මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්.
උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Kallie Flynn Childress) ෆාරා (Scout Taylor – Compton) එක්ක රාත්‍රි සාදයක් දානව ජුලීගෙ ගෙදර. හදිස්සියේම එතනට එන ඇයගෙ පරණ යාලුව ස්ටේයිසි මෙයාලට අභියෝගයක් දෙනව ඒ වගේම ජුලීගෙ සිත්ගත් තරුණයා ගෙන දැනගෙන. ඒ වෙනුවෙන්ම විශේෂ අභියෝගයකුත් එකතු කරනව. ඉතින් අභියෝගයෙ හැටියට, මෙයාල උසස් පාසලට ගියාම දිනපු අය වතුරමල ගාවත්, පැරදුන අය කුණු කූඩෙ ගාවත් කෑම කන්න ඕන. ස්ටේයිසිගෙ කණ්ඩායම කෙසේ වෙතත් මෙයාලට ඒක ලොකු අභියෝගයක්. මොකද ජුලීගෙ අම්ම යන්න කලින් මෙයාලට නීති ගොඩාක් දාලයි යන්නෙ. විශේෂයෙන්ම ගෙදරින් එලියට යන්න බෑ කියල. තාත්තට මෙයාලව බලන්න කියල, අපරාදෙ කියන්න බෑ. මෙයාගෙ අයියනම් පොඩි මුදලකට මෙයාලට උදව් කරනව ඉතින්.
ජුලියි එයාගෙ යාලුවොයි කොහොමද මේ අභියෝගය ජයගන්නෙ කියල ඔයාලම බලන්නකො.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.