MENU

Red Planet (2000) | මිනිස් සංහතියේ පැවැත්ම උදෙසා පෘථිවියෙන් ඔබ්බට……

අද මම ඔයාලට ගෙනාවා Red Planet කියන ලස්සන සලරුව. 2000 නොවැම්බර් 10 වෙනි දින තමයි මේ සලරුව රිදී තිරයට නිකුත්වෙන්නෙ. මේක Antony Hoffman විසින් අධ්‍යක්‍ෂනය කරපු 5.7IMDb අගයක් ලබාගන්න සමත්වුණු සලරුවක් කිව්වොත් නිවැරදියි. මීට Val Kilmer, Carrie-Anne Moss, Tom Sizemore, Terence Stamp වගෙ නළුනිලියන් රැසකගේ දායකත්වයක් ලැබෙනවා…..

ඉතින් ඔයාලා දන්නවනේ රතුග‍්‍රහයා එහෙම නැත්නම් අඟහරු ගැන. අන්න ඒ ග්‍රහයා වටා ගෙතුනු කතාවක් තමයි මේ සලරුවෙන් කියවෙන්නේ. පළමුව මිනිසා හඳ ජයගත්තයින් පස්සේ ඊලඟට අවධානය යොමුවුනේ අඟහරු වෙතතයි. ඉතින් විවිධ අවස්ථාවන් ගණනාවකදී මිනිසුන් අඟහරු ගවේෂනයට විවධ පර්යේෂන යානා ගණනාවක් මේවෙන කොට යවල තියෙනවා. ඒවැයින් අඟහරු මත අයිස් තියෙනවා කියලත්, වියලුනු ගංගා ඇති බවත් හොයාගෙන තියෙනවා කියලා දන්නවා ඇති. ඉතින් මේ ග්‍රහලෝකය පෘථීවියේ ජීවය බිහිවෙන්න වසර මිලියන ගණනාවකට කලින් ජීවය පිරි ග්‍රහලෝකයක් ලෙස පැවතෙන්න ඇතිබව තමයි විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ. නමුත් තාමත් ඒ පිළිබඳ ස්ථීර සාක්‍ෂි සාධකනම් හමුවෙලා නෑ. නමුත් ඒබවට නිගමනයකට එළඹිය හැකි සාක්‍ෂි සාධක කීපයක් නම් හමුවෙලා කියලා වාර්ථාවෙනවා. විද්‍යාඥයින්ට අනුව අඟහරුවලට යන්න කෙටිම දුර ලෙස පෘථිවියත් අඟහරුත් ආසන්න වෙනකොට ගමනට මාස 6ක් පමණ ගතවෙනවා, ඒ වගේම පෘථිවියත් අඟහරුත් අතර උපරිම දුරකදී අඟහරු බලා යන්න වසර 3නහ මාරක් පමණ ගතවෙනව කියල තමයි සඳහන් වෙන්නෙ. ඉතින් මේ ගමනට මේවන විටත් ලෝකයේ ප්‍රභල රටවල් රුසක් පිඹුරුපත් අදිමින් සිටිනවා. නමුත් ආහාර, වාතය, මානසික ආතතිය, වේගය යන විවිධාකාරයේ කරුණු කාරනා රුසක් හේතුවෙන් අද අඟහරු ගමන දුෂ්කර තත්වයකට මුහුණ පා තිබෙනවා. නමුත් අනාගතයේ මතු දවසක අඟහරුත් මිනිස් පාසටහන් ලද ග්‍රහලෝක ගොන්නෙන් ප්‍රථම ග්‍රහලෝකය බවට පත් වෙනවාට කිසිඳු සැකයක් නෑ…….

මේ සලරුව ගැන දෙයක් කිව්වොත් මේක පාදකවෙන්නේ වර්ෂ 2025 පමණ වන විට පෘථිවිය අධික පාරිසරික දූෂණයන්ගෙන් පිරිහී ගිය යුගයක, මිනිසුන් ඇලිගී සහිත බහාලුම් යානා අඟහරු වලට යවනවා ඒ එහි ජීවත්වීමට හිතකර වායුගෝලීය තත්වයක් ගොඩනගාගැනීම උදෙසා. ඔවුන් එය සිදුකරන්නේ HAB කියන යානා මගින්. ඔවුන් එය සාර්ථකව අවුරුදු 20ක් පුරාවටම මේදේ සිදු කරනු ලබනවා. නමුත් පුදුමාකාර ලෙස මුලදී ග්‍රහලෝකය පුරාම (අඟහරු පුරාම) වර්ධනය වූ ඇල්ගී අතුරුදන් වීමකට ලක්වෙනවා. ඉතින් මේ පිළිබඳව හොයා බලන්න ගගණගාමීන් කණ්ඩායමක් පිටත්කර හරිනවා….. මේ ගමනේදී අඟහරුවලට නිරුපද්‍රිතව පා තබන්න කියල අතමායිමටම පැමිනෙනවා නමුත් නොසිතූමොහොතක විශාල කරදරයකට මේ ගගණගාමී කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකෙන් ඔවුන්ගේ සියළුම සැලසුම් කනපිට පෙරලෙනවා. කොහොම කොහොම හරි ගගණගාමී කණ්ඩායම අඟහරුට නම් ගොඩබානවා. ඒත් ඔවුන්ට එන කරදර නම් අඩුවක් නෑ. ඉතින් මේ ගගණගාමීන්ට ඇල්ගී වලට ඇත්තටම මොකද වුනේ කියල හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්තටම අඟහරු ජීවයට සුදුසුයිද? මොනවගේ තත්වයකට ඉදිරයේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙයිද? කියලා ඔයාලා සලරුව බලලම තීරණය කරන්න. ඉතින් මේ සලරුව බලා රසවිඳින්න කියන ආරාධනයත් සමඟ මම අදට ඔයාලගෙන් සමුගන්නවා. නැවත උපසිරසියකින් හමුවෙන තුරු ඔබලාට ජයෙන් ජය……!!!!!!!!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray  | x264 | 720p | 700MB |

1AAA7CFC14A80B3F5A901CF5644D01782F8AD2E5

Direct Download

| Bluray | x264 | 480p | 350MB |

        

| Bluray | x264 | 720p | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *