MENU

Marvels Runaways [S01 : E02] | ආයෙමත් මුලටම..

මුල් කොටසේ සිදුවීම් ටික ගලාගෙන ගිය විදිහ නම් තේරුණාද මන්දා?! කතාව පටන් ගත්තෙම කවුදෝ මන්දා ගෑනු ලමයෙක්ට පිරිමි දෙන්නෙක් එකතු වෙලා කරදර කරන්න යද්දී එක්තරා පල්ලියක නමක් සදහන් වුනු වෑන් රථයකින් ආව ගෑනු දෙන්නෙක් ඇවිල්ලා අර මිනිස්සු දෙන්නාගෙන් ඒ ගෑනු ලමයව බේරගෙන එයාවත් ඒ වෑන් එකට දාගෙන එක්කගෙන ගියපු එකනේ. ඒ ආරාධනාවම හරිම ත්‍රාසජනකයි කියලා බලපු අයට නම් තේරෙන්න ඕන. ඇලෙක්ස්ට ඕන වුණේ එයාගේ යාලුවෝ ටික ආයෙමත් එයාගේ ගෙදරට එකතු කරගන්න. ඒකම තමයි මුල් කොටසේ පරමාර්ථය වෙලා තිබුණේ. ඒ නිසයි මුල් කොටසට “Reunion” කියලා නමක් පවා පාවිච්චි කරලා තිබුණේ. නිකෝගේ සහෝදරිය වෙච්චි ඒමිගේ මරණයෙන් පස්සේ තමයි මේ ළමයි ටික එයාලගේ පවුල්වල දෙමව්පියන්ගේ බලපෑම් නිසා වෙන් කරලා තියෙන්නේ. එහෙම ඉදලා සෑහෙන කාලයක් ගත වුන නිසාම තමයි ඇලෙක්ස් ගිහිල්ලා හැමෝටම වගේ ආරාධනාවක් කලේ. ඒත්  ඒ ආරාධනාව කලත් ඒ අය කැමති වුනේ නම් නැහැ. අපිට මොලීගෙන් අමුතුම දෙයක් දැකගන්න පුලුවන් වුනා. පුදුමාකාර විදිහේ බලයක්. මේ අතරෙම ආයෙමත් වතාවක් අර මුලදී අකරතැබ්බයක් වෙන්න ගිහිල්ලා බේරුණු කෙල්ල ඩේස්ටිනිව මුණගැහෙනවා කැරොලිනාට. ඇලෙක්ස් ආරාධනා කරලා තිබුනත් කිසිම කෙනෙක් එයාගේ ගෙදරට ආවේ නැහැ. ඒ වෙනුවට කට්ටිය තම තමන්ගේ වැඩ වලට වැටිලා හිටියේ. මොලී ගෙදර තිබුණු වාහනේ එයාගේ බලයන් පාවිච්චි කරලා තල්ලු කරලා එතනම නින්ද ගිහිල්ලා. ඇත්තටම ඒ එයාගේ හැටි. එයා එයාගේ බලය පාවිච්චි කලාට පස්සේ කොහෙට හරි වැටිලා එයාට නින්ද යනවා.චේස්ගේ ස්පාඥ භාෂාව හුරු කරන්න උදව් කරන්නම් කියලා පොරොන්දු වුනු ගර්ට් චේස් එනකන් මග බලන් හිටියා. ඒත් චේස් නම් ආවේ නැහැ මොකද එයා එයාගේ යාලුවන්ගේ පෙරැත්ත නිසාම සාදයකට ගියා. මෙතනට කැරොලිනා පවා ආවා.එතනදී කැරොලිනා මත්ද්‍රව්‍යයක් අරගත්තා. මේ නිසාම එයාට අමුත්තකුත් දැනිලා එයාව දිලිසෙන්නත් අරගෙන එක පාරටම ඇදන් වැටුනා. එතකොට තමයි චේස්ගේ යාලුවෝ ටික එකතු වෙලා කැරොලිනාට අතවර කරන්න යද්දී චේස් එයාගේ යාළුවන්ටත් ගහලා කැරොලිනාව බේරාගත්තේ.

හැමෝම තම තමන්ගේ වැඩ වලට ගිහින් කරදර ඇතිවෙලා ඉන්න අතරේ නොහිතපු විදිහට ඇලෙක්ස්ගේ ගෙදරට එයාගේ යාලුවෝ ටික චේස්, කැරොලිනා, නීකො, ගර්ට්, මොලී මේ හතර දෙනාම ආවේ. මේ අතරේ මේ අයගේ අම්මලා තාත්තලා හවුලේ පවත්වාගෙන යන ප්‍රයිඩ් සංවිධානයේ රැස්වීමත් ඇලෙක්ස්ගේ ගෙදර පවත්වමින් තිබුණේ. පිට අය දන්න විදිහට නම් මේ ප්‍රයිඩ් කියන්නේ පුණ්‍යමය කටයුතු කරන හොද සංවිධානයක්. යාලුවෝ ටික එකට එක ගෙදරට එකතු වුනාට ඒමි නැති අඩුව නිසා මේ අය නිකන් කරකවලා අත හැරලා දාලා වගේ. මොකක්ද කරන්න ඕන, මොනාද කතා කරන්න ඕන ඔය කිසිම දෙයක් නොතේරන අය වගේ හැසිරුණේ. ඊටපස්සේ තමයි කට්ටිය අමුත්තන්ගේ ගෙදර ඉදලා එතන ඉදන් කෙලින්ම තිබුණු ඇලෙක්ස්ගේ තාත්තාගේ කාර්‍යාලයට ගියේ. මෙතනදී ඇලෙක්ස්ගේ අතින් වැරදිලා දොරක් ඇරෙන්නේ අඩුම තරමේ එයාවත් දැනගෙන හිටියේ නැති. මේක කෙලින්ම යන්නේ මෙයාගේ ගෙදර පහලට.ඒක යට තියෙන අබිරහස් ස්ථානයට උඩින් තමයි ඇලෙක්ස්ලගේ ගෙදර හදලා තියෙන්නේ. මේ අය පහලට ගියාම තමයි දැක්කේ මේ පස් දෙනාගේ අම්මලා තාත්තලා රතු පාටට හුරු ඇදුම් ඇදගෙන කෙල්ලෙක්ව පිටසක්වල ජීවින්ගේ යානයක් (පෝඩ්) වගේ එකකට බලෙන්ම වගේ දානවා දැක්කේ. ඒත් මොලී එයාගේ ෆෝන් එක අරගෙන පින්තුරක් ගද්දි ෆෝන් එකේ තිබුණු ෆ්ලෑෂ් ලයිට් එක පහලට වැටිලා පහල හිටිය එයාලගේ දෙමව්පියෝ දැනගත්තා කවුරුහරි කෙනෙක් එයාල කරන වැඩේ බලාගෙන හිටියා කියලා. මේ දේවල් වෙද්දී මේ තරුණ ලමයි පස්දෙනා හොදාකාරවම දැක්කා අර පෝඩ් එක ඇතුලට දැම්ම ගෑනු ළමයා ඇතුලට ගියා මිසක් ආයේ එලියට ආවේ නැහැ කියලා. ඒ වගේම ඒ ගෑනු ලමයව මේ පස්දෙනාගෙන් කෙනෙක් හොදටම අදුරනවා.

මුල් කොටසේ මේ හැම සිදුවීමක්ම එකක් නෑර ඔහේ ගලාගෙන යන්න වගේ ගියාට පෙන්නුවේ නැහැනේ අර පෝඩ් එක (ඇත්තටම මේක පෝඩ් එකක් නෙවෙයි. අමුතු විදිහේ දිලිසෙන බදුනක් වගේ එකක්නෙ) ඇතුලට දැම්ම ගෑනු ළමයා කවුද කියලා. හැබැයි එතන හිටියේ ඩේස්ටිනි නොහොත් කතාව මුලදීම කට්ටියක් ඇවිත් පල්ලියට අරගෙන ගිය කෙල්ල කියල මේ තරුණ කණ්ඩායමේ ඉන්න කැරොලිනා අදුරගන්නවා. මෙතනින් පස්සේ තමයි මේ අය සැක කරන්න පටන් ගන්නේ එයාලගේ දෙමව්පියෝ අර ලමයව මරලා දාලා බිල්ලක් දුන්නාදෝ කියලා. ඉතින් තමන්ගේ දෙමබ්පියන්ට සැක නොහිතෙන විදිහට මේ තරුණ කණ්ඩායමේ වෑයම වෙන්නේ එදා ඇත්තටම මොකක්ද වුණේ කියලා දැනගන්න. ඇත්තටම ප්‍රයිඩ් කියන්නේ හොද සංවිධානයක් නෙවෙයි කියලා මේ අය තාමත් දන්නේ නැහැ. එතකොට අර දිලිසෙන පෝඩ් එක ඇතුලට දාන්න කලින් චාරිත්‍රයක් හැටියට මත්ද්‍රව්‍යයක් බොන්න දීලා අත පය නැති කරවන හැටි, ඔය වගේ මුල් කොටසින් දකින්න ලැබුනේ නැති සිදුවීම් ගනනාවක් මේ කොටසින් ඔයාලට අද බලාගන්න පුලුවන් වේවි. මොකද වෙන්නේ කියලා බලාගන්න මං ඔයාලට බාර දෙන්නම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 252MB |    

e30fa1f2d577933e31e12bd1c8fadbc1528cad8e

| WEBRip | x264 | TBS | 788MB |    

63ebe97ea707db6b10f4963b5b3e08810e369c9d

Direct Download

WEBRip | x264 | 480p | 154MB |  

   

| WEBRip | x264 | TBS | 252MB |

      

| WEBRip | x264 | TBS | 788MB |

      

| WEBRip | x265 | 720p | 221MB | PSA

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *