කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවෙනි රූපවාහිනී කතා මාලාවට උපසිරැසි ගේන්නයි මේ සූදානම. මුලින්ම මේක වෙන් කරලා දුන්න හසන්ත වික්‍රමරත්න අයියට ස්තූතිවන්ත වෙනවා. Joe Hill විසින් රචිත 2013 නිකුත් වුන NOS4A2 නවකථාව පාදක කරගෙන AMC නාලිකාව විසින් 2019 ජුනි 02 දා විකාශය වුන NOS4A2 කතා මාලාවටයි මේ උපසිරැසි ලබා දෙන්නේ.ප්‍රේක්ෂක මනාප වලින් IMDb 6.7ක අගයක් ලබා ගන්න මේකට පුළුවන් වෙලා තියෙනවා. කොටස් 10කින් යුතු මේ කතා මාලාව Supernatural | Horror | Drama ගණයට වර්ගීකරණය කරලා තියෙනවා.කථාව පැත්තට හැරෙමු එහෙනම්.
වික් මැක්වීන් කියන්නෙ අධි ස්වාභාවික හැකියාවක් තියෙන කෙනෙක්.මේ අයට කියන්නෙ ශක්තිමත් නිර්මාණකරුවන් කියලා.ඒ අයට පුළුවන් මනසෙ තියෙන යම් ස්ථානයක් සැබෑ ලෝකයට ඇදලා ගන්න. ඒ කියන්නෙ ඒකට පිවිසෙන්න. මේ ස්ථාන වලට කියන්නෙ දර්ශන කියලා.හැමෝගෙම ලඟ මේ දර්ශන තිබුනත් ඒවා සැබෑ ලෝකයට ඇදලා ගන්න හැකියාව තියෙන්නෙ මේ ශක්තිමත් නිර්මාණකරුවන්ට විතරයි. ඒකට තෝරා ගත්ත භෞතික වස්තුවක් ඕන. කතාවෙදි නම් ඒකට කියන්නෙ පිහියක් කියලා. හැබැයි මේ නිර්මාණකරුවන්ට මේ ත්‍යාගයන් පාවිච්චි කරද්දි යම් මිලක් ගෙවන්න වෙනවා. මේ නිසා නිර්මාණකරුවන්ට තමන්ගෙ සම්පූර්ණ හැකියාවන් ලඟා කරගන්න කලින් මරණයට පත් වෙන්නත් සිද්ද වෙනවා.
කථාවේ දුෂ්ඨයා ඒ කියන්නෙ චාලි මැන්ක්ස් කියන්නෙත් මේ වගේ ශක්තිමත් නිර්මාණකරුවෙක්.මැන්ක්ස් අමරණීයයි. ඒත් ඔහුට ගෙවන්න වුන මිල ඔහුගෙ ආත්මය.ඉතින් මැන්ක්ස් තමන්ගෙ දර්ශනය වෙන නත්තල්ලන්තය කියන ස්ථානයට නොසලකා හැරීමට ලක් වුන ලමයින්ව අරන් යනවා.මේ ලමයින්ගෙ ආත්ම වලින් යැපෙන මැන්ක්ස්ට දිගටම ජීවත් වෙන්න පුළුවන්.දවසක් වික් තමන්ගෙ දර්ශනය කෙටි මාර්ග පාලම සැබෑ ලෝකෙට ඇදලා ගන්නවා. මේක දැනෙන මැන්ක්ස් වික් ව දඩයම් කරන්න එනවා..ඔය මදැයි ඉතින්.
Star Trek චිත්‍රපට මාලාවේ Spock ගෙ චරිතයට පණ පොවන Zachary Quinto චාලි මැන්ක්ස් ගේ චරිතයෙන් දැකගන්න පුළුවන්. හොඳ නරක ගැන කියලා කමෙන්ට් එකකින් සහයෝගය දක්වන්න කියලා ඉල්ලන ගමන්. මීලඟ කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | TBS | 591MB |
Direct Download
| WEB | x264 | TBS | 591MB |
3 thoughts on “NOS4A2 [S01 : E01] | නත්තල් ලන්තය”
වෙන ටීවී සීරියස් එකක ලින්ක් එකක් තියෙන්නෙ
බ්‍රො වෙන එකක ලින්ක් එකක් තියෙන්නේ.. හරි ගස්සන්නො
“NOS4A2.S01.COMPLETE.720p.WEB.x264-GalaxyTV” Copy kata had anna anith ewa seeds na.