MENU

Shaolin Girl (2008) AKA Shôrin shôjo | ෂාඔලින් කෙල්ල

මේ තමයි 2001 වර්ෂයේ තිරගත වුන Shaolin Soccer කියන ෆිල්ම් එකේ දෙවෙනි කොටස. මේකේ නම Shaolin Girl. මේක තිරගත වෙලා තියෙන්නේ 2008 වර්ෂයේ. මේකේ ධාවන කාලය විනාඩි 110 ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි වර්ගයේ එකක්. වගේම Kou Shibasaki, Toru Nakamura, Kitty Zhang, Tin Kai Man, Lam Tze Chung, Takashi Okamura, Yosuke Eguchi කියන නළු නිළියෝ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

ඉතිං යාළුවනේ මේකේ කතාව ගැන කියනවනම් මේකේ ඉන්නවා රින් කියලා කෙල්ලෙක්. එයාට අමුතු බලයකුත් තියෙනවා. එයා චීනෙට ගිහින් ෂාඔලින් කුංග් ෆු ඉගෙන ගෙන දවස් තුන්දාහේ පුහුණුවීම් කාලය ඉවර කරලා අයෙත් එයාගෙ ගෙදරට එනවා. මෙයාට ඕන කරන්නේ එයාගේ සීයගේ සිහිනය වෙච්ච එයා ඉගෙන ගත්ත ෂාඔලින් කුංග් ෆු ජපානය පුරා ව්‍යාප්ත කරන එක. ඒත් එ්ක එයාට හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. මෙයා ඉතිං කුංග් ෆු ව්‍යාප්ත කරන්න ඕන නිසා විශ්ව විද්‍යාලයකට බැදෙනවා. ඉතිං මෙයාට මින්මින් කියලා යාළුවෙක් හම්බවෙනවා. මෙයා එයාට තමයි මුලින්ම කුංග් ෆු උගන්වන්න යන්නේ. හැබැයි රින් මින්මින්ට ෂාඔලින් කුංග් ෆු උගන්වනවනම් මින්මින් කියනවා එයත් එක්ක ලැක්‍රෝස් කියන ක්‍රීඩාව රින් කරන්න ඕන කියලා. ඉතිං රින් ලැක්‍රෝස් කියන ක්‍රීඩාව මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඒත් එයාට කුංග් ෆු අනෙක් අයට උගන්වන්න ඕන නිසා එයා ඒකට කැමති වෙනවා. ඉතිං රින් ලැක්‍රෝස් කරන්න යනවා. රින් තමන්ගේ කුංග් ෆු හැකියාවත් එක්ක මේ ක්‍රීඩාව කරන්න යනවා. හැබැයි ඒක එච්චර සාර්ථක වෙන්නෙ නෑ. නමුත් එයා ලැක්‍රෝස් කණ්ඩායමට නම් කොහොමහරි එකතු වෙනවා. වගේම මේ කණ්ඩායම පුහුණු තරගයකටත් යනවා. හැබැයි මේ රින්ගේ දක්ෂතාවයේ වැඩිකම නිසා මෙයාලා මේ තරගයපරදිනවා. හැබැයි රින් කොහොම හරි එයාගේ යාළුවෝ ටිකට කුංග් ෆු උගන්වනවා.

ඒ වගේම මේ විශ්ව විද්‍යාලයේ ඉන්න සභාපතිතුමා තමයි මේ ෆිල්ම් එකේ ඉන්න දුෂ්ටයා. ඔහුට ඕන කරන්නෙ මේ රින් ගාව තියෙන බලය එළියට ගන්න. ඉතිං ඔහු මේකට විවිධ දේවල් කරනවා. නමුත් ඒව සාර්ථක වෙන්නෙ නෑ. හැබැයි අන්තිමට රින් මේ කෙනත් එක්ක සටනට යනවා. මං මුළු ෆිල්ම් එකම කියන එක හරි නෑනේ. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 900MB |

f55c02215224a244b516824acf7eee1380fd96b0

 Direct Download

| BluRay | x264 | 720p | 900MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *