MENU

Marvels Runaways [S01 : E04]| සියල්ලන්ගේ රහස් එළියට!

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා හතරවන කොටස. හරි එහෙනම් කලින් කොටස් බලලා ඔයාලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඒ නිසා මං කෙටියෙන් විස්තර කිරීමක් කරන්නම්කො..

කලින් වෙච්ච ග්‍රිබෝරීම් උත්සවය දැක්කට පස්සේ ළමයි ටික හැමෝම කලබල වෙලා ඉන්නේ. සමහරුනම් හොදටම බය වෙලා ඉන්නේ. කැරොලිනා සහ ගර්ට් අරුණු කොට අනිත් හැමෝම වගේ තම තමන්ගේ දෙමව්පියන් ගැන දැඩි ලෙස සැකයක් උපදවාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කස්ටිය හදන්නේ එකතුවෙලා මේකේ සුලමුලක් හොයාගන්න කියලා හැමෝම දන්නවනේ.

මේ කොටසේදී කැරොලිනා සහ ගර්ට් එකතුවෙලා තම දෙමව්පියන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂි හොයනවා. ඒ කැරොලිනාගේ නිවසෙන්. ඉතින් මෙයාලට මෙතැනදී හම්බවෙන ලෙස්ලිගේ, ඒ කියන්නේ කැරොලිනාගේ අම්මගේ ලැප්ටොප් එකෙහි තියෙනවා කේතනය කරන ලද අල්ට්‍රා නම් ලිපිගොනුවක්. ඉතින් මෙයාලගේ අදහස මේක ඇලෙක්ස්ට කියලා විකේතනය කරවගන්න තමයි ඔන්න.මේ අතරෙදි ප්‍රයිඩ් එකටත් තව දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ඒ තමයි තව බිල්ලක් අවශ්‍ය වීම. නමුත් දැන් දේවස්ථානයෙන් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න ක්‍රමයකුත් නැති නිසා මෙයාලගේ කල්පනාවෙන් පාරෙන් කෙනෙක්ව අල්ලාගෙන එන්න තමයි. ඔය අතරේම ගර්ට්ගේ අම්මයි තාත්තයි අර පැනලා ගිය ඩයිනසෝර්ව හොයාගෙන යනවා.

එහෙමනම් මෙතකින් මේ කතාමාලාව වෙනුවෙන් මගේ දායකත්වය අහවරයි. ඊලග කොටස ඔයාලට වෙනත් උපසිරසිකරුවෙක් රැගෙන එයි. යලිත් ඉක්මනින් උපසිරසියක් සමගින් මුණගැහෙන අපේක්ෂාවෙන් මා සමුගන්නවා.. ඔබ සැමට ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 257MB |    

8D64661D21491D08E6EF01128AEC46370D2BD26D

Direct Download

WEBRip | x264 | 480p | 167MB |  

   

| WEBRip | x265 | 720p | 161MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Marvels Runaways [S01 : E04]| සියල්ලන්ගේ රහස් එළියට!

  • ඔක්කොම තියෙන්නේ drop apk කියන එක යූසර්ඩඩ්‍රයිව් නෑනේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *