MENU

My Life as a Zucchini (2016) AKA Ma vie de Courgette | දන්නවා නම් කියලා යන්න මම කවුද කියා

 ආයේ ඉතින් ඇනිමේෂන් පිස්සෝ නම් මේක මග හරිනේ නෑ.. මේ මගේ දෙවෙනි ඇනිමේෂන් උපසිරැසිය.කලින් කරා Sahara 2017.මම මේ ලිපිය කොටන වේලාවේ දැක්කා Cars 3 එකත් ඉක්මනට දාන්ඩ කියලා තිබ්බා.භය වෙන්න එපා ඉතින් ඒ වගේ සුපිරි එව්වා බයිස්කෝප් එකෙන් මගහරින්නේ නෑනේ.මම හිතන්නේ ඒකේ සබ් කරන්න කවුරුහරි භාරගෙනත් ඇති. අනේ මන්දා ලිපිය ලියන්ඩ මෙලෝ අදහසක් එන්නෙම නෑ. ආහ්..මම කියන්නමයි හිටියෙ.බයිස්කෝප් එකට ඉතින් එන්නේ ෆිල්ම් බලන්න ආස අය විතරක්ම නෙමෙයිනේ..නිකං දෙන එකෙන් රුපියලක් හරි හූරගෙන කන්ඩ බලාගෙනත් කට්ටිය එනවා.ඔය සමහරු ඉන්නවනේ DVD එකකට මෙලෝ කොලිටියක් නැති ෆිල්ම් 4ක් විතර දාලා (එව්වා නිකං 3gp වීඩීයෝ වගේ) සිංහල උපසිරැසි සමග කියලා ලොකුවට දානවා.අන්තරජාල පහසුකම් නැති අය ඉතින් ඒවා ගන්නවා.ඒ වුණාට ඉතින් දන්නෝ දන්නවා ඒ උපසිරැසි කොහෙන් උස්සපුවාද කියලා.මේකත් කියන්න එපැයි.සමහර ආයතන තියෙනවා ඔවුන්ගේම උපසිරැසියක් Merge කරලා දානවා.ඒත් සමහරු අපේ එව්වා උස්සනවා.ඉස්සුවත් කමක් නෑ කියමුකෝ.ඒ මදිවට අපේ නමයි බයිස්කෝප් එකේ නමයි යන ලයින් එක delete කරලා උන්ගේ DVD House එකේ නම දානවා..අම්මපා ඉතින් මෙව්වා. කමක් නෑ ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා කතාවට බහිමුකෝ.
කතාව පැත්තට ගියොත් මේකේ වෙන්නෙ මෙහෙම දෙයක්.තමන්ගේ හිතේ ආපූ ආවේගයන් වලට වැරදි විදියට දක්වපු ප්‍රතිචාරයක් නිසා ජිවිතේ නැට්ටටම එපා වුණු කුඩා දරුවෙකු වටා ගෙතුණු කතාවක් මේක.තමන්ගේ මව නැති වුණාට පස්සේ අනාථ නිවාසෙකට යන මේ දරුවාට විශ්වාසය සහ අවංක ආදරය කියන්නේ චිත්‍රපටියකට සීමා නොවුණ හදපත්ලෙන්ම ජනිත වන සැබෑ හැගීම් බව තේරුම් ගන්නවා. මගේ Summary කියවලා අපෝ චාටර් කතාවක් කියලා හිතන්න නම් එපා..imdb rate එක පොඩ්ඩක් බලන්නකෝ.
තම දරුවා ඉපදීමටත් කලින් මරා දමන.තම දරුවා පණ පිටින් වළදා දමන.දරුවාට අයිති සෙනෙහස තවත් අනියම් පුරුෂයෙකුට හෝ කතකට පුදන.තම දරුවාටම අඩත්තේට්ටම් කරන.තම දරුවාටම අතවර කරන.තම දරුවා සමගම සියදිවි නසා ගන්නා.තම දරුවාවම හැරදා යන අද කාලයේ දෙමාපියන්ටත්. තම සොහොයුරා හෝ සොයුරිය ඉඩමක්,බූදලයක් වෙනුවෙන් මරා දමන..තමා හැදූ වැඩූ මාපියන්ව බලූ කූඩුවේ දමන.කැළණියේ යමු කියා මව හෝ පියා කොහේ හෝ අතරමන් කර එන.ඉඩමක් වෙනුවෙන් මවට පියාට පිහි ඔසවන දරුවන්ටත්. අද කාලයේ බිහි වී ඇති මෙවන් කුරිරු සමාජයකට මා ඉතාමත් අනුකම්පාවෙන් මේ උපසිරැසිය පුද කරමි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 500MB |    

8cf5b0bcaa587702bfaea4206aeb26be365913e8

Direct Download

| BluRay | x264 | 480p | 250MB |            

| BluRay | x264 | 480p | 169MB |          

| BluRay | x264 | 720p | 550MB |             

| BluRay | x264 | 720p | 360MB |        

| BluRay | x265 | 720p | 264MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “My Life as a Zucchini (2016) AKA Ma vie de Courgette | දන්නවා නම් කියලා යන්න මම කවුද කියා

  • චරිත්

    බොහෝම ස්තූතියි මචං.. ජය වේවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *