MENU

Mr. Robot [S03:E01] | අදුරේ ගෙවන ජිවිත

නොදී ඉන්න හිතාගෙනම හිටියත් පස්සේ මේක දීලා දාන්න ඕන කියලා හිතුන නිසා ඔන්න ආයෙමත් වතාවක් Mr.Robot තෙවැනි කතාසමයත් අරගෙන මුණගැහෙන්න ආවා. වෙච්ච ප්‍රමාදයට සමාවෙන්න ඕන. කියන්නා වාගේ මේක ඇත්තටම නොදී ඉන්නමයි හිටියේ. ඒත් මේකේ තවත් කතාවකට රිනිව් වෙලා තියෙන නිසා අපරාදේ කියලා හිතුනා. ලිපියේ පල් හෑලි ලියන්න නම් බලාපොරොත්තුවක් නැහැ මොකද දැන් කතාව ඉවර වෙලත් මාස ගානක් වෙනවා. ඒ නිසා සමහර අය බලලත් ඇති. ඒත් කතාව ඇතුලේ සමහර වචන තියෙනවා සිංහලට හැරෙව්වත් නුහුරු ගතියක් එන. එහෙම ඒවා පුලුවන් තරම් කතාව ඇතුලෙම තනි තේරුම් දාලා ඇති. ඒ වගේ වචන අහු වෙන වෙලාවට ලිපියේ සම්පුර්ණයෙන් තේරෙන විදිහට පැහැදිලි කරන්නම්.කලින් සීසන් එකේදී මතක ඇතිනේ එලියට් ටයිරෙල් වෙලික් එක්ක වැඩ කරන්න තීරණය කලා. ඒවගේම තමයි ඩාර්ලීන්ට එයාගේ පෙම්වතාවට නැති උනා රෙස්ටුරන්ට් එකට ඇතිවුණු වෙඩි තැබීම වෙලාවේදී. ඒත් එක්කම  ඩාර්ලීන්ව FBI එකටත් අහු වෙලා ඉන්නේ. එලියට්ට ඕන වුණේ බැක්ඩොර් එක නොහොත් තොරතුරු වලට පිවිසෙන එක නවත්තලා දාන්න.මොකක්ද මේ Backdoor කියන්නේ?හිතන්නකෝ සතුරු කදවුරක් තියෙනවා ඒ කදවුර වටාම ආරක්ෂාවට හතුරන්යොදවලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකට කෙලින්ම ගිහින් පහර දෙනවට වඩා ලේසි නැද්ද ඒ කදවුරේ පිටුපස්ස පැත්තේ ඉදන් ටිකක් දුරට වෙන්න කාණු පද්දතියක් එහෙම තියෙද්දී?! එතකොට ලේසියෙන්ම ඒ කාණු පද්දතිය හරහා ගිහින් කදවුර ඇතුලටම කිසිම කරදරයක් නැතුව යන්න පුලුවන්. ස්ට්‍රයික් බැක් බලපු අයට නම් තේරෙනවා ඇති. ඒත් මෙතන මේ කතාවේදී Backdoor එකක් කියන්නේ පරිඝනක පද්ද්තියක සාමාන්‍යයෙන් කේතනය කරපු දත්ත වලට පිවිසෙන්න තියෙන විදිහ නැතුව ඒ ක්‍රමය මගහැරලා  ගිහින් දත්ත වලට පිවිසෙන්න තියෙන විදිහක්. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනේ එහෙම යන එක නීත්‍යානුකූල නැහැ කියලා. හැබැයි මෙහෙමයි සමහර ඇප්ලිකේෂන් වගේම පරිඝනක පද්ධති නිර්මාණකරුවන් මෙහෙම බැක්ඩොර් එකක් නිර්මාණය කරලා බලාපොරොත්තු වෙන්නේ හදිසියේ දෝෂයක් මතු උනාම ඒවා නිරාකරණය කරන්න. නමුත් අනවසරෙන් මේ ක්‍රමය හරහා දත්ත ඩැැහැ ගන්න හැකර්ලා නම් මේක පාවිච්චි කරන්නේ ලොකු වාසියක් හැටියට. එහෙනම් ඉතින් බැක්ඩොර් ගැන අදහසක් එන්න ඇති කියලා විශ්වාස කරනවා. මං මෙතැන් ඉදන්  Backdoor වෙනුවට “බැක්ඩොර්” කියලා පාවිච්චි කරන්න වෙන තැන් වලදී පාවිච්චි කරනවා.ඊලග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං සමුගන්නවා. බයවෙන්න එපා. දවස් ගණන් යන්නේ නැහැ. දවසට එක කොටස ගානෙ නොනවතින ආස්වාදයෙන් තුන්වෙනි කතාසමය ඔයාලට බලාගන්න ලැබෙයි. විශේෂයෙන්ම මේ වතාවේ උපසිරැසි ගැන්වීමට අචින්තත් එකතු වෙලා ඉන්නේ. ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 1080p | 5.1GB | COMPLETE | S01

Direct Download

| WEB | x265 | 720p | 196MB | PSA

| WEB | x265 | 720p | 2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *