MENU

My Little Pony: The Movie (2017) | බලයට තණ්හා කුණා‍ටු රජු

සුබ දවසක් ඔබ සැමට. ට්වයිලයිට්, කියන්නේ පුංචි කඟවේනෙක්. එතකොට ස්පයික් කියන්නේ පුංචි මකරෙක්. දැන් ඔයාලා බලයිද දන්නෙ නෑ My Little Pony කියලා තිබුණට මේකෙ පෝනියෝ නැද්ද කියලා. පෝනියෝ ඉන්නවා. බහුතරය නියෝජනය කරන්නේ පෝනියෝ. නමුත් මේ කතාවට අනුව ‍කඟවේනුත් ඉන්නවා. ටෙම්පස්ට් කියන්නෙත් කඟවේනෙක්. මෙයා තමා මේකෙ හතුරා.

ඉතින් ටෙම්පස්ට් වැඩ කරන්නේ ස්ටෝම් කින්ග් එහෙම නැත්තම් කුණාටු රජුට. මේ ට්වයිලයිට් ඉන්නේ එක්වෙස්ට්‍රියාවේ. මේ එක්වෙස්ට්‍රියාව කුමරියන් 4දෙනෙක් පාලනය කරනවා. එක්කෙනෙක් තමා ට්වයිලයිට්.ටෙම්පස්ට් ඇවිල්ලා මේක ආක්‍රමණය කරනවා කුණාටු රජුගෙ අණකට අනුව.ඒ ආක්‍රමණය කරලා ප්‍රධාන කුමාරිකාවන් තුන්දෙනෙක් අල්ලගන්නවා. ඊටපස්සේ මේක බේරගන්න හිපොග්‍රිප්ස්ලා ගාවට යනවා. ඔය යන අතරමගේදි ටෙම්පස්ට් මෙ‍යාලා පස්සෙන් එනවා. ගොඩක් බාධක දුෂ්කරතා හමුවේ මේ ගමන ඉදිරියටම යනවා. ඉතින් ගමනේදි බොහෝ අය එයාලට හම්බවෙනවා. අන්තිමේදි විශාල අරගලයකින් පසුව මේ කුණාටු රජුව පරද්දනවා. ඉතින් මේ රජුව පරද්දන්න මේ අයට ගොඩක් කට්ටිය උදව් වෙනවා. උදව් වෙන්නෙ කවුද කියලා බලන්නනම් චිත්‍රපටය බලන්නම වෙනවා.

ඉතින් චිත්‍රපටය ගන්න ඔයාලට අපේ Baiscopedownloads අඩවියට හරි කුමක් හෝ අඩවියකට යන්න වෙනවා. සමහරවිට ඔයාලා ගාව මේක ඇති. මොකද චිත්‍රපටිය ඇවිල්ලා දැන් ගොඩක් කල්. නමුත් මේකට ගැලපෙන නිවැරදි උපසිරසියක් ලැබෙන තුරු බලාන හිටියත් ඒත් හරිහමන් එකක් ආපු නැති නිසා දෝෂ සහිත උපසිරසියක් අරගෙන දෝෂ නිරකරණය කරගනිමින් Listening & Writing තාක්ෂණයත් උපයෝගි කරගනිමින් මේ උපසිරසිය කළා. වැරදි කිව්වට ගොඩක් වැරදි තිබුනෙත් නෑ කඩ්ඩ උපසිරසියේ.

My Little Pony The Movie 2017 චිත්‍රපටියේ විස්තර ටිකක් කියන්නම්. මේ නිර්මාණය එලි දැක්වුනේ 2017 ඔක්තෝබර් 6වෙනිදා. පැයයි විනාඩි 39ක කාලයක් ධාවනය වන මේ චිත්‍රපටය‍ට IMDB මනාප 3157කින් 6.3ක අගයක් ලැබිලා තියනවා. කුණු තක්කාලියෝ 46%ක අගයක් දීලා තියනවා. Animation, Adventure, Comedy යන කාණ්ඩවලට අයත්වෙනවා. බොක්ස් ඔෆිස් ආදායම ලෙස $21,732,671ක ඉහළ ආදායමක් ලබලා තියනවා.

අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ ඇඩ්මින් මඩුල්ලටත්, නන් අයුරින් උදව්කළ සියලු දෙනාටමත්, හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත්.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 400MB | 

7AA7A349B708FC773A5B79108AE7C55091A1FC94

| HDRip | x264 | 720p | 750MB | 

1727B7415B15F1E40C3BDD61445DE48173B56A26

| HDRip | x264 | 1080p | 1.2GB | 

A32690FF5FA108BC81BB35654914F761B25045B7

 Direct Download

| HDRip | x264 | 480p | 411MB | 

| HDRip | x264 | 720p | 750MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *