MENU

Marvels Runaways [S01 : E10] | ඔබ නොදත් කතාව, පලයාම හා අවසානය..

නවවැනි කොටස මතක් කරලා ඉන්නවනම් ඒ කොටස ආරම්භ වුනේ මොලී එයාගේ අම්මයි තාත්තයි එක්ක ලැබ් එකේ පරීක්ෂණ කර කර ඉන්නකොට පිපිරීමක් වෙලා හැමදේම විනාශ වෙලා මොලී විතරක් ඉතුරුවෙන සිදුවීම් සියල්ල එක්කමයි. මේක කරපු කෙනාවත් පෙන්නුවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලෙස්ලි. ඒ විනාශේ කරලා ඉවර වෙලා මේ ගැන  ටීනාව පවා දැනුවත් කලා. එතකොට මෙච්චර කාලයක් මේ මරණෙ ගැන ලෙස්ලියි ටීනායි දැනගෙන ඉදලා තියෙනවා. ඒ කියන්නේ අනික් දෙමව්පියන් පවා මේ ගැන දන්නවා කියන එකද? කියන්න බැහැ ඉතින් ප්‍රයිඩ් එකේ වැඩ කරන්නේ සුපිරි දුෂ්ටයෝ මිසක් හොද අය නෙවෙයිනේ. ඒත් ඉතින් එහෙම්ම කියන්න බැහැ නේද? මේ අතරෙම මොලීව නවත්තලා ආපු තැන හිටිය කෙනා උදේ මොලී නැහැයි කියලා දැනගත්තම හොයාගන්නත් ගත්තා. මේ අතරෙම තමයි චේස්ට දැනගන්න ලැබෙන්නේ එයාගේ තාත්තට වෙඩි වැදුණු නිසා එයා තවමත් සුව වෙමින් ඉන්නවා වගේම එයාව දැනට චේස්ටවත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. මේ ගැන එයාගේ අම්මා ජැනට් මාධ්‍යට පවා ප්‍රකාශයක් කරලා කිව්වා. විශේෂයෙන්ම එයා සදහන් කරපු දෙයක් තමයි ස්ට්‍යින් ප්‍රතිකාර ලබන නිසා මහජන ජිවිතයෙන් සමුගන්නවා කියලා. එතනින් පස්සේ චේස් එයාගේ අම්මා එක්ක ඇති වුනු කතාබහකදී තමයි එයාට දැනගන්න ලැබුනේ එයාගේ තාත්තා ප්‍රතිකාර ලබන්නේ ජෝනා ලග කියලා. මේ අතරෙම අර ඉදිකිරීම් කරන තැන, ඔව් අර ප්‍රයිඩ් එකෙන් ඉස්කෝලයක් ඉදිකරනවා කියන තැන අමුතුම දෙයක් පටන් ගත්තා එහෙම නැත්තම් ප්‍රයිඩ් එකේ ඊලග පිවරට ගියා. රොකට්ටුවක උසකට සමාන යන්ත්‍රයකින් ලොකු, ගැඹුරු වලක් හාරන්න පටන් ගත්තා. ජොෆ්රි එක්ක එකට ඉස්සර ඉදන් වැඩ කරලා පස්සේ එයාව පාවලා දීලා ප්‍රයිඩ් එකත් එක්ක ඉහලට ගියපු නිසා පැත්තකට කරපු ජොෆ්රිගේ හිතවතා මතක ඇතිනේ ඩේරිස් ඩේවිස්. ඩේරිස්ව පැත්තකට කරපු නිසා මේ දෙන්නා අතරේ පලහිලව්වක් පවා දෙවැනි කොටසේ ඉදන් පටන් ගත්තෙ. පස්සේ ඒක කෙළවර වුනේ ඩේරිස් ඇලෙක්ස්වත් පැහැරගෙන ගිහිල්ලා, එහෙම කලා කියලා එයාට මුකුත් ලැබුනේ නැහැ අන්ත පරාජයක් ලබුනා මිසක්. ඉතින් ප්‍රයිඩ් එකේ මේ මහා ඉදිකිරිම කරන අලුත් පියවර වෙද්දී ඩේරිස් එයාගේ කෙනෙක් දම්මලා ඔත්තු හොයන්නත් අමතක කරලා තිබුණේ නැහැ. එහෙම කලා කියලවත් ඒ මනුස්සයට වැඩි දෙයක් හොයාගන්න බැරි වුනා.
 
හොදම හරිය තිබුණේ මොලීට එයාගේ අම්මයි තාත්තයි ඉතිරි කරපු ටේප් එක. ඒ ටේප් එකේ මේ අයට වැදගත් වෙන විදිහේ බොහොමයක් දේවල් තිබුනා. ප්‍රධානම කාරණේ තමයි මේ අය කිව්ව නගරේ පහල මොකක්දෝ යමක් තියෙනවා කියන විශ්වාසය. අනික් කාරණේ තමයි මේ දෙන්නත් ප්‍රයිඩ් එක්ක එකතු වෙලා හිටියා වගේම මේක මනුෂ්‍ය වර්ගයාට හොද සංවිධානයක් නෙවෙයි කියන කාරණේ. වර්තමාන ප්‍රයිඩ් සංවිධානයේ දෙමව්පියන් පවා මේ සංවිධානය ඇතුලේ ඉන්නේ වැඩි හිතේ කැමැත්තකින් නෙවෙයි කියලා කතාව බලපු ඔයාලට තේරෙන්න ඇති. ඒත් මේ මොලීගේ අම්මයි තාත්තයි උත්සහ කරලා තියෙනවා ප්‍රයිඩ් එකෙන් කරන්න ලැස්ති වුන විනාශය නවත්තන්න. ඒකෙ අතුරුඵලයක් හැටියට තමයි මේ දෙන්නට මැරිලා යන්නත් සිද්දවුණේ. එතකොටම තමයි අපේ මේ තරුණයෝ ටිකට කල්පනා වෙන්න ගත්තේ මේ අය මුල ඉදලම කරලා තියෙන්නේ ලෝකෙම විනාශ කරලා දානවා හා සමාන දේකට අර ඇදීමක් කියලා. පස්සේ මේ අය ගෙවල් වලට බොරු කියලා සාදයකට යන මුවාවෙන් අර ඉදිකිරීම් කරන තැනට ගිහිල්ලා හාරපු ලොකු වල ඇතුලට ලොකු වාහනයකුත් දාලා, පාලක පුවරු විනාශ කරලා දාලා නීකොගේ පාරම්පරික යෂ්ටිය පාවිච්චි කරලා ඒ සිදුර වහලා දාන්න යද්දී මේ අයගේ දෙමව්පියන් ඇවිල්ලා වැඩේ කඩාකප්පල් කරලා දානවා. තරුණයෝ කණ්ඩායම එකට එකතු වෙලා මේ අයට විරුද්ධ වෙන්න යද්දී ජෝනා ඇවිල්ලා තරුණයෝ හැම කෙනාටම පහර දුන්නා. ජෝනාට වගේම ලෙස්ලිටත් විරුද්ධ වුන ෆ්‍රෑන්ක් පවා ජෝනා එක්ක එකතු වෙලා ඉන්නේ. මේ පස්දෙනාගෙන්ම වැඩි බලයක් තියෙන්නේ කැරොලිනාට නිසා එයා එයාගේ අනික් යාලුවෝ ටික යවලා තනියෙන් ජෝනා එක්ක සටන් කරන්න හැදුවා. එතකොට ලොකු පිපිරීමක් වගේ දෙයක් වෙලා විදුලි සැපයුමත් නැතුව ගියා වගේ දෙයක් වුනා.
අද කොටස තුලින් බලාගන්න පුලුවන් වේවි කැරොලිනා නැවතිලා ජෝනා එක්ක සටන් කරපු වෙලාවේදී මොකද වුනේ කියලා. ඒ වෙච්ච ඝට්ටනයෙන් EMP වලින් වැඩ කරන හැම උපාංගයක්ම පාහේ විනාශ වෙලා ගිහින්. එතකොට කැරොලිනාට මක් වෙන්න ඇතිද? එයා මැරිලා ඇතිද? කට්ටිය ආපහු අර සටන වෙච්ච තැනට යද්දී කැරොලිනාට වෙච්ච දෙයක් නැහැ. කොටින්ම එයා එතන හිටියේ නැහැ. ඒත් අනික් අයගේ දෙමව්පියන් මේ අයව හොයන්න එද්දී කට්ටියම පැනලා යනවා. පැනලා ගිහින් අලුත් සැලසුමක් දියත් කරන්නයි සුදානම. මිට වඩා අද එපියේ මොකක්ද වෙන්නේ කියලා යන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ එහෙනම්.
 
මුල් කතාසමයෙන් දෙවැනි කතාසමයකට ඉතුරු කරපු ප්‍රශ්ණ 

මෙච්චර කතාව විකාශය වෙලත් මේකෙ තුලින්ම විසදුනේ නැති කරුණු ගණනාවක් ඉතිරි කරමින් තමයි පළමු කතාම්සය අවසන් වුණේ. ඉතින් ඒ නිසාම තමයි රනවේස් දෙවන කතාසමයකට පවා දීර්ඝ කලේ. නිකුත් වෙන දවසක් කියන්න දන්නේ නැති උනාට ඔයාලට හිතන්න ඉතුරු වුන ප්‍රශ්ණ ඇති. ප්‍රශ්ණ කිව්වේ දෙවැනි කතාසමයෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල්. නිකමට වගේ මතක් කරලා දෙන්නම් ඒ මොනාද කියලා.විශේෂයෙන්ම කියන්න ඕන මේ ටික කියවන්න පටන් ගන්න කලියෙන් අද එපියත් බලලම ඉන්න කියලා. මොකද ස්පොයිලර්ස් තියෙන්න පුලුවන්.

01. ලොස්ඇන්ජලීස් නගරයේ ඉදිකිරීම් කරන තැන පහල ඇත්තටම මොකක්ද තියෙන්නේ?
කැරොලිනාගේ ඇත්තම තාත්තා ජෝනා ලොකු අභිරහසක් හැමොගෙන්ම හංගලා තියාගත්තා. අඩුම තරමේ ලෙස්ලිවත් දැනන් හිටියේ නැහැ ඩේල් වගේම ස්ටේසි දෙන්නා අර ඉදිරිකිරීම් කරන තැනට ඇවිල්ලා හොයලා බලනතාක්ම. ඔයාලට මතක ඇති දෙවැනි කොටසේ එක්තරා තැනක කියනවා “ඒක නම් ගීබ්බෝරියම් බිලි පුජාවක් වෙන්නම ඕන කියලා” මම එතනදී කිව්වා මතකද දන්නේ නැහැ මේ කියන්නේ මනුෂ්‍ය වර්ගයා සහ මුලින් නැති කර දැම්ම සදහා යෝධයින් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට තමයි ගීබ්බෝරියම් කියන්නේ කියලා. ඩේල් වගේම ස්ටේසි දෙන්නා කියපු විදිහට ඒ ජීවියෙ ජීවතුන් අතර ඉන්න කෙනෙක්. මේ දෙන්නා දන්නෙත් නැහැ ඇත්තටම මේ මොකෙක්ද කියලා. බොහෝවිට ඒ පහල ඉන්නවා ඇත්තතේ එයින් යෝධයෙක් වෙන්න ඕන. කොමික් වල නම් ඇත්තටම ජෝනා ජීවතුන් අතර නැහැ. නමුත් මේ “පැරණි දෙවියන්” නොහොත් ගීබ්බෝරියම් නමින් හදුන්වන යෝධ වර්ගයට ප්‍රයිඩ් එකේ අය උදව් කරලා තියෙනවා සදාකාලික ජිවත අරගන්න. ඒ වෙනුවෙට මේ යෝධයින්ගේ කාර්යයන් ඉටු කරලා දෙන පොරොන්දුවට.
02. ඇත්තටම මේ ජෝනා කියන්නේ කවුද?
මේ කතාම්සායේ ප්‍රධාන අරමුණු කිහිපයක් තිබුනා. එකක් මේ තරුණයින්ගේ කණ්ඩායම නැවත එකතු කරන එක. අනික් එක තමයි ජෝනාට බිලි දීමක් මගින් නැවත ප්‍රාණය ලබාදෙන එක. අපිට ජෝනා කියන චරිතය ගැන වැඩිදුර විස්තරයක් දකින්න ලැබුනේ නැහැ. හැබැයි අපිට දකින්න ලැබුනා කැරොලිනාට වගේම අසීමිත ජෛව බලයක් හිමි මැදී වයසේ කෙනෙක් හැටියට. එයාගේ බලය ගැන පෙන්නුවා. හැබැයි මේ බලය කොහොම ලැබුනද මේ මොකක්වත් පෙන්නුවේ නැහැ. ඒ වගේම අද මේ අවසාන කොටස බැලුවම තේරේවි අන්තිමටම පෙන්නනවා ජෝනා ආයෙමත් දිරා යාමකට පත්වෙනවා. කොමික්වල වර්ගීකරණයට අනුව ජෝනා කියන්නෙත් මැජේස්ඩෑනියන් නම් වර්ගයාගේ කෙනෙක්. මේ අයගේ ශරීරය විතරයි මනුෂ්‍යයෙකුගේ වගේ බලාගන්න ලැබෙන්නේ. ඇත්තටම මේක කොමික්වල නම් අනික් පැත්ත. ලෙස්ලි වගේම ෆ්‍රෑන්ක් ඩීන් දෙන්නා තමයි මේ මැජේස්ඩෑනියන් වර්ගින් දෙන්නෙක් වෙලා ඉන්නේ. ආයුධ වෙලදාම් කරලා පසුකාලින පෘතුවියට පිටුවහල් කරලා තියෙනවා ඊටපස්සේ තමයි ප්‍රයිඩ් එක්ක එකතු වෙලා වැඩ කරලා තියෙන්නේ. ඒත් ටෙලිකතාමාලාවේ නම් ෆ්‍රෑන්ක් වගේම ලෙස්ලි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. කොහොම හරි කොමික්වල තියරිය මාරු කරලා තමයි කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ.
03. ඇත්තටම කැරොලිනා කියන්නේ කවුද?
මේ කතාවේ හරිම ලස්සන තරුණයින්ගේ කණ්ඩායමක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. හැමෝටම සුපිරි බලයන් තිබුණේ නැතත් ඇලෙක්ස්ගේ ඇත්තම බලයන් පෙන්නුවේ නැතත් (ඔව් ඔව් කොමික්වල එයාට මායා සම්බන්ධ වැඩ කෑලි පුලුවන්) එයාට තමයි කණ්ඩායමේ තාක්ෂණික දැනුම අතින් ඉහලින්ම හිටියේ. එතකොට චේස් වගේම නීකො දෙන්නට තමයි අධි බලැති ආයුධ හැසිරවීමේ හැකියාවක් තිබුණේ. එතකොට මොලීට එදා රෑ ලැබ් එක තුල පිපිරීමේදී ලැබුණු සුපිරි ශක්තියක් තියෙන්නේ. එතකොට ගර්ට්ට පුලුවන් ඩයිනෝසෝරයා එක්ක මානසික මට්ටමින් සම්බන්ධතාව පවත්වන්න පුලුවන් හැකියාව තියෙන්නේ. එතකොට කැරොලිනා? එයත් මැජේස්ඩෑනියන් කෙනෙක්ද? ලොකුවට පැහැදිලි කරලා පෙන්නුවේ නැති උනාට අපිට කතාවේ දැකගන්න වගේම තේරුම් ගන්න ලැබුනා කැරොලිනාගේ තාත්තා ෆ්‍රෑන්ක් නෙවෙයි ජෝනා කියලා. අඩුම තරමේ දෙන්නගේ බලයන් දැක්කමවත් කට්ටියට තේරෙන්න ඇති නෙහ්?! ඔව් මේ කතාවට අනුව නම් කැරොලිනා කියන්නේ මැජේස්ඩෑනියන් තාත්තා කෙනෙක් වගේම මනුෂ්‍ය අම්මා කෙනෙක් ඉන්න දෙමුහුන් (හයිබ්‍රිඩ්) දරුවෙක්.
04. චේස් එයාගේ තාත්තට අනාගතයේ ඉදන් කල අනතුරු ඇගවීම මොකක්ද?
චේස්ගේ තාත්තා වික්ටර් ස්ටයින් කියන්නේ සුපිරි විද්‍යාඥයෙක් කියලා දැකගන්න ඇතිනේ. එයාගේම නිර්මාණයක් තමයි අර අනාගතය දිහා බලන්න පුලුවන් පුංචි ටීවී එකක් වගේ උපකරණයත්. හත්වැනි කොටසේ පස්වෙනි විනාඩිය හරියෙදි වගේ අනාගතයේ චේස්ගෙන් අතීතයට පණිවිඩයක් යවනවා. ඒක ලැබෙන්නේ වර්තමානයේ වික්ටර්ට. එතන කිව්වා මතක ඇතිනේ “තාත්තේ, මම විශ්වාස කරනවා මේක ඔයාට හරි වෙලාවට ලැබේවි කියලා. මම දන්නවා ඒක හරිම බැරෑරුම් දෙයක්. ඒත් සමහරවිට මං දේවල් අවුල් කරගෙන තියෙනවා වෙන්නත් පුලුවන්. මට ඔයාට කියන්න ඕන වුනේ මට සමාවෙන්න කියලා. හැමදෙයක් වෙනුවෙන්ම මට සමාවෙන්න. කරුණාකරලා ඔයා මොන දේ කලත් ෆිස්ටයිගන්ස් නම් අරගන්න එපා” කියලා. මේ පණිවිඩේ ඇත්තටම මොකක් වෙන්න පුලුවන්ද? මේක නිකන් එක්තරා කාරයක සමාව ඉල්ලිමක් කියලා හිතෙන්නේ නැද්ද? හරි වික්ටර් මේ පණිවිඩේ නොසලකා හැරලා එයා එයාගේ පුතාට ෆිස්ටයිගන්ස්  වලින් පහර දීලා අන්තිමට එයාගේ බිරිදගේ අතින්ම වෙඩි කන්නත් වුනා. හැබැයි චේස් මෙතනදී සමාව ඉල්ලන්නේ හැමදෙයක් වෙනුවෙන්ම කියලා. බොහෝවිට ඒකත් දෙවන කතාසමය තුලින් පහැදිලි කරලා දෙයි. මොකද එතනදී චෙස් කියන්න හදන්නේ එක් දේකට වඩා වැඩි දෙයක්.
තවත් කාරනාවක් තියෙනවා. හැබැයි මට ඒ ගැන කතා කරන්න බැහැ මොකද හුලූලගේ රනවේස් සැහෙන්න වෙනස්කම් වලට යොමු කරලා නිර්මාණය කරලා තියෙන නිසා. දැනට දෙවන කතාසමයෙන් ඔය ටික දැකගන්න පුලුවන් වේවි කියලා විශ්වාස කරනවා. කවදා නිකුත් වේවිද කියලා නම් කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් ලබන අවුරුද්දේ නිකුත් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න අමාරුයි. ඒ උනාට මොකෝ මේ අවුරුද්දේ තව කොමික් පදනම් කරගෙන නිකුත් වීමට නියමිත කතාමාලා කියක් නම් තියද. තවත් වැඩිය කියන්න කියවන්න යන්නේ නැහැ. මමත් මෙතනින් සමුගන්නවා. ගිහින් එන්නම් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 298MB |    

D273D5F7499A88DA75965C9C8C8B7DE441A9AE75

Direct Download

WEBRip | x264 | 480p | 196MB |  

   

| WEBRip | x265 | 720p | 263MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *