MENU

Mission Impossible Movie Collection

1.Mission: Impossible I (1996)

MISSION IMPOSSIBLE (කළ නොහැකි මෙහෙයුම්) සිනමාපට පෙළේ පළමුවැන්න තමයි මේ සිනමාපටය. 1996 මැයි 22 වෙනිදා තිරගත වන මෙම චිත්‍රපටය මුල් සතියේදී ඉපයූ ආදායම ඩොලර් 45,436,830 ක්. ටොම් කෲස් (ඊතන් හන්ට් ලෙස)  රංගනයෙන් දායකවෙනවා.

කතාව ගැන කියනවා නම් ඊතන් හන්ට් ඇතුළු කණ්ඩායමට ලැබෙන මෙහෙයුම අතරමගදී කණ්ඩායමේ ඊතන් හැර අනිකුත් අය මිය යනවා. මෙහෙයුම කඩාකප්පල්වීම නිසා ද්‍රෝහිවීම යටතේ ඊතන් හට චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවලින් නිදොස් වීමට ඊතන් සටන්වදිනවා. ඔහුට කුමක් වේවිද? කතාව බලලම ඉන්න වෙනවා. IMDB රේටින්ස්හි මෙම සිනමාපටයල ලබාගෙන ඇති අගය 7.0ක්.

2.Mission: Impossible II (2000)

මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් 57,845,297 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්. මෙම චිත්‍රපටය ක්‍රියාදාම රහස්පරීක්ෂක කාණ්ඩයට අයත් එකක්.

මේපාර ඊතන් හන්ට්ට (Tom Cruise) ලැබෙන්නෙ පැහැරගෙන ගිය චයිමේරා කියන වෛරසය සහ බෙලරොෆොන් කියන ප්‍රතිවෛරසය සොයාගෙන එන්න. මෙම වෛරසය හා ප්‍රතිවෛරසය ගැන ආචාර්ය නෙකොවිච් ඊතන්ට එවන ලද පණිවිඩයක් IMF එකට ලැබෙනවා. නමුත් නෙකොවිච් ගුවන් අනතුරකින් මිය යනවා. මෙවර ඊතන්ගෙ සහයට ලැබෙනවා ලූතර් ස්ට්‍රිකල් (Ving Rhames), පරිගණක විශේෂඥයෙක්, බිලී බෙයාඩ් (John Polson) ගුවන් නියමුවා සහ වෘත්තිමය හොරෙක් වෙන නියාහ් නෝඩෝෆ් හෝල්ව (Thandie Newton). ඉතින් මේ කට්ටියත් එක්ක ඊතන් සිඩ්නි එනවා පැහැරගැනීමට සම්බන්ධ යයි සිතන සියෑන් ඇම්බ්‍රෝස් (Dougray Scott) IMF ඒජන්තවරයා හොයාගෙන. නියාහ් කියන්නෙ ඔහුගෙ හිටපු පෙම්වතිය.ඉතින් අපි බලමු සියෑන්ගෙන් මේ වෛරසයයි, ප්‍රතිවෛරසයයි දෙක ඊතන් ගන්නෙ කොහොමද? ඒවාගෙ සජීවි සාම්පල් පවරපු විදිහට ගේන්න පුළුවන් වෙයිද කියලා. ?

3.Mission: Impossible III (2006)

මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් අරං තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J.J.Abrams ප්‍රධාන චරිතය රඟපාන්නෙත් Tom Cruise.

කතාව ගැන කියනවනම් ඊතන් හන්ට් (Tom Cruise) මේ භයානක වැඩ කරලා එපා වෙලා ආධුනිකයෝ පුහුණු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි හදන්නේ. ඉතිං එයා කසාදයක් බඳිනවා.ඒත් බිරිඳට තමන් මොනවද කරන්නේ කියලා ඇත්ත කියන්නෙ නෑ.මේ අස්සෙ හන්ට්ට කෝල් එකක් එනවා විශේෂ වැඩක් තියෙනවා කියලා.ගිහින් බැලුවම එයා පුහුණු කරපු හොඳම කෙනා ෆැරිස්, මෙහෙයුමකදී හතුරට අහුවෙලා.හතුරා තමයි ඕවන් ඩේවියන් කියන බරපතල අපරාධකාරයා .ඉතිං හන්ට්වයි කණ්ඩායමකුයි යවනවා ෆැරිස්ව බේරගෙන එන්න. මෙයාලට ෆැරිස්ව බේර ගන්න පුළුවන් වෙයිද? කොහොමහරි මේකට හන්ට්ගේ බිරිඳවත් ගෑවෙනවා.හන්ට්ට හා පාදය කියලා දෙයක් හොයන්න වෙනවා.බිරිඳට මොකද වෙන්නෙ? හා පාදය මොකක්ද? ඒක හොයාගන්නෙ කොහොමද? ඩේවියන්ට මොකද වෙන්නෙ? මේවා දැනගන්න කතාව බලන්න වෙයි. මේක බලලා තිබුණත් ආයෙ බලන්න. ක්‍රියාදාම පිරිලා.කිසිම කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලන්න පුළුවන්.පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. ඒක හුඟක් වටිනවා.

4.Mission: Impossible Ghost Protocol (2011)

Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…

කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන්
කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…

5.Mission: Impossible Rogue Nation (2015)

මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට  IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.

ඒ වගේම තමයි අවසානයට කියන්න ඕන මේ චිත්‍රපට මාලාවේ 6 වෙනි චිත්‍රපටයත් නිකුත් වෙන බව 2015 ජූලි 28 වෙනිදා දැනුම්දුන්නා. බොහෝදුරට මෙහි නිශ්පාදනය 2016දී ආරම්භ වේවි කියලා තමි ටොම් කෘස් කියන්නේ. මෙහි රගපාන නළු නිළියන් ගැන තවම අවසන් තීරණයකට ඇවිත් නැතත් ටොම් මේ චිත්‍රපටයටත් නිශ්පාදනයෙන් දායක වේවි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Mission: Impossible I (1996)

Torrent Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

6AFA38D91051E01E150C85BB63C5C6833285D523

Direct Download

| Bluray  | x264 | 720p | 650MB | YIFY |

2.Mission: Impossible II (2000)

Torrent Download

| Bluray | x264 | 720p | 700MB | YIFY |

7A6F9B68BAA29C3FE3E2EB782408DEF05984A216

Direct Download

| Bluray  | x264 | 720p | 700MB | YIFY |

3.Mission: Impossible III (2006)

Torrent Download

| Bluray | x264 | 720p | 700MB | YIFY |

2184A981018CC88D73797BCCE7EA23681DF3752B

Direct Download

| Bluray  | x264 | 720p | 700MB | YIFY |

4.Mission: Impossible Ghost Protocol (2011)

Torrent Download

| Bluray | x264 | 720p | 850MB | YIFY |

A6E35FB21C31020910FD48CC273493D3106344E7

Direct Download

| Bluray  | x264 | 720p | 850MB | YIFY |

5.Mission: Impossible Rogue Nation (2015)

Torrent Download

| Bluray | x264 | 720p | 963MB | YIFY |

6910F7DCEA905833F965D974A8F8F5D150683BD0

Direct Download

| Bluray  | x264 | 720p | 963MB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Mission Impossible Movie Collection

  • Nuwan Chamara

    Why you not allow to copy anything from the site. How we copy the torrent Hash ?

    Reply
  • Ishan Sandaruwan

    link eken download karanna bane ?

    Reply
  • Dulanga Keshan

    Can I have mission impossible 05 sinhala subtitles plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *