MENU

Sadhuram 2 (2016) | ජීවිතයේ වටිනාකම නොදත්තා, මරණය අභියසට

මේ වතාවෙ අරගෙන ආවෙ පොඩ්ඩක් විතර පරණ දෙමළ ෆිල්ම් එකක්, කවුරුත් උපසිරසියක් කරල තිබුණෙ නැති නිසා කරොත් හොදයි කියල හිතුව. පරණයි කිව්වට ෆිලුම නිකුත් වෙලා තියෙන්නේ 2016 සැප්තැම්බර් මාසෙ. චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය දෙකම Sumanth Radhakrishnan විසින්. සංගිතය Girish Gopalakrishnan ගෙන්. Roheit Nair, Yog Japee, Riaz, Sanam Shetty, Suja Varunee මේ කට්ටිය තමයි රංගනයෙන් දායක වෙන්නේ. IMDb මිටරේ 7.2 ක වගේ ඉහළ අගයක් ගන්නත් චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක එක Sathuram 1 ෆිල්ම් එකත් එක්ක සම්බන්ධයක් නෑ, ඒ හින්ද පළවෙනි එක බැලුවේ නෑ කියල මේක බලන්න අවුලක් වෙන්නෙ නෑ. මුල ඉදන් අග වෙනකන්ම ඊලගට මොනවා වෙයිද කියන කුතුහල‍යෙන් බලන්න පුළුවන් කියල නම් සහතිකවම කියන්න පුළුවන්.

ෆිල්ම් එක පටන් ගන්නේ KE370 කියන ගුවන් යානය අනතුරට පත්වෙන සිද්ධියකින්. ප්‍රධාන වශයෙන් චරිත 3ක් චිත්‍රපටියේ ඉන්නවා. ඒ තමයි විශාල්, වාසුදේවන් හා ශිවා. විශාල් වෘත්තියමය ඡායාරූප ශිල්පියෙක්, වාසුදේවන් වෛද්‍යවරයෙක්. යම් කෙනෙක් විසින් මේ දෙන්නව පැහැරගෙන ඇවිත් හතරැස් කළුවර කාමරේක දෙන්නගෙම කකුල් දම්වැල් වලින් බැදලා දාලයි තියෙන්නේ. මේ දෙන්න මීට කලින් එකිනෙකාට අදුරන්නෙත් නෑ. කාමරේ තව මලසිරුරක්, කැසට් රෙකෝඩරයක්, පිස්තෝලයක් සහ තව පොඩි පොඩි දේවල් ටිකකුත් තියෙනවා. දෙන්නා මේකෙන් ගැලවෙන්නෙ ක්‍රමයක් හොයනකොට විශාල්ගෙ සාක්කුවෙ තිබිල කැසට් එකක් හම්බෙනවා. ඩොක්ටර් වාසුදේවන්ගෙ සාක්කුවෙත් මේ වගේම කැසට් එකක් තියෙනවා. කැසට් එකේ තියෙන්නේ මොකක්ද කියලානම් කියන්න බෑ, ඒක ඔයාලම බලාගන්න.

එතකොට ශිවා ගැන කියන්න බැරි වුනානේ, ශිවා වැඩ කරන්නේ බහුජාතික සමාගමක. එයාගෙ දක්ෂතා නිසාම දශකයේ සේවානියුක්තකයාට හිමි සම්මානය ශිවාට දෙන්න සමාගම තීරණය කරල තියෙනවා, ඒ නිසා එයාට චෙන්නායි ඉදන් දිල්ලි යන්න සිද්ධ වෙනවා. ඒ යන ගමනෙදී ශිවාට ලොකු කරදරයකුත් වෙනවා. ශිවාට වෙන කරදරය මොකද්ද? විශාල්ටයි, වාසුදේවන්ටයි ගැලවෙන්න පුළුවන් වෙයිද? හතරැස් කාමරේ තියෙන මලසිරුර කාගෙද? කැසට්වල තියෙන්නේ මොනවද? මුලින්ම සිද්ධවෙන ගුවන් අනතුර මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? කියන දේවල් චිත්‍රපටිය බාගෙනම බලාගන්න….ජයවේවා…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 700MB |

afbbdd09107b661dd90359ca53b69f1a6237b502

Direct Download

| HDRIP | x264 | 480p | 400MB |

           

| HDRIP | x264 | Esub | 700MB |

           

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Sadhuram 2 (2016) | ජීවිතයේ වටිනාකම නොදත්තා, මරණය අභියසට

  • සාරංග

    හොඳ පිලුමක් වගේ. ස්තුතියි !

    Reply
  • Madusha

    Dwnload krnna pluwn link ekk dennko broo..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *