MENU

One Strange Rock [ S01 : 10 – Home ] | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..!

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

ආයුබෝවන් යාළුවනේ..!
“අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, එහෙනම් මම ප්‍රශ්නයක් අහල ඉන්නම්. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ගෙදර කොහෙද, කියල මොකද්ද දෙන උත්තරය? නොයෙක් අය නොයෙක් තැන් ගැන කියයි. හැබැයි අපි ගෙදර කියල නොකියන තැනක් තමන්ගෙ ගෙදර කියල හඳුන්වාගන්න පිරිසකුත් ඉන්නව. ඒකට හේතුව එයාල අපිට වඩා මයිල 250ක් උඩ හිටපු කට්ටියක් වීම. අපි මෙතෙක් කතා කළේ ඔවුන්ගේ අත්දැකීම් එක්ක. මේ වෙනතෙක් අපි අජටාකාශගාමීන් 7 දෙනෙක් එක්ක දීර්ඝ කතාබහක් සිද්ධ කළා.
Chris Hadfield,
Nicole Stott,
Jeffrey A. Hoffman,
Mae Jemison,
Leland Melvin,
Mike Massimino,
Jerry Linenger.

අද එන්නෙ විශේෂ කෙනෙක්. නමින් ඇය Peggy Whitson. ඉතිං ඇයි ඇය මෙ තරම් විශේෂ? ඔන්න ගවේෂකයන්ට ඉඩ තියල ඇගේ විශේෂත්වය ගැන කිසිම දෙයක් මම හෙළි කරන්නෙ නෑ. නමුත් මම ඇය ගැන වෙන විදියකට කියන්නම්. සමනලයෙක් හැදෙන්නෙ කොහොමද? අපෝ උත්තරය හරි සරළයි නේ? සමනලයෙක් හැදෙන්නෙ දළඹුවෙක්ගෙන්. දළඹුවා, සුහුඹුලා බවට පත් වෙලා පස්සෙ සමනලයෙක් වෙනව. මේ සමනලුන් අතර ලෝකයේ ඉතාම විශේෂ සමනල විශේෂයක් ඉන්නව. මොනාක් සමනලුන්. ඒකට හේතුව ලෝකයේ විවිධ ප්‍රදේශය වල ජීවය ආරම්භ කරන මොවුන් ශීත කාලය ගත කරන්න මයිල දෙතුන් සීය ගෙවාගෙන යන්නෙ මෙක්සිකෝවට. හිතන්න සමනලයෙකුට ඒ තරම් දුරක් යන්න පුළුවන් ද? ඇරත් යන්න හරියට පාරක් දන්නෙත් නැතුව. ඒක තමයි ස්වභාවධර්මයේ තියෙන රහස. ඉතිං මොනාක් සමනලුන් එක්ක Peggy Whitsonට තියෙන සම්බන්ධය මොකද්ද? උත්තරය තියෙන්නෙ අද කොටස තුළින් දැන්ගන්න පුළුවන්.

ඉතිං අපි මෙතෙක් ආපු ගමනේ ලෝකය නිර්මාණය වුණු විදිය, ලෝකයට ජීවය ලැබුණු විදිය, ජලය හටගත් විදිය, ජීවින් හටගත් විදිය, ඒ වගේම සූර්‍යයාගේ ශාපය සහ ආශිර්වාදය, චන්ද්‍රයාගේ බිහි වීම, ජාන හටගත් හැටි, ප්‍රභාසංස්ලේෂණය, මරණය, සොබාදහමේ ආශිර්වාදය, සම්පත් කොල්ල කෑමෙ ප්‍රතිවිපාක, පෘථිවිතලයෙන් බැහැරව වෙනත් ග්‍රහලෝක වල ජනාවාස තැනීම, මෙකී නොකී දාහක් දේවල් ගැන දැනගත්ත. අද කියන්නෙ අපේ ගෙදර ගැන. ඒකත් ඔයයි මමයි හිතාගෙන ඉන්න, දන්න ගෙදර නෙවෙයි. අපේ ඇත්තම ගෙදර ගැන.

දැන් මම මේ කියන කතාවට ලොකුවට අදාල නම් නැහැ. නමුත් දැනුවත් වීම උදෙසා කියන්නෙ. ශ්‍රී ලංකා ධරණීතලයට විශාල ගෞරවයක් එක්කළ විශිෂ්ට විද්‍යාඥ ආතර් සී ක්ලාක්, මෙතුමා ගැන නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. ඉතිං ඔබත් දැනුම ගවේෂණයට ලැදියාවක් දක්වන කෙනෙක් නම්, එතුමා රචනා කරන ලද, “ලෝක විනාශය, රාමා, මිහිකතේ ගීතය, 2010, 2061, 3001 ” පොත් පෙළ රස විඳින්න කියලත් ආරාධනා කරනව.

“ජීවය පිළිබඳ වියහැකියාවන් දෙකක් පවති: එක්කෝ අපි විශ්වයේ තනිවී සිටී හෝ තනිවී නැත. කෙසේ වෙතත් කාරණා දෙකම එකම ආකාරයෙන් තැතිගන්වනසුළුය..”
– ආතර් සී ක්ලාක් –

ඒ වගේම “ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ස්ටීවන් හොකින්ස්” නම කිව්වම කවුද නොදන්නෙ. ඉතිං පහුගිය දවසක විද්‍යාව මගින් එතුමා ඉදිරිපත් කළ සංකල්පයක් යථාර්ථයක් බව ඔප්පු කළා. ඒ තමයි “කළු කුහර.” මේ වෙනතෙක් හුදෙක් මතයක්ව පැවතුණු සංකල්පයක් ඒ අනුව යතාර්ථදර්ශි බවට පත් වුණා.

“බුද්ධිය යනු වෙනස්වීම් වලට හුරුවීමට ඇති හැකියාවයි..”
– ස්ටීවන් හෝකින්ස් –

ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නැෂනල් ජියොග්‍රොෆි ආයතනය විසින් තීරණය කරල තියෙනව මෙම කතා මාලාවේ දෙවැනි කතා මාලාවක් ලබා දෙන්න. IMDb දර්ශකයේ 8.9ක දැවැන්ත අගයක් පළමු කතා සමයට ලැබීමෙන් තේරුම් ගන්න පුළුවන් දෙවැනි කතා සමයක පදනම සැකසෙන බව. ඒ වගේම ඒ කතා සමය මේ වසරේ අග නිකුත් කිරීමට නියමිත බව තමයි සඳහන් වුණේ. ඒ වගේම මතක් කරන්න ඕනෙ මේ කතා සමය ඔබ වෙත ගෙන ආවෙ ශාන් විමුක්ති එක්ක එකතුවෙලා. ඔහුට වගේම අදහස් දැක්වූ හැම කෙනෙකුටම මේ අවස්ථාවෙ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිනවා. තෙරුවන් සරණයි..!

“යමෙක් ගස් සෙවනක හිඳ සෙවන ලබා, එම ගසෙහි එක් පත්‍රයක් හෝ සිඳලන්නේහිද, හේ තෙම මිත්‍රද්‍රෝහී ක්‍රියා කළා වන්නේය…!”
– ගෞතම බුදුරජාණන් වහන්සේ –

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 380MB |

Direct Download

| WEB-DL | x264 | 480p | 168MB |

| WEB-DL | x264 | 720p | 348MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *