MENU

Marvels Luke Cage [S02 : E01] | ලොවක් හදුනන වීරයා…

කාර්ල් ලූකස් නොහොත් සීගේට් වල පරීක්ෂණයට ලක් වෙලා පසුකාලිකව ලූක් කේජ් එහෙම නැත්තම් වෙඩි නොවදින කළු ජාතිකයාගේ කතාවේ හොද ඔරිජින් එකකින්ම පහුගිය කතාසමයෙන් දැකගන්න ලැබුණා. මං දන්නවා හුග දෙනෙක් මේ කතාවට ආස නැත්තේ මේකේ තියෙන නාට්‍යමය ගතියයි, භාෂාව නිසයි කියලා. ඒත් ඉතින් කොමික් රසිකයෙක් නම් ඔය කිසිම කාරණාවක් ආදාල වෙන්න විදිහක් නැහැ. 2016 සැප්තැම්බර් 30 වැනිදා ප්‍රථම වතාවට තමන්ගේම කියලා කතාමලාවකින් ප්‍රේක්ෂකයා අතරට ආව ලූක් කේජ් කතාමලාවට මේ චෙද්දී සම්මාන හතරකුත් ලැබිලා තියෙන්නේ කියලා කිව්වොත් විශ්වාස කරනවද?

  • BET 2017 සම්මාන උළෙලහි හොදම නළුවා සම්මානය ලැබුනේ ලූක් කේජ් මුල් කතාසමයේ ඩයමන්බැක්ට රංගනයෙන් දායක වූ Mahershala Ali නම් රංගධරයා හටයි.
  • Saturn Awards 2017 සම්මාන උළෙලහි හොදම නව රුපවාහිනී ටෙලිකතාමාලා මාධ්‍ය යටතේ ලූක් කේජ් කතාමලාව සදහා සම්මානය දිනාගත්තා.
  • Black Reel Awards for Television 2017 සම්මාන උළෙලහි විශිෂ්ට නාට්‍ය රචක කතාමලාවට යටතේද,
  • විශිෂ්ට නාට්‍යමය කතාමලාවන් යාටතේ හොදම ආරාධිත රංගනය වෙනුවෙන් නැවත වතාවක් Mahershala Ali සම්මානය දිනාගත්තා.
  • Primetime Creative Arts Emmy Awards 2017 සම්මාන උළෙලහිහොදම නාට්‍යමය ස්ටන්ට්, සීමිත යටතේ James Lew ඇමරිකානු රංගධරයා සම්මානය දිනාගත්තා.

මේ සම්මාන පහ ඇතුළුව, තවත් සම්මාන උළෙලවල්වල නාම යෝජනා 19 කටම හිමිකම් කියන්න මේ මුල් කතාසමයට හැකිවුනා. ඉන් අනතුරුව ලූක් කේජ් කියන චරිතය නැවත වතාවක් අපිට දැකගන්න ලැබුණේ මාවල් නෙට්ෆ්ලික්ස් මීලග වෙළුම හැටියට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කල ඩෙයාඩෙවිල්, ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ් වගේම අයන් ෆිස්ට් යන හතර දෙනාගේ එකතුවෙන් නිර්මාණය වූ The Defenders ආරම්භයත් සමගමයි. අවසානාවට මෙහි දෙවැනි කතාසමයකට යන එක ගැන තාමත් මෙහි නිෂ්පාදකවරුන් තීරණය කරලා නැහැ.

ලූක් කේජ් කියන්නේ කවුද කියන එක මේ වෙද්දී මුළු ලෝකයම දන්නවා. ඒ විතරක් නෙවෙයි එයා වෙනුවෙන් හාර්ලම් හීරෝ ඇප් කියලා මොබයිල් ඇප්ලිකේෂන් එකක් පවා මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙන් පුලුවන් එයා යන තැන් ගැන ලේසියෙන්ම හොයාගන්න. ඩිෆෙන්ඩර්ස් අටවැනි කොටසේ එක්තරා සටනකදී ක්ලෙයර්ව වගේම කොලීන්ව බේරගන්න ගිය පරීක්ෂක මිස්ටි නයිට්ගේ දකුණු අත කඩු පහරකින් උඩින්ම වෙන් වෙලා ගියා මතක ඇතිනේ නේද?! ඉතින් දැන් එයාගේ අත නැති නිසා එයාට එයාගේ රස්සාවත් නැතිවෙලා පැන්ෂන් එකකින් ගෙදරට වෙලා ජීවත් වෙන කෙනෙක් හැටියටයි ඉන්න වෙලා තියෙන්නේ. මේ හින්දම එයා අල්ලලා ඇතුලට දාපු මැරයෝ, අම්න්කොල්ලකාරයො සෑහෙන දෙනෙක් ලොකු තැන්වල ඉන්න මිනිස්සුන්ගේ මාර්ගයෙන් නිදහස් වෙලා. ලූක් කේජ් තාමත් තනියෙන් අපරාධකාරයින් අල්ලන රැකවලනයෙක් හැටියට කටයුතු කරන් යනවා. දැන් කතාව විකාශය වෙලා සෑහෙන කල් නිසා මං වැඩිය ලිපියෙ කියවන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.

ප : ලි : දැන් ඔයාල බලනවා ඇති ඇයි මේ ලූක් කේජ් දෙවැනි කතාසමය විකාශය වෙලා මාසයයි දවස් ගානකුයි වෙලා තියෙද්දී, අයන් ෆිස්ට් දෙවැනි කතාසමය විකාශය වෙච්ච අස්සෙ ඇයි මේ ලූක් කේජ් එකක් දෙන්න ගත්තෙ කියලා. අවංකවම යම් යම් හේතු නිසා ලූක් කේජ් දෙවැනි කතාසමයට උපසිරසි ගන්වන එක අපේ අඩවියෙන් නවත්තලා දාලා තිබුනේ. (දැන් ඇයි කියලා අහන්න එපා. එක හේතුවක් දැනගන්න කැමති නම් මුල් කතාසමයේ පෝස්ට් ටික පොඩ්ඩක් බලන්න) ඉතින් එහෙම නවත්තලා දාලා තිබුණු මේ සීරිස් එකේ දෙවැනි කතාසමය කරලා දාන්න ඕන අදහසක් මගේ කරුමෙට පහල උන නිසා තමයි කට්ටිය කිහිප දෙනෙක් එකතු කරන් මේක ඔන්න ඔහේ ගොඩදාන්න ඕන කියලා හිතුනේ. අපේ ඉලක්කය උනේ කොහොමත් අයන් ෆිස්ට් දෙවැනි කතාසමය එන දාට මේකේ වැඩ අවසන් කරන්නයි. එහෙම හිතාගත්ත දෙයක් තමයි අද මේ වෙද්දී ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙත්. මේක මේ වෙද්දී බලපු අයත් ඇති. නොබලපු අයත් ඇති. බලපු අයට තරහ ගිහිල්ලත් ඇති. ඒත් ඉතින් ඒවට නම් කරන්න දෙයක් නැහැ. ඒ වගේ අය අපිට කරන උදව්වක් හැටියට මේක නොබලපු අයට පාඩුවේ බලන්න දීලා, මෝඩ අදහස් ප්‍රකාශ කරන එකෙන් වැලකිලා හිටියා නම් හොදටෝම ඇති. එහෙනම් ඉතින් දවසට එක ගානේ මේ කතාවත් බලන්න ලැස්ති වෙන්නකො!!

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 3.8GB | Complete S01 |

 Direct Download

| WEB-DL | x264 | 480p | 180MB |

| WEB-DL | x265 | 720p | 280MB |

| WEB-DL | x264 | 720p | 4.8GB | Complete S01 |

| WEB-DL | x265 | 720p | 3.8GB | Complete S01 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *