MENU

Paris, Texas (1984) | වැලි කතරක සිහි මුලා වී…

මෙය තිරගත වී තිබෙන්නෙ 1984 වර්ෂයේදි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Wim Wenders විසින්. එමෙන්ම මෙම චිත්‍රපටය ප්‍රංශ සහ ජර්මන් සමාගමක් දෙකක හවුල් නිපැයුමක්. චිත්‍රපටිය මුළුමනින්ම තිරගත කර තිබෙන්නෙ ඇමරිකාවේ. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Harry Dean Stanton, Nastassja Kinski, Dean Stockwell, සහ Aurore Clement යන නළු නිළියන්. මේ චිත්‍රපටය අයත් වන්නෙ Drama සහ Road Movie කියන කැටගරි වලට. එමෙන්ම මෙම චිත්‍රපටය 8.1 ක් වැනි ඉහලම IMDBඅගයක් හිමිකරගෙන IMDB දර්ෂකයේ 242 වෙනි තැන පසුවෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයට විවිධාකාර සම්මාන 16ක් හිමිවී තිබෙනවා. ඉතිං මෙය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් විශිෂ්ට ගණයේ සිනමා සිතුවමක් බව පැහැදිළියි.

ඇත්තටම මෙය මතුපිටින් සරල කතාවක් වගේ පෙනුනනට ඇතුළතින් ගැඹුරැ අරැතක් කැටි කරගත් චිත්‍රපටයක්. මෙහි කතාව විස්තර කරන එක නම් ටිකක් අමාරැ වැඩක්. එම නිසා මං කතාවට පුංචි ප්‍රවිශ්ට වීමක් පමණයි ලබාදෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතෙ වෙන්නෙ ට්‍රෙවිස් නැමැති මැදිවියේ පුද්ගලයෙක්. කිසිදු සිහියක් කල්පනාවක් නොමැතිව අතරමංව සිටින මෙම පුද්ගලයාව ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයකදි සොයාගනු ලබනවා. පසුව මොහුට ප්‍රතිකාර කෙරෑ වෛද්‍යවරයාගෙන් ලැබෙන පණිවිඩයකට අනුව මොහුගේ සොහොයුරා මොහු සොයා පැමිණෙනවා. වසර 4ක කාලයක් අතුරදහන් වී සිටි තම සොහොයුරාව නැවත දැකගන්නට ලැබුනත් එම වසර 4ක කාලය තුළ සිදුවු කිසිදෙයක් ඔහුගේ මතකයේ සටහන් වී නැහැ. ඉතිං මේ ට්‍රෙවිස් නැමැති පුද්ගලයාට මෙවැනි ඉරණමකට මුහුණ පාන්නට සිදුවූයේ කුමක් නිසාද? තම ජීවිතයේ තිබෙන යම් යම් අඩු පාඩු නිසා ඔහුට මුහුණ දෙන්නට සිදුවු මෙම සිදුවීමට ඔහු කෙසේ මුහුණ දේවිද?

විනාඩි 144ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය ඇත්තටම ටිකක් සෙමින් කතාව ගලාගෙන යන චිත්‍රපටයක්. විශේෂයෙන්ම මෙහි මුල් සහ මැද කොටස් වලදි කතාව ඉතාමත් මන්දගාමී විලසින් තමා ගලාගෙන යන්නෙ. නමුත් චිත්‍රපටයේ අවසානයට ලඟාවෙද්දි කතාවේ යම් කිසි කුතුහලයක් ජනිත වෙනවා. එමෙන්ම මෙහි අධ්‍යක්ෂවරයා වැඩිපුරම උත්සහ දරා තිබෙන්නෙ චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන්න. එමෙන්ම මෙම චිත්‍රපටයේ ඉතා හොඳ අවසානයකුත් තිබෙනවා. ඉතිං කතාව නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. එමෙන්ම මෙම චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම චිත්‍රපටයේ ස්වභාවයටම සරිලන අපූරැ පසුබිම් සංගීතයක් තිබෙනවා. එයින් චිත්‍රපටයට අමුතුම අලංකාරයක් එක්වෙලා තිබෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | 840MB |

42e1f0818f87963872420e7317cf9cab1b7ccaa6

 | BluRay | x264 | 1080p | 2.1GB |

f4747ecddb1e0ef43a299cb781941d18d67c2f68

 Direct Download

 | BluRay | x264 | 720p | 840MB |

 | BluRay | x264 | 1080p | 2.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *