පුංචි දවස් හතරක නිවාඩුවක් ආවා. නිදහසේ බලන්න චිත්‍රපටියක් හම්බ වුනා අන්තර්ජාලයේ සැරිසරද්දි. හැබැයි මට ඒක බලද්දි හිතුනා ලංකාව නම් මෙච්චර ජරා රටක් වෙලා නෑ නේද කියල. මම ඉතිං අවසරයක් ලබා ගත්තා බයිස්කොප් අඩවියෙන් ඒකට උපසිරසක් නිර්මානය කරන්න. මේක හැබැයි වඩාත් සුදුසු වැඩිහිටියන්ට කියල කීවොත් නිවැරදියි. මොකද අපි එහෙම හිතන නිසා ඇත්තටම එහෙම නැතත්?
චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ඇමරිකා මහද්වීපයේ බ්‍රොනෙක්ස් කියන රට තමයි පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන්නෙ. ක්‍රිස්ටින් ක්‍රොක්ස් කියන කෙනා තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.කෙකෙ ප්ලමර් කියන නිළිය තමයි මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ වෙන්ඩ්ස්ඩේ නමින් ගණිකාවන් විකුණන්නෙකු ලෙසට. මේ ව්‍යාපාරය ඇගේ පියාගෙන් හිමිවෙන දෙයක්. පියා ඇයට උගන්වන ඒකම දේ සල්ලි පස්සෙ යන විදිය පමණයි. මෙයා කෙල්ලෙක් වුනත් කෙල්ලෙක් විදියට නෙවෙයි ජිවත් වෙන්නෙ කොල්ලෙක් විදියට විම විශේෂයක්. මෙයාට ඕන හැමෝම වගේ මේ ව්‍යාපාරය ඉහල තලයකට ගේන්න. ඉතිං මෙයා ඒකට යම් යම් ක්‍රම උපායන් යොදා ගන්නවා. නමුත් ඒ දේවල් අවසානේදි ඔහුට තේරුම් යනවා…?
ඇත්තටම ඔහුට තේරුම් යන්නෙ මොකක්ද කියල බලන්න නම් මේක බලල ඉන්නම වෙනවා. මේ මිනිස්සුන්ගේ භාෂාව නම් අන්තිමයි. මට ටිකක් අපහසු වුනා ඒ වචන වල තේරුම් හොයන එක ඇත්තම කියනවා නම්. නමුත් මම හිතනවා රසාස්වාදයට හානියක් නෙවෙන්න ඇති කියල. ඉතිං බලල ඔයාලගේ අදහසත් කියන්න උපසිරස පිළිබද. මොකද ඔයාලගෙ අදහස් අනුව තමයි මේක ඉදිරියට කරන්න මට පුලුවන් වෙන්නෙ. ඇත්තටම ස්තුතියි බයිස්කොප් ආයතනයට අවස්ථාවක් ලබා දුන්නට උපසිරසක් ඉදිරිපත් කරන්න නැවතත්. ගිහින් එන්නම් නැවත උපසිරසකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව.
ජයවේවා!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 720p | 700MB |
Direct Download
| HDRip | x264 | 720p | 700MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)