MENU

Outpost: Rise of the Spetsnaz (2013) | ඈත මුරපොලේ යලි නැගිටීම…

Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Possa විසින් Osakin ලෙසත්, Michael Mckell විසින් Colonel Strasser ලෙසත් හා නළු නිළියන් විශාල ප්‍රමාණයකගේ දායකත්වයද මිට ලැබී ඇත.

මෙහි පසුබිම වන්නේ දෙවන ලෝකයුධ සමයේ නැගෙනහිර යුරෝපයේ නාසි ක්‍රියාකාරකම් පිළිබඳවයි. එනම් දැනටමත් පරාජයෙ හිනිපෙත්ත මතට යමින් පවතින ජර්මන් හමුදා යුද්ධය ජයග්‍රහනය පිණිස රැසියන් හමුදාවනට පහරදීමට නව ආකාරයක ආයුධයක් අත්හදාබලමින් පවතිනවා. ඉතින් දිනක් මේ පිළිබඳ, මේ සැඟවුණ මුරපොළ පිළිබඳ අහන්න ලැබෙන රුසියන් බට පිරිසක් මේ නාසි කඳවුර හොයායනවා. එහිදී ඔවුන්ව කොටුවෙන අතර, තමන් සමඟ එකම පැත්තේ සටන්කරණ සහෝදර සෙබළුන් කිහිපදෙනා එහිදී මුණ ගැහෙනවා. හැබැයි ඔවුන්ව වෙන්කරල ඔවුන්ව නාසීන් සිය පර්යේෂන වලට ගන්නවා. කොටින්ම කිව්වොත් සොම්බීන් අතහදාබැලීමට රුසියන් සෙබළුන් යොදාගන්නවා. විවිධ පර්යේෂන සිදුකරමින්, අද්භූත යන්ත්‍රයක් ආධාරයෙන් තමයි මොවුන් මේ වැඩ කටයුතු සිදු කරන්නේ. ඔවුන් එය ආලෝකයේ ඇස යනුවෙන් හඳුන්වනවා. නාසීන් රුසියන් සෙබළුන්, සොම්බීන් එක්ක සටන්කරණ හැටි, ඔවුන්ව මරණයට පොළබවන හැටි පිළිබඳ අධ්‍යනයක් සිදුකරනවා. මෙහිදී Dolokhov එතන තියෙන රුධිර පටකමය ද්‍රව්‍යක් ආහාරයට ගන්නවා. එමගින් ඔහුට තරමක අසාමාන්‍ය ශක්තියක් සටන්කරන්න ලැබෙනවා. අවසානයේ සගයන් දෙදෙනෙක් පමණක් ඉතිරි වෙනවා ඒ කණ්ඩායම් නායක Dolokhov හා Fyodor යන දෙදෙනා. ඒත් ෆියොඩෝර් නුත් සොම්බියෙක් බවට පත්වෙනවා. අවසානයේ Fyodor සිය ජීවිතය මිතුරා වෙනුවෙන් කැපකරණ අතර Dolokhov ඉන් මිදී පළායාමට සමත් වෙනවා. රුසියන් සෙබළුන්ට අත්වීමට සිදුවන ඉරණම පිළිබඳවත් Outpost කතාමාලාවේ ආරම්භය සිදුවන හැටිත් මෙමගින් නිරූපනය වේ. ඔවුන්ගෙන් කාටද මේ නාසි කඳවුරෙන් දිවිගලවා ගත හැක්කේ යන්න ඔබම බලා තීරණය කරන්න…..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BRRip | XviD | x264 | 710MB  |

B5B774E8C3419D5DD24EF9F83160F4F466E5A882

 Direct Download

 | BRRip | XviD | x264 | 697MB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Outpost: Rise of the Spetsnaz (2013) | ඈත මුරපොලේ යලි නැගිටීම…

  • Mt meke sub ganna denne na ne bn…ikmnta linke ekak dpnko mcn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *