීරණය වෙනස් වෙන තීරණාත්මක කාරණාවක් එළි වෙනව. ඒකෙන් ටැන්ඩි කරන්න හිටපු දේ නෙවෙයි අවසාන මොහොත කරන්නෙ. ඒ මොකද්ද? ඔයාලම හොයාගන්න. අවසාන වශයෙන් දෙයක් කියන්න ඕනෙ.. අද කතාව අවසාන වෙන්නෙ අවසාන මිනිත්තුවේදි, නොහිතපු විදියෙ අවාසනාවන්ත ඝාතනයකින්.
ලිපිය ලබා දීම වෙනුවෙන් උදයංග සම්පත් හතරසිංහ සහෝට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි….
Torrents Download
| WEBRip | x264 | PBS | 341MB |
457250D7BC84C6D0DE9CD808320EE67FB7A5F20F
2 thoughts on “Marvel’s Cloak & Dagger [S01 : E08] | ලබැඳියන්ගේ අනුස්මරණ දිනය….”
EP 9 නැද්ද
EP 9 නැද්ද