MENU

Midnights Children (2012) | රෑ මැදියමේ දරුවෝ

වර්ෂ 1947 අගෝස්තු 14 වැනි දින මැදියම් රැයේ කණිසමට, එනම් භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් නිදහස්වන අනුස්මරණීය මොහොතේ භාරත මාතාව සමග දෛවයේ යදමින් බැඳුණු එක්දහස් එකක් වූ “මායා දරුවන්ගේ” උත්පත්තිය ද සිදුවෙයි. මේ දරුවන් අතර බලවත් ම දරුවා වෙමින් “සලීම් සිනායි” උත්පත්තිය ලබන්නේ පරම්පරාගතව සිනායි පවුලට උරුම නාසයට හිමිකම් නො කියමිනි. එහෙත්, එම පරම්පරාගත නාසයට හිමිකම් කියන දරුවා ඔහු අසලින් ම ගැවසෙමින් ඔහු හා අනෙකුත් මායා දරුවන් වෙත එරිදිවාදිකම් පළ කරන්නේ අවසානයේ, තම සහෝදරයින් භාරතයේ සතුරන් වෙත පාවා දෙයි.

මේ මායා දරුවන් වනාහි භාරතයේ නිදහස පතා ජන නායකයින් විසින් ඇගේ දූ පුතුන් වෙත දුන් පොරොන්දුවල ජීවමාන ස්වරූපයයි. මේවාට පටහැනිව යමින් බලකාමය සහ ආගම්වාදය විසින් භාරතය කැබලිවලට විභේදනය කරත්දී මායා දරුවන්ට සිදු වන්නේ ගොළුවතින් සහ අවිඥානිකව බලා සිටින්නට ය. වරක් භාරත මාතාව ලෙසින් තමන්ව ම හඳුන්වා ගන්නා එක්තරා නායිකාවක් පිය උරුමයෙන් දේශපාලනයට පිවිස ඉන්දියාවේ බලයට පත්වෙයි. එක්වරම උදා වී මුළු මහත් දේශය ම වසාගන්නා අඛණ්ඩ ගණඳුරු මැදියමකට මුවා වී බොහෝ දෑ සිදුවෙයි. භාරතයේ නිදහස පතා දුන් පොරොන්දු වන්ධ්‍යභාවයට පත් කෙරේ. වසර හතරකට පසුව ගණඳුර ඉවත්ව යමින් නිදහසේ හිරුකිරණ තම සිරකුටියට පතිත වන මොහොතේ සලීම් සිනායි වටහා ගන්නා එක් යථාර්ථයක් වේ. එනම්, යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තවමත් සම්පූර්ණයෙන් ම බිඳී ගොස් නැති බවයි. යස ඉසුරින් ආඪ්‍ය ළමා වියක් ගත කළ පොරොන්දු දරුවා දැන් දුප්පතෙකි. එහෙත් තවමත් ඔහු ජීවත්ව සිටින්නේ ය. එසේ ම, බලාපොරොත්තු තුළින් තවත් බලාපොරොත්තු උපදින්නේ ය.

දීපා මෙහ්තාගේ “මිඩ්නයිට් චිල්රන්” චිත්‍රපටය බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු හවුල් නිෂ්පාදනයක් වශයෙන් නිර්මාණය වන්නකි. මේ සඳහා ඇය පාදක කර ගන්නේ සල්මාන් රුෂ්ඩි නම් ලේඛකයා විසින් 1981 වර්ෂයේ ප්‍රකාශයට පත් කෙරුණු මායා යථාර්ථවාදී ආකෘතියකින් යුතු “මිඩ්නයිට් චිල්රන්” නම් “බුකර් සාහිත්‍ය සම්මාන ලාභී” දේශපාලන නවකතාවයි. භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමට වසර තිහකට එහා අතීතයෙන් ආරම්භ වන මෙහි කතාන්ථරය කතාව හැත්තෑව දශකය අග භාගය දක්වා ම විකාශය වන්නකි. බ්‍රිතාන්‍ය පාලන යුගය, භාරතය නිදහස ලැබීම, පකිස්ථානය සහ බංගලිදේශය බෙදී වෙන්වීම ආදී භාරත ඉතිහාසයේ වැදගත් සිදුවීම් නිර්මාණකරුවාගේ දෘෂ්ටියෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කෙරී ඇත.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | 720p | 840MB |    

89b35f966d557970afcc57f991d7ed6929ed81e9

| BRRip | x264 | 1080p | 1.22GB |    

bfeafa820af33b9c845d86e5bed0b18783e2248a

Direct Download

| BRRip | x264 | 720p | 850MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *