MENU

Midnight, Texas [S01 : E01] | ගුප්ත බලවේග වලින් පිරි නගරයක්…!!

ඔන්න ඉතින් මේ සූදානම් වෙන්නෙ IMDb මීටරේ 7.5/10 ක ඉහළ අගයකට කරකවන්න සමත්වුණු තවත් සුපිරි රූපවාහිනී කතාමාලාවක් ඔයාලට අරගෙන එන්නයි. 2017 ජූලි මස 24 සිට NBC නාළිකාව ඔස්සේ විකාශය වීම ඇරැඹූ මේ කතාමාලාව Drama | Fantasy | Mystery | Supernatural යන වර්ගීකරණයන්ට අයත්වූ කතාමාලාවක්. කතාමාලාව නිර්මාණය කරල තියෙන්නෙ Monica Owusu-Breen විසිනුයි. මේ කතාමාලාව නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන තියෙන්නෙ True Bloodකතාමාලාව නිර්මාණය කිරීම සඳහා යොදාගත් The Southern Vampire Mysteries නවකතා මාලාව රචනා කළ Charlaine Harris විසින් රචිත Midnight, Texas ග්‍රන්ථ ත්‍රිත්වයයි. ඉතින් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙන කට්ටිය ගැන කිව්වොත්, ප්‍රධාන චරිතය වන Manfred Bernardoගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආසාවෙන් බලන Blindspotකතාමාලාවේ Oscar විදිහට රංගනයෙන් දායකවුණු François Arnaud විසිනුයි. සෙසු චරිත සඳහාDylan Bruce,Parisa Fitz-Henley,Arielle Kebbel,Jason Lewis,Peter Mensah,Sarah Ramos,Yul Vazquez සහ Sean Bridgers තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. මේ කතාමාලාවේ රූගතකිරීම් සිදුකර ඇත්තේ Albuquerque, New Mexico සහ Las Vegas, New Mexico යන ප්‍රදේශ වලදී වන අතර කොටස් දහයකින් යුත් පළමු කතාසමය මේ වනවිට විකාශය වී අවසන්.

කතාව ගැන කියන්න කලින් තව දෙයක් කියන්නම ඕනි. මේ කතාමාලාවේ උපසිරසි ඔයාලට අරගෙන එන්න අපේ සහෝදර උපසිරසිකරුවන් වන රවිඳු රුක්ෂාන් මල්ලි, දිල්ශාන් සචින්ත මල්ලි, සොහාන් ජයසූරිය මල්ලි වගෙම Mist කතාමාලාවෙන් රූපවාහිනී කතාමාලා වලට උපසිරසි ලබාදීම සඳහා මුලින්ම මාව එකතු කරගත්තු කවින්ද බුද්ධික මල්ලිත් මට ගොඩක් උදව් වුණා. ඉතින් ඒ හැමදෙනාටම ස්තුතියක් හිමියි.

හරි එහෙනම්, කතාව පටන්ගන්නෙ මෙහෙමයි මැන්ෆ්රෙඩ් කියන්නෙ අහිගුණ්ටික පරම්පරාවකින් පැවත එන අධ්‍යාත්මික හැකියාවන්ගෙන් යුත් තරුණයෙක්. මේ හාදයාට පුළුවන්කම තියනවා මළගිය ආත්ම දකින්න වගෙම ඒ ආත්ම එක්ක කතාකරන්න. ඉතින් මෙයා කරන්නෙ මේ හැකියාව සල්ලි හොයන්න පාවිච්චි කරන එකයි. ඉතින් මිනිස්සු තමුන්ට ඕනිකරන මළගිය ආත්ම එක්ක කතාකරන්න සල්ලි ගෙවල මෙයාගෙ සහය ලබාගන්නවා. ඒත් පොර කරන්නෙ 100% ක අධ්‍යාත්මික දේවල් නම් නෙවෙයි. සමහරවෙලාවට වංචනික දේවලුත් කරනවා. ඉතින් මේ මැන්ෆ්රෙඩ් හාදයාගෙ ආච්චි තමයි ශිල්ඩා කියන්නෙ. එයත් ජීවත්වෙලා උන්නු කාලෙදි කරල තියෙන්නෙ එක එක ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර වැඩ තමයි. මේ වෙද්දි ජීවතුන් අතර නොහිටියත් මැන්ෆ්රෙඩ්ට තියන මළගිය ආත්ම දැකීමේ හැකියාව නිසා එයාට ආච්චිත් එක්ක කතාකරන්න පුළුවන්කම තියනවා. මේ විදිහට තමන්ගෙ ව්‍යාපාරය කරගෙන ඉන්න අතරෙ මැන්ෆ්ර්ඩ්ට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඉතින් මේ ඇමතුම නිසා කලබලවුණු මැන්ෆ්රෙඩ් ශිල්ඩගේ මළගිය ආත්මය කියන විදිහට තමන්ගෙ සේරම වැඩ අතෑරල දාල එයාට ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනකට යන්න තීරණය කරනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයිMidnight,Texas කියන අප්‍රකට නගරයට. ඉතින් ඔයාලට 8.1/10IMDb අගයක් හිමිකරගෙන තියන පළමු කොටසින් වගෙම අනිත් කොටස් වලිනුත් Midnight,Texas වලට යන මැන්ෆ්රෙඩ් මුහුණදෙන සිදුවීම් මාලාව බලාගන්න පුළුවන්. තව දෙයක්, Supernatural කතාමාලාව බලපු යාළුවෝ නම් අනිවා මේ කතාමාලාවට කැමතිවෙයි. මොකද කිව්වොත් Supernatural කතාමාලාවේ වගෙම (ට්‍රේලර් එක බලන්නකෝ) මේ කතාමාලාවෙත් වැම්පයර්ලා, එන්ජල්ලා, ඩීමන්ලා වගෙම තව ගොඩක් අමුතුම විදිහෙ අත්භූත කට්ටිය, අත්භූත දේවල් ගොඩක් තියනවා. එහෙනම් පළවෙනි කොටස බලලම ඉන්නකෝ….

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 267MB |

4FE649FE1FE9E25599778A69DCBF5F389481D958

| HDTV | x264 | 720p | 948MB |

DE48A5F4A06375FEE23D3D90C1751D34988A1B87

 Direct Download

| HDTV | x264 | SVA | 267MB |

| HDTV | x265 | 720p | 260MB |

| HDTV | x264 | 480p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Midnight, Texas [S01 : E01] | ගුප්ත බලවේග වලින් පිරි නගරයක්…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *