සුබම සුබ දවසක් වේවා කියලා ප්රාර්ථනා කරනවා බයිස්කෝප් රසික රසිකාවියන් හැම දෙනාටම. එහෙනම් මේ ටිකේ අපේ වෙබ් අඩවියෙන් එක දිගටම උපසිරැසි ලබා දෙන Marvel Runaways කතා මාලාව සමගින් තමා මම අද එක්කාසු වුණේ. මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත අශාන් විමුක්ති නොහොත් අපේ විමා අයියට ස්තූති කරන ගමන් කතාව පැත්තට යමු.
දැන් දැන් Runaways කතා මාලාවත් අවසානයට එළඹිලා තියනවා. අද අරගෙන එන්නේ එකොළොස් වෙනි කතාංගය. තවත් කතාංග දෙකකින් මේ කතා සමයත් අවසාන වීමට නියමිතයි. තුන් වන කතා සමයක් ගැන තොරතුරක් නම් තාමත් ලැබිලා නෑ.හරි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. කට්ටියටම ලොකු කුතුහලයකුත් ඇතිනේ! කට්ටියට මතකනේ ඩේල් සහ ස්ටේසි එකතු වෙලා ගර්ට්වයි චේස්වයි ඕල්ඩ් ලේස් කියන අපේ ඩයිනෝසර් පැටියවයි පැහැර ගත්තා. මේ වෙද්දි ඕල්ඩ් ලේස් සහ ගර්ට් එකිනෙකාට සම්බන්ධ වෙලයි ඉන්නේ. ඒ නිසා මෙයාලට ඕල්ඩ් ලේස්ට කිසිම කරදරයක් කරන්න බෑ. ඉතින් මේ අතරේ ඩේල් සහ ස්ටේසි උත්සහ කරනවා චේස්ව මත් කරලා එයාගෙන් ඇත්ත දැනගන්න. ඒ වගේම මේ අතරවාරයේ වික්ටර් ස්ටයින් උත්සහ කරනවා තමන්ගේ පුතා වන චේස්ව කොහොමහරි ආයෙමත් දැකගන්න. මේකට මෙයා යොදාගන්නේ කවුරුත් හීනෙන්වත් නොහිතන විදිහේ උපායක්. කොහොමත් ඉතින් මිනිහ මොළකාරයා නේ! තවත් ආරංචියක්! අද මොලීගේ උපන්දිනය. අද කිව්වට අද නෙමේ ඊයේ, ඒත් අපේ පලායන්නෝ ටික ඒක ජයටම සමරන්නයි සූදානම.
ඉතින් ඩේල් සහ ස්ටේසිට චේස්ගේ කටින්ම ඇත්ත දැනගන්න පුළුවන් වෙයිද?
වික්ටර් ස්ටයින්ට ආයෙමත් තමන්ගේ පුතාව දකින්න පුළුවන් වෙයිද?
පලායන්නන්ට මොලීගේ උපන්දිනය කිසිම හැල හැපිල්ලකින් තොරව ජයට සමරන්න හැකි වෙයිද?
මේ හැම ප්රශ්නයකට උත්තර ඔයාලා ළගටම ගෙනල්ලා තියනවා. එහෙනම් බාගෙන බලන්නයි තියෙන්නේ, ඒකට ඔයාලට ඉඩ තියලා මම සමු ගන්නවා. ආයෙත් අලුත් කතාවකින් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | 720p | x264 | 700MB |
Direct Download
| WEBRip | x264 | 480p | 196MB |
| WEBRip | x264 | 720p | 700MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)