MENU

Nightwing: The Series (2014) [S01] Complete

DC comics පිස්සෝ වෙනුවෙන් ඔන්න තවත් කතාමාලාවක් අරගෙන ආවා. මොකද මං හිතාගෙන ඉන්නේ DC Comicsලගේ දෙන්න බැරි වුන හැම චිත්‍රපට හා කතාමාලා සියල්ල පුළුවන් විදිහට ලබාදෙන්න. හැබැයි මේක නම් ඇනිමේෂන් එකක් නෙවෙයි. මේකත් ඔයාලා බලන අනෙක් කතාමාලාවන් වගේම තමා. මේකත් අර මං කලින් ගෙනාපු Vixen කතාමාලාව වගේම mini සීරියස් එකක්. මේක 2014 විකාශය වුන නිසා සමහර අය නම් බලලත් ඇති. නමුත් බලපු/නොබලපු හැමෝම වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි සුදානම. වෙනදා වගේම මේ කතාමාලාව උපසිරැසි ගැන්වීමට අවසර ලබා දුන් සමීර චතුරංග සහෝට ස්තුතියි. ඒවගේම ඉතිං මං කිව්වම නයිට්වින්ග් ගැන සුපිරිම ලිපියක් දීපුසමන් ප්‍රසාද්[පූසා] සහෝටත් ගොඩක් ස්තුතියි බං.

Nightwing [නයිට්වින්ග්] ගැන සම්පුර්ණ ලිපිය මෙතනින් ගිහින් බලන්න. Warner Bros, DC Comics කියන එකතුවෙන් මේ නිර්මාණය වුන කතාමාලාව අන්තර්ජාලයේ විකාශය වූවක්. ඒවගේම මෙම සමාගම් දෙකම සදහන් කරලා තියෙනවා “මේ කතාමාලාව කිසිදු ලාභයක් බලාපොරොත්තු වීමකින් තොරව ප්‍රේක්ෂකයන් වෙතට තිලිණ කරන ළද කතාමලාවක් කියලා. ”  IMDb අගය 7.6/10 ලබාගෙන තියෙන මෙම කතාමාලාව  Action තනි ඝණයට ඇතුළත් වෙනවා.හැමෝම දන්නා කියන නයිට්වින්ග් කියන මේ කතාමාලාව කිසිදු කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා මට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. මේකේ කොටස් 6 වර්ග කරලා තියෙන්නේ මෙන්න මෙහෙම,

  • Episode 1 – Deathstroke     –  කාලය විනාඩි 08 තප්පර 26.
  • Episode 2 – Origins         –  කාලය විනාඩි 07 තප්පර 11.
  • Episode 3 – Descent         –  කාලය විනාඩි 10 තප්පර 02.
  • Episode 4 – Oracle          –  කාලය විනාඩි 10 තප්පර 27.
  • Episode 5 – Legacy          – කාලය විනාඩි 15 තප්පර 37.

ස්ලේඩ් විල්සන් කියන්නේ ඇමරිකානු හමුදාවේ හිටපු හොදම සොල්දාදුවෙක්. S.H.A.D.E නැත්තම්  ඉහළ මට්ටමේ සුපිරි මිනිස් ආරක්ෂක වෑයම කියන නමින් පැවතෙන කණ්ඩායම වසින් ස්ලේඩ් විල්සන්ව මේටා හමුදා ව්‍යාපෘතියට යොදාගෙන තියෙනවා. ඖෂධ වැඩි කරලා ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒවගේම විටමින් අඩංගු හෝමෝන ඉහළ දාලා ඔහුගේ සියළුම ප්‍රත්‍යාවර්ථ ක්‍රියාවන් ඉහළ දාලා තියෙනවා. ඇමරිකානු රජය තමයි මේ ස්ලේඩ් විලසන් නොහොත් ඩෙත්ස්ට්‍රෝක්ව නිර්මාණය කලේ. පස්සේ කාලයක ඔහුගේ පාලනය තොර වුණා. ඔතනින් පස්සේ ඔහුට මේ දේ කරපු හැමෝගෙන්ම පළිගන්න තීරණය කළා. ඔතනින් පස්සේ තමයි ඔහු හැම තැනකටම ගිහින් මිනි මරන්න පටන් ගන්නේ. මේක නයිට්වින්ග් සීරිස් එක වුණාට මේකට තවත් ප්‍රධාන චරිත ඇතුළත් වෙනවා. බැට්මෑන් නොහොත් බෘස් වෙයින්, බාබ්රා ගෝඩ්න්, රොබින්. ඩික් ග්‍රේසන් කියන කෙනා තමයි නියිට්වින්ග් විදිහට ඉන්නේ. මේ ඩික් නියිට්වින්ග්වෙන්න කලින් රොබින්. ( මේ සිද්දිය ඔයාලට හොදටම තේරෙයි Batman vs Robin ෆිලුම බැලුවානම්) මොකද මෙතන රොබින්ලා දෙන්නෙක් ඉන්නවා. අනික් කෙනා තමා ජේසන්. කොහොමහරි ඩික් හා බෘස් දෙන්නා ජෝකර් ගැන වැඩ වගයක් ඉන්න අතරතුරේ ජෝකර් ඇවිත් බාබ්රාට වෙඩිතියලායනවා.විශේෂයෙන්ම කියන්න ඕනේ බාබ්රා හා ග්‍රේසන් අතර ආදර පලහිලව්වක්තියෙනවා. ග්‍රේසන් හා ගොඩක් අය හිතන්නේ බාබ්රාමැරිලා කියලා. නමුත් ඇය මැරිලා නැහැ. ඇය බේරිලා නමුත් ඇයගේ දැඩි ඉල්ලීම පරිදි අවුරුදු 3 ක් තිස්සේ රහසේ සැගවිලා ඉදලා. ඒකට උදව් කරලා තියෙන්නේ බෘස්. ඩික් අයින් වෙලා යනවා. ඩික් හිටිය රොබින් කියන තත්වයට ජේසන් ව දානවා. නමුත් එකතරා සිද්දීයකදී ජේසන්, ජෝකර්ගෙන් ගුටිකාලම මැරෙනවා. නමුත් එයා හැමෝටම හොරා මරණයෙන් නැගිටලා ඇවිත් රහසේ වැඩ කරනවා. කතාව පුංචි උනාට කියන්න අපහසුයි. ඒ උනාට කතාව ලස්සනයි. එහෙනම් ඉතිං බලලම ඉන්නකො.

උපසිරැසිය අරගන්න අය අදහසක් කොටාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතිං මං අදට සමුගන්නවා. බයිස්කෝප්වාසි සියළු දෙනාටම ජයෙන් ජය..!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 483MB | (Complete S01)

Direct Download

| WEBRip | x264 | 720p | 483MB | (Complete S01)

  

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
 
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Nightwing: The Series (2014) [S01] Complete

  • Night Wing

    Can you add The Batman (Tv Series 2004-2008)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *