MENU

Scorpion [S04 : E20] | ස්කෝපියන්හි ඉරණම…

ඔන්න එහෙමනම් ගෙනාවා ගෝනුස්සෝ විසිවන කොටහා. ආ ඔහෙලට වෙනදා සබ් ගේන කෙනානම් නෙවෙයි තමා. හසන්ත අයියගේ දැඩි තර්ජන මධ්‍යයේ තමයි මම මේකට අත ගැහැව්වේ ඔන්න. ලබන සතියේ කොටහා ඔයාලට වෙනදා කෙනාම ගෙනෙයි. එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කැයි වෙන්නේ කියලා.

පටන්ගන්න කොටම ඔන්න ස්කෝපියන්ලා වලියක් ඇදගෙන. ඒකට හේතුව වෝල්ටර් සමාගමේ කොටස් බෙදලා තියෙන අනුපාතයන්. කට්ටියම මේකට වෝල්ට් එක්ක කේන්තියෙන් තමා ඉන්නේ. කේබ් පවා වෝල්ට් එක්ක අමනාප වෙනවා එයාව අමතක කරලා තිබ්බ එකට. ඉතින් ඔය වලිය අස්සේ කේබ්ට හෝම්ලෑන්ඩ් අධ්‍යක්ෂකතුමා කාර්සන් ගොයියගෙන් ඇමතුමක් එනවා. ඉතින් මිනිහා ඇවිත් කියනවා CIA එකේ නියෝජිතයෝ හතරදෙනේක්ව පැහැරගෙන කියලා.ස්කෝපියන්ලා හිතන්නෙ ඒ අයව බේරගන්න මෙහෙයුම තමන්ට බාරදෙන්න කාර්සන් ඇවිත් කියලා. හැබැයි මිනිහා ඇවිත් තියෙන්නෙ වෙන වැඩකට.

කියන විදිහට හෝම්ලෑන්ඩ් එකයි CIA එකයි අතර යම් තරගයක් පැවැත්වෙන්න තිබිලා තියෙන්නෙ. අර පැහැරගැනීමට ලක් උන ක්‍රීඩකයෝ CIA කණ්ඩායමේ අය. ඉතින් FBI, ATF වැනි රාජ්‍ය ආයතනවල උදවිය මෙහෙයුම්වල නිරතවෙන නිසා තමයි ස්කෝපියන්ලව හොයාන ඇවිත් තියෙන්නේ. ස්කෝපියන්ලා ඉතින් සෙල්ලම් කරන්න දන්නා උදවිය නෙවේනේ. ඒ නිසා කට්ටිය මේකට කැමති වෙන්නේ නෑ. ඒත් කේබ් තමන්ගෙ තියෙන කෝන්තර නිසාම කාර්සන් එක්ක ඔට්ටුවක් අල්ලනවා. පේජ් එහෙමත් මේකෙදි කේබ්ගේ පැත්තේ තමා ඔන්න.ඉතින් ඔට්ටුව වෙන්නේ ස්කොපියන්ලා දින්නොත් හෝම්ලෑන්ඩ් එක දෙගුණයක් සල්ලි ගෙවන්න ඕන. පැරදුනොත් ස්කෝපියන්ලට රාජ්‍ය කොන්ත්‍රාත්තු අහිමි වෙනවා. ඉතින් අද අපිට බලාගන්න පුළුවන් මේ මහා බුද්ධිමතුන් ටික දුවලා පැනලා හොදට පුරුදු කාර්සන්ගේ හෝම්ලෑන්ඩ් කණ්ඩායමත් එක්ක කොයි විදිහට තරග කරාවිද කියලා.

එහෙමනම් වෙන්නේ මොනාද කියන එක ඔයාලටම බලාගන්න ඉඩ ඇරලා මං මෙතෙකින් සමුගන්නවා. ලබන සතියේ ඔයාලට හුරුපුරුදු කෙනාම උපසිරැසිය රැගෙන ඒවි. ඔබ සැමට ජයෙන් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 350MB |

17CC81AE4DE5200978E155D6FE4D72E3A74058FC

Direct Download

| HDTV | x264 | 480p | 205MB |       

| HDTV | x264 | LOL | 360MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scorpion [S04 : E20] | ස්කෝපියන්හි ඉරණම…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *