MENU

Phantom Thread (2017) | රන්හුයකින් ගෙත්තම් කල මායාවේ ආදරය…

ආදරය ආත්මාර්ථකාමී… ඕක අපි බොහොම දෙනෙක් අහලා තියන දන්නා දෙයක් වුනත් ඒ තිත්ත ඇත්ත පිළිගන්න සුදානම් බොහොම ටික දෙනයි… මොකද අපි කිසිම කෙනෙක් සමාජය ඉදිරියේ ආත්මාර්ථකාමීක් වෙන්න කැමති නැහැ, අපිට අපේ ප්‍රතිරූපය බොහොම වැදගත් නිසාවෙන අපි හැමෝම කිසියම් විදිහක මවා පෑමක් ජිවිතයේ කරලා නැති වෙන්න බැහැ නෙව…

ඔහු වෘතියෙන් කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, ඔහුගේ සේවාදායකයන් වෙන්නේ එසේ මෙසේ මිනිසුන් නෙමෙයි සිටුවරියන්, රාජ කුමාරිකාවන්… ඔහු තමුන්ගේ ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් වගේම සැබෑ දක්ෂයෙක් නමුත් ඔහු සැබවින්ම අමුතු මිනිසෙක්… ඔහුගේ කැමැත්ත බොහොම ටික දෙනෙකුට සීමා වුවක්… ඔහුගේ කෑම රුචිය බොහොම සීමාන්තික එකක්… වැඩි දැගලිලි නැති පුද්ගලයෙක්, වගේම ඔහු වටා සිටින්නවුන් ගේ දැගලිල්ල ඉවසීමෙන් විද දරා නොගන්නා පුද්ගලයෙක්…. සියල්ලටම එහායින් තමුන්ගේ නිර්මාණ හා පෙමින් වෙලී සිටින මොහු නමින් ජෙරමායා රෙනොල්ඩ්ස් වුඩ්කොක්. පදිංචිය ලන්ඩන් නගරය…

ඇල්මා නම් වූ ඇය ආපනශාලා සේවිකාවක්… තමුන්ගේ ශරීරය ගැන ජිවිත කාලය පුරා දෙගිඩියාවෙන් පසුවන්නියක්… ආපනශාලාවේ දී හමුවන අමුත්තෙක් හා රාත්‍රී ආහාරය ගැනීමට කැමති වෙන ඇය රාත්‍රිය අවසාන භාගය වෙන විට ඔහුගේ නිර්මාණ ඇගලා ගනිමින් ඔහුගේ ජිවිතකාලයක් පුරා සෙවූ සුරගන වී අවසානයි…

නමුත් මේක ලෙහෙසි පහසු ආදර කතාවක් නෙමෙයි, සාම්ප්‍රධායක ආදර කතාවකුත් නෙමෙයි… විටක ඔහු ඔබ ඉදිරියේ ආදරයක් උරුම විය යුතු නැති අමනුස්සයෙක් ලෙස පෙනී සිටීවි… ඇය අහිංසක මුව පොව්වෙක් ලෙස ඔබගේ සිතේ රැදේවි… නමුත් සලරුවේ අවසාන භාගය වන විට ඔබ ඒ ආදරයට ආදරයකරාවි නමුත් ඔවුනට වෛරකරාවි… ඉතින් එහෙව් පැටලිලි සහගත මනස කළඹන බැරෑරුම් හිත් දෙකක් එක හිතක් වෙන හැටි බලන්න ඔබට භාරයි….

IMDB 8.1 ක් වගේ අගයක් ලබාගෙන රෝටන් ටෝමාටෝ මීටරයේ 91% වගේ ඉගල අගයක් ලබාගනන්ත් මේ සලරුව සමත් වෙලා තියනවා. පිටපත හා අධ්‍යක්ෂණය Paul Thomas Anderson මහතාගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Vicky Krieps, Daniel Day-Lewis, Lesley Manville ඇතුළු පිරිසක්. සම්මාන 87 සඳහා නාම යෝජනා ලබා සම්මාන 37 ක් දිනාගන්නට සමත් වුන මේ සලරුව මෙවර ඔස්කා සම්මාන උළෙලේ සමාන 6 වෙනුවෙන් නාමයෝජනා ලබන්නත් සමත් වෙලා තියනවා. ඒ නාමයෝජනා අතර හොඳම නළුවා, හොඳම සහය නිළිය, හොඳම අධ්‍යක්ෂණය, සංගීත සංකලනය වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ හොඳම ඇඳුම් නිර්මාණයටත් නම් වෙලා තියනවා. ආ කියන්න බැරි වුනා හොඳම චිත්‍රපටය හැටියටත් නාමයෝජනා ලබලා තියනවා නෙව.

එහෙනම් පැය 2 කුත් විනාඩි 10 පුරා ගලා යන මේ අමුතු ආදර කතාව ඔබට භාරයි. නැවත උපසිරැසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDSCR | x264 | AAC | 705MB |

F6F047DAC64B47F9C97B141EB754965AE2FC5DDA

 Direct Download

| DVDSCR | x264 | AAC | 705MB |

| DVDSCR | x264 | iExTV | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *