MENU

Prithviraj Sukumaran – Malayalam Movies Collection

1.Ivide (2015) | බැටළු රැළේ වෘකයින්!

වරුන් බ්ලේක් කියන්නේ අට්ලන්ටාවේ පොලිස් නිළධාරියෙක්. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ මේ නගරයේ තමයි. ඉන්දියාවේ උපන් ඔහුව අනාථ නිවාසෙක ඉඳලා ඇමෙරිකාවට ඇරන් ආවේ සුදු ජෝඩුවක්. මේ නගරයේ හදිසියේම හටගත් ඝාතන රැල්ලක් ගැන පරීක්ෂණ පවත්වන්න වරුන්ට සිද්ධ වුණා. පුදුමය තමයි ඝාතනයට ලක්වූ සියළු දෙනාම ඉන්දියානුවන් වීම. ඔය අතරේ හබ්බර් ක්‍රිෂ් කියලා තරුණයෙක් කතාවට අවතීර්ණ වෙනවා. ඉන්ෆොටෙක් නැමැති ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානියා. ඔහු තමයි වරුන්ගේ හිටපු-බිරිඳගේ රෝෂිණී මැතිවුස් ගේ අළුත් ආදරවන්තයා. ඔහුගේ ආයතනය ඇමෙරිකාවේ සුප්‍රකට ආයතනයක පරිගණක අංශය මුළුමුනින්ම තමන්ගේ අතට ගන්නවා. එම නිසා බොහෝ ඇමෙරිකානුවන්ට රැකියා අහිමි වුණා. එමනිසා ඉන්ෆෝටෙක් ආයතනයටත් දැඩි අභ්‍යන්තර බලපෑම් එල්ල වුණා.

අවසානයේ වරුන්, ක්‍රිෂ්, සහ රෝෂිණී යන තුන් දෙනාම එකම සිදුවීමක කොටස් කරුවන් බවට පත්වෙනවා. එක්තරා අවස්ථාවක, වරුන් ගේ තුවක්කුව ක්‍රිෂ් සහ රෝෂිණී දෙසට එල්ල වෙනවා. එක වෙඩි උණ්ඩයක් පිටකර ඔහු ප්‍රේක්ෂක අපිට යම් කතාවක් කියනවා.

අවසානයේ වැදගත් වන්නේ කරුණු 3 ක් පමණයි.

ඔබ කොපමණ ආදරය කළාද?

ඔබ කොතරම් වැදගත්ව ජීවත් වුණාද?

ඔබේ වෙනුවෙන් නොවූ දේවල් වලට ඔබ කෙතරම් සුන්දරව සමු දෙනවාද?

ඉතිරිය රසවිඳීම ඔබට බාරයි.

2.Oozham (2016)  | මාරක වසංගතයකින් ආරම්භවූ මිනිස් දඩයම

සූර්යා…ඇමරිකාවේ රැකියාවේ නියතු, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව විශේෂඥයෙක්. දෙවසරක අවෑමෙන් පසු, ඔහු සිය ගම රට බලා නැවත පැමිණෙනවා, සිය ප්‍රාණ සම වැනිවූ නැගණියගේ විවාහය තීන්දු කිරීම උදෙසා. සතුට උතුරා දොරේ ගලා යන ආදරණීය කැදැල්ලක්. විටෙක සිතෙනවා, ජීවිතය මෙතරම් අපූර්වද කියලා. ලොකු මිළ මුදල් අතේ නැති මුත්, උතුරා යන සෙනෙහසින් පෝෂණය වුණා වූ පවුලක්. කාලය වේගයෙන් ඉගිළ යනවා. හදිසියේම නගරය පුරා එක්තරා නොහඳුනන වසංගත තත්වයක් පැතිර යනවා. මෙම තත්වය හේතුවෙන්, කුඩා ළමුන් බොහෝ ප්‍රමාණයක් අකාලයේ ජීවිතයට සමුදෙනවා. මේ අතර වාරයේදී, නොසිතූ මොහොතක, ඉහත කී ආදරණිය පවුල සී සී කඩ කැඩී විසිරී යනවා. සූර්යාගේ දෑස් ඉදිරිපිටම, නිස්කාරණයේ ඔහුගේ පවුලම විනාශකර දමනවා. එනමුත්, ඔහුට කිසිවක් කරකියා ගත නොහැකිව, අන්ත අසරණ තත්වයට ඇද වැටෙනවා .කුරා කුහුඹුවෙකුට හෝ කරදරයක් නොමැති සිය ආදරණීය පවුලට මෙසේ වූයේ මන්ද…? ඔහු ඉදිරියේ තිබෙන්නේ, මකුළු දැළක් බඳු වූ අතිශය සංකීර්ණ අවුල් ජාලයක්. ඉමක් කොනක් සොයාගත නොහැකි මේ අවුල් ජාලාව කෙසේ නම් විසඳන්නද…?

3.Picket 43 (2015)  | මිත්‍රත්වයට සීමා නොමැත!

අපි දන්නවා,ඉන්දියාව සහ පාකිස්ථානය කියන්නේ දේශපාලනමය වශයෙන් විරසක රටවල් දෙකක්.කාලෙන් කාලෙට මේ තත්වය යම් තරමකින් වෙනස් වෙවී පැවතුනත් නිතරම රටවල් දෙක අතර යුධ ගැටුම් ඇති වෙනවා.ඉතින් ඒ වගේ ගැටුම් නිතරම ඇතිවන,මේ රටවල් දෙකේ දේශ සීමාවේ තියෙන ප්‍රදේශයක් තමයි,කාශ්මීරය කියන්නේ.මේ නිසා මේ ප්‍රදේශයට රටවල් දෙකෙන්ම ලොකු හමුදා ආරක්ෂාවක් දීලා තියෙනවා.මේ කාශ්මීරයේ වාග්හා කියන ප්‍රදේශයේ එකිනෙකට යාබදව තියෙන ඉන්දීය සහ පාකිස්ථානු මුර කුටි දෙකක ඉන්න සොල්දාදුවෝ දෙන්නෙක්ගේ කතාව තමයි ෆිලුමේ අන්තර්ගත වෙන්නේ.
පිකට් 43 ඉන්දියානු මුරකුටියේ ඉන්න සෙබලගේ මරණය නිසා එතනට අලුතින් නිලධාරියෙක් පත්වෙනවා,ඒ තමයි හරීන්ද්‍රන්(හරී).හරී මෙතනට යන්නේ තනියම නෙවෙයි,බකාඩි කියන පොලිස් සුනඛයත් එක්ක.ඉතින් හරී මෙතනට ඇවිල්ලා දවස් කිහිපයකින් එහා පැත්තේ තියෙන පාකිස්ථානු මුරකුටියේ සෙබලාත් නිවාඩුවට යන නිසා එතනටත් අලුත් සෙබලෙක් එනවා,ඒ මුෂාරෆ්.හරී මුලින් හිතන්නේ මුෂාරෆ් කියන්නේ එච්චර මිත්‍රශීලි කෙනෙක් නෙවෙයි කියලා.කොහොමවුනත් මේ මුෂාරෆ්ගෙම ක්‍රියා කලාපය නිසා මේ දෙන්නා පස්සේ හොඳ යාළුවෝ වෙනවා.මෙයාලා තමන් කන කෑම බීම පවා බෙදාගෙන කාලයක් බොහොම සතුටින් මෙතන වැඩ කරනවා.නමුත් එක දවසක පාකිස්ථානු ත්‍රස්තවාදී කණ්ඩායමකින් මේ පිකට් 43ට ප්‍රහාරයක් එල්ල වෙනවා.එතැනදී හරීව බේරගන්න ගිහින් මුෂාරෆ්ටත් වෙඩි වැදෙනවා.ඉතින් මේ සටනෙන් මේ දෙන්නට බේරෙන්න පුළුවන් වෙයිද?හරීට මේ ත්‍රස්තවාදීන්ගෙන් ඉන්දියාව බේරගන්න පුළුවන් වෙයිද?ඇත්තටම මේ හරී,මුෂාරෆ් කියන්නේ කවුද?මෙයාලගේ පවුල් පසුබිම මොකක්ද?මේ දේවල් ඔයාලට ෆිලුම බලද්දිම දැනගන්න පුළුවන් වේවි !

4.Ezra (2017)  | යුදෙව් ආත්මයක පළිගැනීම

කතාව පටන්ගන්නේ කොචිවල ජීවත්වුණ අන්තිම යුදෙව්වත් ජීවිතක්ෂයට පත්වුනා කියන ප්‍රවෘත්තියෙන්.ඒත් එක්කම මේ නගරයේ අබිරහස් මිනී මැරුමක් සිද්දවෙනවා.ඔය අතරේ තමයි රන්ජන්,ප්‍රියා කියන තරුණ යුවල මේ නගරයේ පදිංචියට එන්නේ.ප්‍රියා ගෙදර ලස්සනට තියන්න නගරයේ පරණ බඩු කඩේකින් අමුතු විදියේ පරණ බඳුනක් මිලදී ගන්නවා.එයා ගෙදරට ඇවිල්ලා මේක විවෘත කරලා බලනවා.එතැනදී මේකේ සිරකරලා තිබුන ඒබ්‍රහම් ඒස්රා කියන යුදෙව් ආත්මය නිදහස් වෙනවා.මෙයින් පස්සේ භයානක සිද්දි දාමයකටම මේ අයට මුහුණදෙන්න සිද්දවෙනවා.කවුද මේ යුදෙව් ආත්මය,ඒ ආත්මය මේ  බඳුනට ආවේ කොහොමද,මේ ආත්මයේ අරමුණ මොකක්ද,ඒකෙන් මේ අයට මොනවගේ කරදවලට මුහුණපාන්න වෙයිද,ඒවට මේ අය මුහුණදෙන්නේ කොහොමද කියන දේවල් ඔයාලට ෆිලුම බලද්දී දැනගන්න පුළුවන් වෙයි. 

5.7th Day (2014)  | හත්වෙනි දවස

ෆිලුම පටන්ගන්නේ ඩේවිඩ් ඒබ්‍රහම් කියන පොලිස් නිලධාරියා නත්තල් දවසේ සහභාගී වෙන සාදයකින්.මෙයා ඒ සාදය ඉවරවෙලා වාහනේ ගෙදර යද්දී ශාන්,විනු කියන දෙන්නා ගමන් කරන මෝටර් බයික් එක මෙයාගේ වාහනයේ හැප්පෙනවා.ඒකෙන් විනුට ටිකක් තුවාල වෙනවා.ඉන් පස්සේ කොහොමහරි ඒ දෙන්නව මෙයාගේ වාහනයේ දාගෙන මෙයා රෝහලකට අරගෙන යනවා.ඒත් රෝහලේදී විනුව රෝහලට ඇතුල් කරලා මේ ඩේවිඩ් ශාන් දෙන්නා කතා කර කර ඉද්දී විනු රෝහලෙන් පැනලා ගිහිල්ලා කියලා දැනගන්න ලැබෙනවා.එතැනදී ශාන් අසාමාන්‍ය විදියට කලබල වෙනවා.ඩේවිඩ් ශාන්ගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.ඒත් ශාන් මොකුත් ඒ ගැන එයාට කියන්නේ නෑ .කොහොමවුනත් මේ ඩේවිඩ් ශාන්ව එයා ජීවත්වෙන නවාතැනට ඇරලවලා ආපහු තමන්ගේ ගෙදරට යන්න පිටත් වෙනවා.ඔය විදියේ ආරම්භයක් තමයි කතාවට තියෙන්නේ.මේ ශාන්,විනු කියන්නේ කවුද? විනු ඒ විදියට පැනලා ගියේ ඇයි? පැනලා ගිය විනුට ඊට පස්සේ මොනවා වෙයිද? ඇත්තටම මේ ඩේවිඩ් කියන පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් කතාව පටන්ගද්දීම අපේ හිතට වද දෙනවා.ඒ දේවල් එකින් එක ලිහෙන,ලෙහන ගමන් ඔයාලට කතාව එක දිගට බලන්න පුලුවන්.

6.Tiyaan (2017)  | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා!

නීතිය වල් වැදී ගියා. සත්‍යට කිසිඳු තැනක් නැතිවී ගියා. එළිපිටම, සියලු දෙනා ඉදිරියේ අසාධාරණය රජ කරන තත්වයක් ඇති වුණා. මෝහයෙන් මුලා වූ ජනතාව, මේ කිසිත් නොදැන අන්ධකාරයේ අතරමං වුණා. යන්තම් හෝ සිහි බුද්ධියක් සහිත වූ ස්වල්පයක් වූ ජනතාවට ප්‍රචණ්ඩත්වය යොදවා ඔවුන්ව අඩපණ කරනු ලැබුවා. මෙම උතුරු තැනිතලා භූමිය තුල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ වචනාර්ථයෙන්ම අතිශය දරුණු ඒකාධිපති පාලනයක්. එනමුත්, ශත වර්ෂ ගණනාවක් තිස්සේ උතුරු තැනිතලා භූමිය සිය නිවහන කරගනිමින්, ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇප කැප වුණා වුද, ආදී ශංකරයන්ගේ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක වුණා වූද, බ්‍රාහ්මණ වංශික පට්ටභිරාමගිරි ස්වාමි මෙම දේව පාලනයට එරෙහිව නැගී සිටියා. නමුත්, කළු ගලේ ඔළුව හප්පගත්තොත් තුවාල වෙන්නෙ තමන්ටමයි. අන්තිමේදී, මහාශායි දෙවියන් ලෙස තමන්ව හඳුන්වාගන්නා වූ මෙම පුද්ගලයා සමගින් ඇතිකරගන්නා වූ ආරවුල හේතුවෙන් ගිරි ස්වාමි සතු සියල්ලක්ම ඔහුට අහිමි වෙනවා. සිය ප්‍රාණ සම වූ දරු පවුල හා, ඔහු සතු සියල්ල අහිමිව අන්ත අසරණව කිසිත් කරකියාගත නොහැකිව පසුවන්නා වූ ගිරි ස්වාමිගේ සහයට එක්තරා බලවේගයක් පැමිණෙනවා. බොහොම සංසුන් පුද්ගලයෙක්. නමුත්, කාලයකට ඉහතදී බොහොම ප්‍රචණ්ඩ පුද්ගලයෙක්. තර්ජනයට තර්ජනයෙන් පිළිතුරු දී නොනැවතී, වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීමට තරම් දරුණු සාහසික පුද්ගලයෙක්. දෙවියන්ගේ භූමියට හිස් අතින් පැමිණ, දහසක් වූ බැතිමතුන් ඉදිරියේ දෙවියන් හට අභියෝග කිරීමට තරම් අතිශය නිර්භීත පුද්ගලයෙක්. මෝහාන්ධකාරයෙන් මුලා වී, නීතිය කියා නාමයක් වත් නොමැති, දේව නීතිය පමණක් ක්‍රියාත්මක වන්නා වූ සමාජයක, දෙවියන් පරදවා උතුරු තැනිතලාවට යළිත් ආලෝකය ගෙනදීමට මෙම අදෘශ්‍යමාන පුද්ගලයාට හැකියාව ලැබේවිද? දෙවියන්ට එරෙහිව සාමාන්‍ය මිනිසෙකුගේ යුද්ධයක්! කවුරු ජයග්‍රහණය කරාවිද?

7.Anarkali (2015) | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම 

ෆිලුමේ තියෙන්නේ ශාන්තනු කියන නාවික හමුදා නිලධාරියෙකු සහ ඔහුට අවුරුදු 10ක් පමණ බාල නාදිරා කියන තරුණිය අතර ඇතිවන ආදර කතාව ගැන.නාදිරා කියන්නේ ශාන්තනුගේ නාවික හමුදා ප්‍රධානියා-රියර් අද්මිරාල් ජෆාර් ඉමාම් ගේ එකම දියණිය.ඇත්තටම මේ ජෆාර් කියන්නේ නවාබ් කෙනෙක්.ඒ කියන්නේ මෝගල් අධිරාජ්‍ය සමයේ ඉඳන් පැවතගෙන එන පෙළපතකට තමයි මෙයා අයිතිවෙන්නේ.ඒත් එක්කම ශාන්තනු කියන්නේ දකුණේ හින්දු තරුණයෙක්.එතකොට නාදිරා කියන්නේ උතුරේ මුස්ලිම් තරුණියක්.මේ වගේ සමාජයෙන් නොගැලපීම් විදියට හඳුන්වන දේවල් කිහිපයක්ම මේ දෙන්නා අතර තියෙනවා.ඒ වගේම ජෆාර් ගේ ඇඟේ දුවන නවාබ් ලේ මේ දෙන්නට එකතුවෙන්න ඉඩක් දෙන්නෙම නෑ .මේ විදියට දෙන්නට සෑහෙන කලක් තමන්ගේ ආදරය වෙනුවෙන් බලාගෙන ඉන්න සිද්දවෙනවා.ඔය විදිහේ ලස්සන,ආදරණිය කතාවක් තමයි ෆිලුමේ අන්තර්ගත වෙන්නේ!

8.Paavada (2016) | සාය

බාබු ජෝශප්(anoop)ආචාර්යවරයෙක් ඒත් මිනිහා බේබද්දෙක්.ඒකට හේතුව තමයි.මෙයා ෆිල්ම් එකක් නිශ්පාදනය කරන්න බාරගන්නවා.ඒත් මෙයාගෙ තාත්තා කියනවා ඒකට සල්ලි දෙන්න බැ කියලා,පස්සේ මෙයා ආයතනයකින් සල්ලි ණයට ගන්නවා..ඒත් අවුලක් වෙලා මේ ෆිල්ම් එක නවතිනවා.

එතකොට අපේ ජෝයි(prithviraj)ගමේ ආතල් වැඩ කර කර ඉන්නේ යාලුවො එක්ක.මිනිහත් බොනවා. දවසක් මිනිහා කේස් එකක් දාගෙන පොලිසියට ගේනවා.මිනිහට කාත්කවුරුවත් නැති නිසා ෆාදර් කෙනෙක් මිනිහට උදව් කරනවා. එදා සිනි(mia) පොලිසියට ඇවිල්ලා…ඉතින් ජෝයිගෙ හිත සිනි අරගන්නවා. කොහොමහරි එස්.පීගේ මස්සිනාගේ ලේ දන් දීමේ කදවුරට කට්ටිය නැ කියලා. ජෝයිලා අරන් යනවා.එදා තමයි දැනගන්නෙ සිනි නර්ස් කෙනෙක් කියලා. ජෝයි ලේ දෙන්න බයයි.ඒත් සිනි හින්දා ලේ දෙනවා. කොහොමහරි මේ දෙන්නා බදිනවා.හැබැයි මන් කිව්වෙ.ජෝයි කුනු වෙන්න බොන නිසා ප්‍රශ්නයක් ඇවිල්ලා සිනි වැඩිහිටි නිවාසෙකට යනවා .පස්සෙ ජෝයි බෙල්ලෙ වැල දාගන්න යනවා. ෆාදර් මෙයාව බේරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට බාර දෙනවා. ඔන්න ඔතන ඉදන් කතාව උඩු යටකුරු වෙනවා.මේ මධ්‍යස්ථානෙටම බාබු ජෝශප්වත් ගෙනල්ලා දානවා. පස්සෙ දෙන්නා සෙට් වෙලා පැනලා යනවා.ජෝයිට යන්න තැනක් නැති නිසා බාබුගෙ ගෙදර නවතිනවා.

දවසක් ජෝයිට කාමරේක තිබිලා ට්‍රන්ක් පෙට්ටියක් හම්බෙනවා.ඒකෙ තමන්ගෙ අම්මගේ රූපේ තියෙනවා. ඉතින් ජෝයි පිස්සෙක් වගේ. බාබු ජෝශප්ට පිහියෙන් අනින්න යනවා. ඔන්න ඔතන ඉදන් කතාව යන්නෙ බාබු ජෝශප් කරන්න ගිය චිත්‍රපටය එක්ක. ඒකේ ප්‍රධාන නිලිය ජෝයිගේ අම්මා. මන් කිව්වෙ බානු ජෝශප් අමාරුවෙ වැටුනා කියලා. ඒකට හේතුව තමයි එයාගේ සහය අධ්‍යක්ෂක එල්ඩෝට මේ ෆිල්ම් එක කරන්න බාර දීපු එක. මිනිහා මේ ෆිල්ම් එක වැඩිහිටි චිත්‍රපටයක් කරනවා. බාබුට හොරෙන් නමත් වෙනස් කරනවා. ජෝයිගෙ අම්මාවත් ඒකේ රගපාවනවා. ඉතින් කොහොමහරි මේ චිත්‍රපටය කැමැත්තෙන් එල්ඩෝට බාරදුන්නා කියලා එල්ඩෝ සුපිරි ගේමක් දීලා බාබුගෙ අත්සන ගන්නවා. ඉතින් මේ චිත්‍රපටය පෙන්නන්න එපා කියලා බාබු ජෝශප්ලා නඩු කියනවා. ජෝයිගේ අම්මා හොයා ගන්නෙ කොහොමද. එල්ඩෝ බාබු ජෝශප්ගේ අත්සන ගත්තෙ කොහොමද..මේක ප්‍රදර්ශනය කරයිද නැද්ද. එහෙනම් බලන්නකෝ

9.Adam Joan (2017)  | ඒදන් උයනේ වැවිලිකරුවා

මිත්තණිය සහ මිනිබිරිය වෙළඳ සැලෙන් පිටතට පැමිණෙන අතර ඒ සමඟම සැක කටයුතු වෑන් රථයක් ද වේගයෙන් පැමිණ වෙළඳ සැලෙහි ප්‍රවේශය අසල නතර කරයි.විවෘත වන දොරෙන් පිටතට පැමිණෙන මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙක් ඉලා ව බලෙන් රැගෙන යාමට තැත් කරයි.මිත්තණිය එය වැලැක්වීමට දැඩි පරිශ්‍රමයක් යෙදුවත් අවසානයේ ඇයට සිදුවන්නේ මෙම නාඳුනන පුද්ගලයින්ගේ පිස්තෝලයක උණ්ඩයට ගොදුරු වී මෙලොව හැර යාමටය.සිද්දිය දුටු උන්නි මේ අසලට දිව ආවත් ඔහු ප්‍රමාද වැඩිය.නාඳුනන පුද්ගලයින් පිරිස තම සුරතල් දියණිය පැහැරගෙන යන අයුරු ඔහු සහ ශ්වේතා අසරණව දුකෙන් බලාසිටියි! වැඩිමහල් සොහොයුරා තමන්ව බැලීමට පැමිණීම උන්නි සහ ශ්වේතා ට තැති ගැන්මට කාරණයක් වන්නේ කුමන හේතුවක් නිසා ද? මනුෂ්‍ය ඝාතනයක් ද සිදු කරමින් අවුරුදු 7ක පමණ කුඩා දියණියක් පැහැරගෙන යාමට එකී පුද්ගයින්ට ඇති අවශ්‍යතාවය කුමක් ද? මෙය පිටුපස සිටින්නේ කවුද? පැහැරගෙන යන ඉලා ට කුමන ඉරණමකට මුහුණ පෑමට සිදුවනු ඇති ද? තම මව ඝාතනය කරමින් මේ සුරතල් දියණියව පැහැරගෙන යන අපරාධකරුවන් ගැන ඇඩම් කෙලෙසකට ප්‍රතිචාර දක්වාවි ද?

10.Vimaanam (2017)  | අහස් යාත්‍රාවේ සිහිනය  

වෙන්කිඩි කියන්නේ උපතින්ම ශ්‍රවණාබාධිත දරුවෙක්.මෙයාගේ මේ කන් ඇසීමේ මඳබව නිසාම මෙයා පොඩිකාලේ ඉඳලම තමන්ගේ ඉස්කෝලේ යාළුවන්ගේ සමච්චලයට ලක්වෙනවා. මේ සමච්චලයන් අතරෙත් වෙන්කිඩි පන්තියේ දක්ෂම සිසුවෙක් විදියට තමන්ගේ ඉගෙනීම් වැඩ කරගෙන යනවා. ඔය අතරේ මෙයාගේ ඉස්කෝලෙට එනවා ගුවන්යානා ගැන එක එක විනෝදකාමී වැඩමුළු පවත්වන කෙනෙක්.මේ වැඩසටහනෙන් පස්සේ වෙන්කිඩිගේ හිතේ ගුවන්යානා ගැන තිබුණු ලොකු ආසාවක් ඉස්මතුවෙලා එනවා. මේ ආසාව කොයි තරම් දුර දිග ගියාද කියනවනම් මෙයාට ඕනේ වෙනවා තමන්ම හදන ගුවන්යානයක නැගලා කවදාහරි දවසක අහසේ පියාඹන්න. කොහොම වුනත් වෙන්කිඩි ට දිගටම ඉස්කෝලේ යන්න වෙන්නේ නම් නෑ .ඒකට හේතුව තමයි තමන් බීරෙක් කියලා වෙන්කිඩිගේ යාළුවෝ එයාට සමච්චල් කරන එක එයාට උහුලගන්න බැරි තැනකටම එන එක.ඉතින් වෙන්කිඩි තීරණය කරනවා තමන් ආයේ ඉස්කෝලේ යන්නේ නෑ කියලා. කොහොමවුනත් මෙයා මෙයාගේ හීනය නම් අත අරින්නේ නෑ. මේ දේවල් එක්කම වෙන්කිඩි ට හොඳ යාළුවෙකුත් ඉන්නවා. ඒ තමයි ජානකී. ඉස්කෝලේ යාළුවෝ වෙන්කිඩිගේ ආබාධයට,එයාගේ හීනයට සමච්චල් කරන වෙලාවට ජානකී තමයි පැත්තකින් ඉඳන් වෙන්කිඩි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඔය වගේ දේවලුත් එක්ක තමයි කතාව යන්නේ. ඉතින් වෙන්කිඩි එයාගේ හීනේ සැබෑ කරගනියි ද? ඒක ඔයාලම හොයාගන්නකෝ!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Ivide (2015) | බැටළු රැළේ වෘකයින්!

Torrent Download

| DVDRIP | x264 | ESub | 700MB |

12844D353BBF7A34B8841FF356F8E2272B72AFEF

Direct Download

| Bluray  | x264 | ESub | 700MB  |

2.Oozham (2016)  | මාරක වසංගතයකින් ආරම්භවූ මිනිස් දඩයම

Torrent Download

| DVDRIP | x264 | ESub | 700MB  |

c6f4e415c3b1ba85f0ebdd71a4f13cc2eacae514

Direct Download

| DVDRIP | x264 | ESub | 700MB  |

3.Picket 43 (2015)  | මිත්‍රත්වයට සීමා නොමැත!

Torrent Download

| DVDRIP | x264 | 1CD | 700MB |

09183dc5b4278a3db8ace8e135407040c94a23de

Direct Download

| DVDRIP  | x264 | 1CD | 700MB |

 
4.Ezra (2017)  | යුදෙව් ආත්මයක පළිගැනීම 

Torrent Download

| DVDRIP | x264 | ESub | 700MB |

bb37702d911c659d7e978efd4d6e865581cb413c

| DVDRIP | x264 | ESub | 500MB |

3666e5135b682868e91651d12225a1a229cac673

Direct Download

| DVDRIP  | x264 | ESub | 500MB |

 

| DVDRIP  | x264 | ESub | 700MB |

 

5.7th Day (2014)  | හත්වෙනි දවස

Torrent Download

| DVDRIP | x264 | ESub | 900MB |

5e70570fc9ebef48d750413b771997bc330d2c2a

Direct Download

| DVDRIP  | x264 | ESub | 900MB |

 

6.Tiyaan (2017)  | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා!

Torrent Download

| DVDRIP | x264 | ESub | 700MB |

7668ba7459dbfd7210ac7dd8a58ff46481f2108d

Direct Download

| DVDRIP  | x264 | ESub | 700MB |

 

7.Anarkali (2015) | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම 

Torrent Download

| DVDRIP | x264 | ESub | 1GB |

612019558cb6363da9aa97ff378e243d85ffcaf8

Direct Download

| DVDRIP  | x264 | ESub | 1GB |

 

8.Paavada (2016) | සාය

Torrent Download

| DVDRIP | x264 | ESub | 800MB |

7668ba7459dbfd7210ac7dd8a58ff46481f2108d

Direct Download

| DVDRIP  | x264 | ESub | 800MB |

 

9.Adam Joan (2017)  | ඒදන් උයනේ වැවිලිකරුවා

Torrent Download

| DVDRIP | x264 | ESub | 500MB |

b4aa7451438594631440cbce0e3a4a67c86b6bd6

| DVDRIP | x264 | ESub | 700MB |

1b06a625547dc811af1f0c37ba610bfc455c3a68

Direct Download

| DVDRIP  | x264 | ESub | 500MB |

 

| DVDRIP  | x264 | ESub | 700MB |

 

10.Vimaanam (2017)  | අහස් යාත්‍රාවේ සිහිනය  

Torrent Download

| DVDRIP | x264 | ESub | 400MB |

1e477ccbc2bc7b299e826c522f8edfb5a54bda17

| DVDRIP | x264 | ESub | 700MB |

b65f7798b2197de9dff69384fd8f2843bf38f6da

Direct Download

| DVDRIP  | x264 | ESub | 400MB |

 

| DVDRIP  | x264 | ESub | 700MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Prithviraj Sukumaran – Malayalam Movies Collection

  • Lasitha Chathuminda

    mewage torrent link weda ne appa??
    direct link weda krnnet ne.

    Reply
  • Anji Nikapitiye

    Mewage link wada nane. Aye dannako

    Reply
  • Amila Sandun

    Direct link tika update karannako

    Reply
  • brother’s day film eka one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *