කොහොමද යාළුවනේ! කලින් පොරොන්දු වුන විදියටම මම ආවේ Robin hoodතුන්වන කතා මාලාවත් අරගෙන. කලින් කතා සමයේ වගේම ත්රාසය, වීරත්වය,කුතුහලය පිරුණු මෙහි කොටස් 13 ක් තියෙනවා. මේ කතා සමයට වැඩි ප්රේක්ෂකප්රතිචාර තියෙනවා, දෙවනි සමයට වඩා. ඒ කියන්නේ 6.20 ක්. 2009 මාර්තු 28 වෙනිදාසිට විකාශය වුනු මේ කතා සමයේදී අළුත් චරිත ටිකකුත් එකතුවෙනවා. ඔයාලාහොඳ ටීවී සීරීස් ප්රේක්ෂකයෝ නම් ඒවට රඟපාන කට්ටියව නොදැන ඉන්න විදියක් නෑ. ඒ තමයි,
- David Harewood – ටක් (Homeland කතා මාලාවේ පළමු සීසන් දෙකේදි ඉන්න CIA ප්රධානියා)
- Joanne Froggatt – කේට්
- Lara Pulver – ඉසබෙලා (Sherlock කතා මාලාවේ අයිරින් ඇඩ්ලර්)
- Toby Stephens – ජෝන් කුමාරයා (Lost in Space කතා මාලාවේ රොබින්සන් තාත්තා)
- Clive Standen – ආචර් (Vikings කතාමාලාවේ රෝලෝ)
ඉතින් වෙනදා වගේම අපි පසුගිය කොටස මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්
රොබින් ඇතුළු පිරිස මැරුනා කියලා හිතාගෙන ඉන්න ෂෙරිෆ් සහ ගිස්බන්,මැරියන්ව හිරකාරියක් කරගෙන ශුද්ධ වූ දේශයට ගිහින් ඉන්නේ. එයාලා රජතුමාවමරන්න සැරසන්ලා දෙන්නෙක් යොදවනවා. නමුත් රොබින් ඇතුළු පිරිස ශුද්ධ වූදේශයට ආවා කියලා දැනගත්තම, ෂෙරිෆ් රිචඩ් රජතුමා ලවා රොබින්ව මරවන්නසැලසුම් කරනවා. මේ අනුව සලාදීන්ගෙන් එන පණිවුඩයක් විදියට, රොබින් එන්නේරජතුමාව මරන්න බව ෂෙරිෆ්ගේ අය දැන්වුවාම, රිචඩ් රජතුමා එයාලව මරන්නනියම කරනවා. ඒත් රොබින් තමන්ගේ ප්රියතම සේවකයා නිසා, එයාලවකාන්තාරයේ ගැටගහලා දාලා යන්න රජතුමා තීරණය කරනවා. ෂෙරිෆ් එතනටඇවිත්, රොබින්හුඩ් කල්ලියත් එක්ක මැරියන්වත් කාන්තාරයේ ගැට ගහලා යන්නේ,ගිස්බන්ටවත් කියන්නේ නැතුවයි. එතනට එන කාටර් කට්ටියම බේරගන්න නිසා,රොබින් ඇතුළු පිරිස රජතුමාව බේරගන්න යනවා. එතනදි වෙන සටනෙදි ගිස්බන්අතින් මැරියන්ට මාරක කඩු පහරක් වදිනවා. අවසානයේ රොබින් එක්ක එතනදිමවිවාහවෙලා මැරියන් මියයනවා. ෂෙරිෆ්ගේ කුමන්ත්රණය අසාර්ථක වෙනවා. විල්,ජැක් දෙන්නා ශුද්ධ වූ දේශයේම නවතින අතර, ආපහු ආව ඇලනඩේල් එක්කහතරදෙනෙක් වන රොබින්ගේ කණ්ඩායම, නැවත එංගලන්තය බලා එනවා. මැරියන් මියගිය එක ගැන නම් මට පෞද්ගලිකව ම දුකයි. ඒත් කැපකිරීමක් නැත්නම්, ඊට වඩා හොඳ දේවල් ඉදිරියට සිද්ධවෙන්නේ නෑ.
මෙවර කොටසින්
මැරියන්ගේ මරණයත් එක්ක රොබින්, ගිස්බන් දෙන්නම කලින් හිටියට වඩාකේන්තියෙන්, කලකිරීමෙන් ඉන්න දෙන්නෙක් බවටයි පත්වෙලා ඉන්නේ. රොබින්තමන්ගේ කණ්ඩායමත් අතඇරලා යන්නේ, කෙලින්ම ගිස්බන්ව හොයාගෙනමරන්නයි. ලොක්ස්ලිවලදි ගිස්බන් රොබින් අතර ඇතිවෙන සටනේදි, ගිස්බන්රොබින්ව මරන්න කන්දකින් පහළට දානවා. එතනදි මාච්ව රැකවලුන් අල්ලාගන්නවා. මේ අතර ඔරුවකින් ආව පූජකයෙක් එංගලන්තයට ගොඩබහිනවා,කෙනෙක්ව හොයාගෙන. ඉතින් එයා හොයන්නේ කාවද? මේ කතාවේ එයාගේචරිතය මොකක්ද? රොබින්හුඩ් ගිස්බන් අතින් මැරෙන්න ඇද්ද? මාච්ව බේරගන්නහැකිවෙයිද කියන දේවල් හොයාගන්න එක ඔබට බාරයි. කතාවේ දෙවනි කොටසත්අරන් මම ඉක්මනටම එනවා. පුළුවන් හැටියට කමෙන්ටුවක් දාලා යන්න. ජයවේවා!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete
Direct Download
| HDTV | x264 | 480p | 186MB |
| HDTV | x265 | 1080p | 713MB | 10Bit
| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)