MENU

Nagina (1986) | නාග කන්‍යා

ඔන්න ආයෙත් ආවා 2017 තිරගත වුණ අලුත් ම නෙවෙයි, ටිකක් අලුත් චිත්‍රපටියක් අරන්. මුලින්ම දෙයක් කියන්නම්. තාක්ෂණික විප්ලවය එක්කම අන්තර්ජාලය වගේ දේවල් ව්‍යාප්ත වුණා. අන්තර්ජාලය අනෙක් හැම දෙයකටම වඩා ඉහළින් වැජඹෙන බව බොරුවක් නෙවෙයි. ෆේස්බුක්, ට්විට්ටර්, වට්සප්, වයිබර අරක මේක දැන් පිරිලා. තමන්ගෙ වටපිටාව ගැන හිතන්නේ නැතුව මේ දේවල් වලින් තමන්ගේ පරමාර්ථය ඉටුකර ගැනීමයි මේවා පාවිච්චි කරන අයගේ අධිෂ්ඨානය. අද කාලේ කෙල්ලෙක් කොල්ලෙක් යාළු වෙලා තරහ වෙන්න යන්නෙත් සුළු කාලයයි. මේකත් වැඩ සැහැල්ලු කිරීමක් වෙන්න ඇති. මේවයේ හොඳ අදහස් වගේම නරක අදහස් තියන අයත් ඉන්නවා කියලා බොහෝ අය හිතන්නේ නැහැ. ‘සිනාවෙන් හෝ කථාවෙන් මිනිසා මනින්නට බැරිනම්, වචනයෙන් මනින්නේ අහවල් මඟුලකටද?’. ඔයාලා විවාහක හෝ අවිවාහක කෙනෙක් විය හැකියි. ඔයාලගේ ජීවිතයට විනාශයක් වෙන්නට ඉස්සෙල්ලා මේ චිත්‍රපටියෙන් දෙන ආදර්ශයත් අරගෙන ඉන්න.

කතාවට හැරෙමුකෝ, සාමාන්‍යයෙන් දියුණු රටවල් පෝන් ටැප් කරන එක ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. මොකද ඔවුන්ගෙ යුධ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න. මේ ක්‍රමය අතීතයේ ඉඳන්ම පැවතුනා. අපේ රටේ නම් ‘චර පුරුෂයෝ’ වගේ ඔත්තු බලන අය. ඔවුන් සතුරන්ගෙ ඔත්තු තමන්ගෙ රාජ්‍යයට ලබා දීමයි ඉටු කරන්නේ. ඔත්තු බැලීම රාජ්‍යයක පාලන කටයුතුවලට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ නිසයි අද කාලයෙත් ‘බුද්ධි අංශ’ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ කතාවෙ ‘සෙල්වම්’ බුද්ධි අංශයේ සේවය කරන්නෙක්. “අවංක සාධාරණ” පොලිස් නිලධාරියෙක් විදිහට අවට අයගෙ නම දිනාගෙන ඉන්නවා. සෙල්වම්ට බුද්ධි අංශයේ අයි.ජී. බාරදූර කාර්‍යක් බාර දෙනවා. ඒ පෝන් ටැප් කරලා ඔත්තු බලන එක. මෙයා නීතී විරෝධී ගනුදෙනු ගැන, එක එක අයගෙ වැරදි ඔත්තු අහනවා. අයි.ජී. මෙහෙයුම් සාර්ථකයි කියලා සුභ පතනවා. සෙල්වම් ඔත්තු අහන් ඉන්න අතරවාරයේ එක එක කතා ඇහෙනවා. ඒ අස්සේ හොරෙන් පෙම් කෙළින ජෝඩුවකගේ කතා බහක් ඇහුන්කන් දෙන්න පුරුදු වෙලා හිටියා. අනංගයෙක් පාළුවෙන් ගෙදරට වෙලා ඉන්න ගෘහණියන්ට ඇමතුම් අරන් දුක සැප බෙදා ගන්නවා. හොර අහන් ඉන්න අතර වාරයේ එක් කෙළවරකින් මේ අනංගයා ගන්න ඇමතුමකින් තමන්ට හුරුපුරුදු කටහඬක් තවත් කෙලවරකින් ඇහුනා. සෙල්වම්ට දෙලොව රත්වෙන්න පටන් ගත්තා.

සෙල්වම් මේ අනංගයව හොයාගෙන ගිහින් පොලිස් නිලධාරෙක්ගෙ බලය පෙන්වලා අනංගයව බිය වද්දනවා. ඒත් ඒ වෙනුවට බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ද වෙනවා. එයින් සෙල්වම්ගේ පවුලේ ගෞරවයට මහත් බලපෑමකට ලක් වෙනවා.

සෙල්වම් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? චිත්‍රපටිය අවසානයේ අපිට හිතාගන්න බැරි දෙයක් සිද්ද වෙනවා. එයින් අපිට හුඟක් ආදර්ශ දෙනවා. පටලවා ගන්නේ නැතුව බලන්න. මොකද මේක අවුල් ජාලයක්.

තිරුට්ටු පයලේ, 2006 නිකුත් වුණ වචනාර්ථයෙන්ම බ්ලොක් බස්ටර් එකක්. ඉන්දියානු කෝටි 7 කින් 40ක් ඉපයුවා කියනකොට හිතා ගන්න පුළුවන් නේද? ඒ චිත්‍රපටියේ නළු නිළියන් වුනේ ජීවන්, අබ්බාස්, සෝනියා, විවේක් ආදි නළු නිළියන්. චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන්නේ ‘සුසී ගනේෂන්’ කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම 2006 වසරේ සම්මාන කිහිපයකට ම භාජනය වෙලත් තියෙනවා.

ඉන්දීය දමිළ සිනමාවේ එතරම් සාර්ථක චිත්‍රපටයක දෙවන කොටස විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේ චිත්‍රපටියක දෙවන කොටසක් නිර්මාණය කිරීමේදි අධ්‍යක්ෂවරයා සමත් ද, අසමත් ද කියලා නම් කියන්න දන්නේ නැහැ. ඒ ගැන ඉස්සරහට තියෙන සම්මානෝත්සව වචනයක් දෙයි. අන්තර්ජාලයේ නම් ප්‍රතිචාර ටිකක් ඉහළින් තියෙනවා. චිත්‍රපටියේ අධ්‍යක්ෂක සුසී ගනීෂන්ගේ මුල් චිත්‍රපට 3-4 අති සාර්ථක වාර්තා තැබූ ඒවා. ඔහුගේ පලුමු චිත්‍රපටිය ‘ෆයිව් ස්‍ටාර්’. ෆයිව් ස්ටාර් කියද්දි දමිළ ප්‍රේක්ෂකයන්ට සැනින් මතක් වෙන්නේ ‘ප්‍රසන්න’. ප්‍රසන්න රංගනයට පිවිසෙන්නේ ෆයිව් ස්ටාර් චිත්‍රපටියෙන්, ඒකත් මේ සුසී ගනේෂන්ගේ. ඒ වගේම ප්‍රසන්නා මේ චිත්‍රපටියේ වෙනස්ම චරිතයකට මුහුණ දෙනවා. සුපුරුදු ශෛලිය අතහැරලා රළු, දාමරික විදිහක රංගනයක් බලාගන්න පුළුවන්. Nibunan (2017) වෙනකල් දැකපු ප්‍රසන්න නම් නෙවෙයි දැන් ඉන්නේ.

Jigarthanda (2014) බලලා ඇති නම් කාවද මතක් වෙන්නේ? ඔව්! ඇසාල්ට් සේතු. බොබී සිම්හගේ ප්‍රබල රංගනය කාටද අමතක වෙන්නේ? දක්ෂ නළුවෙක් කියලා හැමෝම දන්නවා. මේ චිත්‍රපටියේ දුෂ්ට, ගොරෝසු චරිතයෙන් මිදිලා වෙනම චරිතයකට දායක වෙනවා. ඒ වගේම දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රබල රංගන ශිල්පිනියක් වන අමලා පෝල් ප්‍රධාන නිළියට දායක වෙනවා.

ඉතින් කලින් සබ්වල අකුරු පෙන්නන්නේ නැහැ කියලා ගොඩක් අය කියන නිසා මේ පාර මම සබ් එකක් ටයිම් ලයින් ගහලා හැදුවා. ලේසි නැහැ. වැඩි වෙලාවක් ගියේ ඒකට. මේ චිත්‍රපටිය බලලා අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. ස්තූතියි!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 970MB | 

8acd9c0b87071b2c45849ab8ddf113f7fed75af1

 Direct Download

| DVDRip | x264 | 720p | 1GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Nagina (1986) | නාග කන්‍යා

  • සංජය

    මෙතන.විස්තරයයි නාගිනා ෆිල්ම් එකේ පෝස්ටර් එකයි නේද තියෙන්නේ..

    Reply
    • සංජය

      විස්තරේ සහ පෝස්ටරය ගැලපෙනනේ නැ නේද

      Reply
  • මේක පොඩ්ඩක් ටැපලිලා වගේ නේ 😛

    Reply
  • ane me direct link eken download krnna bane. wna link ekak denna barida?

    Reply
  • Thasitha Nilanka

    Update link plzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *