MENU

Odds Are (2018)| භයානක ක්‍රීඩාව….

මේ සුදානම අලුත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න, මේක ත්‍රාසජනක චිත්‍රපටයක්… කතාවේ ආරම්භයට අනුව සහ අවසානයට අනුව නම් මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්, හැබැයි මට නම් මේකට අදාළ සත්‍ය සිදුවීම ගැන මොකුත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ. මීට දින කිහිපයකට කලින් පිටපතක් නිකුත් වුනත් ඒ ගැන වැඩිය හිතුවේ නැහැ නමුත් පූර්ව ප්‍රචාරක පටය බැලුව ගමන් හිතුවා කුතුහලය රැදී කතාවක් වෙන්න ඇති කියල… ඇත්තෙන්ම එහෙම වුනා නොහිතුව පෙරලියක් එක්ක… ඉතින් ඔබටත් ආරාධනා කරනවා පූර්ව ප්‍රචාරක පටය බලලාම ඉන්න මුලින්….

Peter Markle අතින් නිර්මාණය වුනේ මේ සිනමා නිර්මාණය තුල අපි දකින මුහුණ නම් බොහොම අලුත් කිව්වැකි. ඔවුන් නමින් Ron Eldard, Karynn Moore, Markus Silbiger වගේ පිරිසක්. කලින් කිව්වා වගේ Thriller කාණ්ඩය නියෝජනය කරනා පැය 1 කුත් මිනිත්තු 42 ක් පුරා දිවයන මේ කුතුහලය රැදී කතාවේ කතා තේමාව පැත්තට හැරෙමු එහෙනම්…

කතාව මෙහෙමයි, රයන් සහ ට්‍රේසී පෙම්වතුන් රයන් කුඩා කාලයේ ඉදලම දන්නා මිතුරියක් තමයි කෙලී කියන්නේ නමුත් ඇයගේ ඔහුට වෙනත් සම්බන්ධයක් තියනවා ඒ ගැන ඔබට කතාව යනකොට දැනගන්න ලැබෙයි. කොහොම නමුත් කෙලී නම් ට්‍රේසීට ඒ තරම්ම කැමැත්තක් නැහැ, හැකි තරම් පෙම්වතුන් දෙන්නා එක්කාසු වෙන තැන්වලට එකතු වෙලා බාධා කරන්න තමයි ඇයගේ ආසාව. කොහොම නමුත් මේ කට්ටිය එක්කාසු වුන දවසක ඔවුන් පුංචි සෙල්ලමක් පටන් ගන්නවා…. අපි ඒ සෙල්ලමට ඔට්ටුයි බැරුවට කියමුකෝ… සෙල්ලම වෙන්නේ මෙහෙමයි දෙපාර්ශවය මුලින් අංක 1 – 10 දක්වා අංක අතර අංක පරාසයක් කතා කරගන්නවා, මේ අංක පරාසය එකක් හෝ දෙකක් වෙන්න පුළුවන් ඉන් පස්සේ දෙන්නම එකවර තමුන් හිතාගත්ත අංකය කියනවා… හැබැයි ඔන්න දෙන්නම කිව්ව අංක සමාන වුනොත් මුල් අභියෝගකරුවා කියන දෙය අනික් නෙකාට කරන්න සිද්ධ වෙනවා… අසමාන වුනොත් ඉතින් ඒකෙ අනික් පැත්ත තමයි…

මුහුදු වෙරළේ අහිංසක විදිහට කෙරුණ මේ ක්‍රීඩාව අත්හරින්නට සුදානම් නොවුන කෙලී අවසාන අභියෝගයක් කරනවා ටේසීට ඒ ඇය පෙන්වන ගෙයක් වෙත ගිහින් ඒ ගෙදර අමුත්තා එක්ක කතා කරලා කොහොම හරි ගෙට ගොඩ වීම… බොහොම සරලයි වගේ නේද ? නමුත් ඉතින් මේ වෙලාවේ ට්‍රේසී සමත් වෙනවා කෙලී නොහිතූ අංකයක් කියන්න මේ නිසාවෙන් කෙලීට සිද්ධ වෙනවා මේ නිවස වෙත යන්න… ඇය සාර්ථක වෙනවා නමුත් ගෙදරින් එලියට එන පාටක් නම් පෙන්නේ නැහැ… මේ ගැන විපරම් කරන්න යන රයන් ජනේලයකින් එබී බලනකොට දකින්න ලැබෙන්නේ තොණ්ඩුවක් නිසාවෙන් ගෙල සිරවී දඟලන කෙලී…

ඉතින් මොකද්ද මේ වෙන්නේ ? සෙල්ලම ලෙල්ලම වෙලා ඉවර ද? කවුද මේ ගෙදර අයිතිකාරයා ? මේ පෙනෙන දේමද සිද්ධ වෙන්නේ ? මේ සියල්ල බලාගැනීම ඔබට භාරයි…. මේක මගේ පැත්තෙනුත් කරන එක්තරා පරීක්ෂණයක් බලමු ප්‍රතිපල කොහොම වේවිද කියලා… අදහසක් දක්වා යන්න කියලත් ඉල්ලා සිටිනවා, එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload

https://www.youtube.com/watch?v=i73QVZCQgtI

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 750MB |

232E1F6A78100999416AD3C2312E4A1AA0C6ACFF

Direct Download 

| WEE-DL | x264 | 720p | 750MB |

       

 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Odds Are (2018)| භයානක ක්‍රීඩාව….

  • විනෝද්

    ආවුස්.පස්ටනෙ.තෑන්ක්ස් බන්?

    Reply
  • protect eka nisa torrent link ekawath copy karaganna bene bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways