දුරකථනයක් රහසේ තමන් ළඟ තබාගැනීම නිසාවෙන්, බර්ලින්ගෙන් ඩෙන්වර්ට අණ ලැබෙන්නේ මොනිකාව මරා දමන ලෙසටයි. නමුත් පහුගිය සතියේ ඩෙන්වර්ගේ අතීත කතාවන් සමඟ ගලපා බලද්දී , ඔහු හා ඔහුගේ මවගේ අතීත සිදුවීම් සලකා මොනිකාට වෙඩි තියන්නට ඩෙන්වර්ට ධෛර්යයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුව ඔහු ඇයව වෙනත් සුරක්ෂිතාගාරයක සඟවනවා. මේ පිලිබඳව කාටවත් දැන ගන්නට නොලැබෙන්නේ, මොනිකාගේ නොමඟ යැවීමේ සැලසුම නිසාවෙනි.
උමගේ වැඩ කටයුතු වල නිරත මොස්කව් එලියට පැමිනෙන්නේ මේ වෙඩි සද්දය නිසාවෙනි. ඉතින් ඔහු දැනගන්නවා තමන්ගේ පුතනුවන් කාන්තාවක් මරා දමා ඇති බව. මේ නිසාවෙන් ඔහු කම්පනයට පත්ව, හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් බිම ඇද වැටෙනවා. එතනින් පස්සේ තමයි හොඳම හරිය පටන්ගන්නේ.
අසිහියෙන් සිටි මොස්කව් අවදි වන්නේ සියලු බලාපොරොත්තු සුන්වයි. ඔහු මේ සියල්ල කරන්නේ තමන්ගේ පුතා වෙනුවෙන් බව අපි දැන් දන්නවා.නමුත් ඩෙන්වර් කල මිනී මැරීමෙන් මේ සියලුදේ පලක් නොවන නිසාවෙන් ඔහු යටත් වීමට තීරණය කරන්නේ කිසිවෙක් නොසිතූ ලෙසයි. නමුත් ඩෙන්වර් පැමින ඔහුව නතර කරගන්නේ අවසන් නිමේෂයේයි. එහිදී මොස්කව්ට ඩෙන්වර් පවසනවා මොනිකා මියගොස් නැති කාරණය.
නැවත වරක් කතාව උණුසුම් කරන්නට අපේ මිත්‍රයා, “අර්තුරෝ” සමත්කම් දක්වනවා. මොස්කව්ට හුලං ටිකක් වදින්න වුවමනාවට, ප්‍රාණ ඇපකරුවන් සියල්ලත් සමඟ වහලය උඩට යන මොස්කව් හා ඩෙන්වර්, පසුව එහි ඇතිවන කතා බහ නිසාවෙන්, අර්තුරෝ පිස්සු නටන්න ගන්නවා. නමුත් එහිසිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදන්නා පරීක්ෂකතුමිය ඇතුලු ආරක්ෂක අංශය, බොරු තුවක්කුවක් අතින් ගත් අර්තුරෝ ට වෙඩි තබන්නේ මංකොල්ලකරුවෙක් යැයි සිතාය.
සියල්ලෝ එක හා සමාන පෙනුමකින් යුත්තවූ විටදී කවුද අන්ද මන්ද නොවන්නේ? මංකොල්ලයේ සැලස්ම, ඉතා සියුම් තැන් පවා ස්පර්ෂ කර ඇති බව ඔබට වැටහෙනවා ඇත. ආරම්භයේ සටහන් කල පරිදිම මා ඔබට බොරු කරන්නේ නැහැ. මෙය මෙතෙක් මංකොල්ලයක් වෙනුවෙන් සකස්කල හොඳම කතාමාලාව වන්නේද ඒ නිසාවෙනි.
ඔබට මේ කතාව ගෙන එන්නට විනාඩියක කාලරාමුවක් සඳහා 10 වතාවකට වඩා මෙය නරඹන්නට ඇති. ඉතිරි විනාඩි ගනන 10න් වැඩි කරලා බැලුවොත් නරඹන්නට පමනක් ගත කල කාලය….??? තව උපසිරැසි පරිවර්තනයට එකතුවන කාලයත් එක්ක ගත්තොත් අම්මෝ… කා වෙනුවෙන්ද? අඩුපාඩුවක් වෙතොත් සමාවෙන්න.?
අද කතාව පැත්තට හැරුනොත්, මේ වන විට වෙඩි වැදුන තුවාලකරුවන් දෙදෙනයි. එක් අයෙක් ආයතනයේ ප්‍රධාන කලමනාකරු, අර්තුරෝ රොමාන් අනිත් කෙනා ඔහුගේ සහායිකාව වන මොනිකා ගැස්ටම්බිඩ්. කතාව ගලාගෙන ගිය විදිහට අර්තුරෝ නම් ඉක්මනට මැරුම්කයි කියලා ඔයාලා හැමෝටම හිතෙන්න ඇති. මොනිකාගේ තත්වයත් නරක අතට හැරෙමින් පවතින්නේ.
අපි බලමු පරීක්ෂකතුමියගේ අණ යටතේ වෙඩි වැදුන අර්තුරෝ වෙනුවෙන් අද කුමක් වේවිද කියලා, එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් ඩැහැගැන්ටයි පොලීසිය කුරුමානම් අල්ලන්නේ. පොලීසිය එසේ සැලසුම් සකස්කරන අතරවාරයේ ප්‍රොෆෙසර්ට වෙනමම සැලසුමක් තිබෙන බවයි අද කතාවෙන් පේන්නේ. ඔබ ට්‍රෝජන් අශ්වයාට වඩාත් කැමතිවේවි. කරුනු කාරණා ගොඩක් විනාඩි 45ක් කාලයක් තුල සිදුවන්නට නියමිතයි. කතාව එන්න එන්න උණුසුම්. සැලසුම් පිට සැලසුම්. අදට කියෙව්වා ඇති වගේ. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය..!!! ?✌
Torrents Download
| WEBRip | x265 | 720p | 5GB |S01-S02
218C934C894F0CE3DF26A30A96204DAFC697EFA2