MENU

Scooby-Doo and Guess Who? [S01 : E13] | අන්ධකාරයේ කුමාරයා

උදෑසනට හිරු පායලා අලුත් දවසක් ආරම්භ වෙනවා වගේම, හැන්දෑවට හිරු අවරට ගිහින් ඒ දවස ගෙවිලා ඉවරවෙලා යනවා. ඒ කියන්නෙ පටන් ගන්න ඕනෙම දෙයක අවසානයක් තියෙනවා. ඉතින් ඒ නීතිය හැමදේකටම අදාලයි. මේක තමයි Scooby-Doo and Guess Who! (2019) ඇනිමේෂන් කතාමාලාවේ අවසාන දිගහැරුම. සංඛ්‍යාතමකව සඳහන් කලොත් මේ තමයි දහතුන්වන කතාංගය Scooby-Doo and Guess Who! කතා මාලාවේ. අදින් පසුව මේ කතාමාලාව සමඟින් ඔබ මා මුනගැසෙන්නේ නැහැ. මුලින්ම කියන්න ඕනෙ, හරිම සතුටුයි මේ කතාමාලාවෙ පරිවර්තන කටයුතු සාර්ථකව නිමාවට පත් කරන්න හැකිවීම සම්බන්ධයෙන්. තව මේ කතා මාලාව මට වෙන්කරලා දීපු තිසර අයියාටත් මම මේ වෙලාවෙ මගෙ ස්තූතිය ප්‍රකාෂකරන්න ඕනේ.

හරි දැන් කතාවට සෙට් වෙමු. අද වෙන්නෙ මහ අමුතුම සිදුවීමක්. අද කතාවෙ ඉංග්‍රීසි නම තමා What a night for a Dark Knight. ඉතින් මේකෙන් අද කතාව පිලිබඳව යම් අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. ඒ කුතුහලය එහෙමම තියාගන්න. මොකද හැමදාම එකම විදිහට ඉන්නවට වඩා අපි හැමෝම කැමතියි මොකක් හරි වෙනසක් වෙනවා දකින්න. අන්න ඒ නිසා මම අද කතාවෙ ආගන්තුක චරිතය ඔයාලට මේ ලිපියෙන් හෙලිකරන්නේ නෑ. කතාව පටන්ගන්නෙ ස්කූබි සහ යාලුවෝ මහ රෑක එයාලගෙ වෑන්රථයේ (Mystery Machine) ගමනක් යනවා. ඒ යන්නෙ ඩැෆ්නිගේ මාමා කෙනෙක් මුණගැසෙන්න. මේ යන අතරමගදි මෙයාලට අමුත්තෙක් දකින්න ලැබෙනවා. එයා තමා අද ආගන්තුක චරිතය. කොහොමහරි යාලුවො ටික එයාලගෙ ගමනාන්තයට ගියත් මෙයාලා මුන්ගැසෙන්න අපේක්ෂාවෙන් හිටපු පුදගලයා හමුවෙන්නෙ නෑ…. ඔතනින් එහාට මම කතාව කියන්නෙ නෑ. ඔයාලට නරඹලාම රසවිඳින්න අවස්තාව සලසනවා.

ඉතින් එහෙනම් දැන් තමයි මේ ලිපියට නැවතීමේ තිත තියන්න වෙන වෙලාව. මේ කතාමාලාවේ තවත් සීසන් එකක් එයිද කියලා තවම නිලවශයෙන් ප්‍රකාෂයට පත් කරලා නෑ (මම මේ ලිපිය ටයිප් කරන වෙලාව වෙනකොට ප්‍රකාෂ කර තිබුනේ නැහැ). තවත් සීසන් එකක් ආවොත් ඒකත් අනිවාරෙන්ම රැගෙන එන බලාපොරොත්තුවෙන් මේ කර්තව්‍යය මම මෙතනින් නිමාවට පත් කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 231MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scooby-Doo and Guess Who? [S01 : E13] | අන්ධකාරයේ කුමාරයා

  • Oshan styles

    Scooby doo mystery incorporated eka dennako

    Reply

Leave a Reply to Oshan styles Cancel reply

Your email address will not be published. Required fields are marked *