ඔන්න එහෙනම් Siren පස්වැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම..
කලින් කොටස බැලුව නම් ඔයාල දකින්න ඇති අවසානයේ රින් එයාගෙ සහෝදරිය එහෙමත් නැත්නම් ක්‍රිස්, සැන් දෙන්නා ඩොනා කියන නර්ස් විදිහට වැරදියට හිතන් ඉන්න කෙනා එක්ක ආපහු මුහුදට යනවා. බෙන්, රින්ට දුන්නු ට්‍රැකර් එකේ සිග්නලුත් එකපාරටම නැතිවෙලා යනවනේ. ඉතින් අද කොටස පටන්ගන්නෙ මේ සිදුවීම් සිද්දවෙලා හරියටම මාසෙකට පස්සෙ. ක්‍රිස්ව හම්බවෙන්න හමුදා පරීෂණාගාරයේ උන්නු නිළදාරියා ඇවිත් ක්‍රිස්ගෙන් එයා එක්ක පැනල ආපු නර්ස් ගැන ප්‍රශ්න කරනවා. බෙන් වගෙම මැඩී දෙන්නත් රින් ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. මේ අතරෙ වතුර මතුපිට මැරිල පාවුණු ගැඹුරු මුහුදේ ඉන්න මාළුවෙක් ගැන පරීක්ෂා කළාම මෙයාල දැනගන්නවා මේ මාළු මැරෙන්නෙ හාමත්වෙලා කියල. ඉතින් බෙනුයි මැඩීයි දෙන්නා මේකට හේතුව හොයන්න පටන්ගන්නවා. එතකොට තමයි මෙයාල දැනගන්නෙ බෙන්ගෙ තාත්තගේ සමාගමත් මේ සිද්දවෙන දේට හවුල් කියල. ඒ ගැන වැඩි විස්තර හොයන බෙන් දැනගන්නවා තාත්තගේ සමාගමෙන් පුළුවන් හැම මාළුවෙක්ම අල්ලන්න කියල ධීවරයින්ට කියනවා කියල. එතකොට ධීවරයෝ කෑමට සුදුසු නොසුදුසු හැම මාළුවෙක්ම අල්ලනවා. කෝස්ටල් මිල්ස් කියන සමාගමක් පොව්නේල් සමාගමෙන් මේ නුසුදුසු මාළු මිළට ගන්නවා. මේ පටලැවිල්ල මොකක්ද කියල බෙන් සැන් එක්ක එකතුවෙලා දිගටම හොයනවා. මේ අතරෙ රින්, එයාගෙ සහෝදරියත් එක්ක ආපහු ගොඩබිමට එනවා. ඒ එන්නෙ බෙන්ගෙන් වගෙම මැඩීගෙන් උදව් ඉල්ලන්නයි. ඒත් රින්ගෙ සහෝදරිය නම් මේ කිඳුරු-මිනිස් යාළුකමට කැමති වෙන්නෙ නම් නැහැ. එතකොට සැන් දැනගන්නවා අර ක්‍රිස්ව හම්බවෙන්න ආපු හාදයා ඒ කියන්නෙ ඩෙකර් කියන හමුදා නිළදාරියා කියන්නෙ බොරුවක් බව. එදා බෝට්ටුවෙදි සිද්දවුණු දේ ගැන මිනිහා ක්‍රිස්ට කියල තියෙන්නෙ ඇත්තක් නොවෙන බව සැන් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි මිනිහා මේ හැමදේකටම සම්බන්ධයි කියලත් සැන් දැනගන්නවා. මිස් හොකින්ස් කියන්නෙ පරණ බඩු විකුණන කෙනෙක් කියලනෙ අපි හිතාගෙන උන්නෙ. ඔන්න ඇත්තටම එයා කවුද කියල අද දැනගන්න පුළුවන්. අද්මිරාල්වරයාගෙ නියෝග අනුව ඩෙකර් දිගටම පැනල ගිය නර්ස්ව හොයාගෙන යනවා. කොහොමින් කොහොම හරි මේ හාදයා බ්‍රිස්ටල් කෝව් වලටත් එනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු..
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Torrents Download
| WEB-DL | x264 | TBS | 330MB |
CBD40C7814D9910A764AA7B4A9437F75F544AB2E