ඔන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදී අන්තිමට පැංඩෝරත් ගුප්ත කෙනායි අතර සිද්ධ වෙන්න යන දේ ගැන අදහසක් දුන්නනේ. ඉතින් මේ කොටසෙ පටන් ගන්නෙම එතනින්. ඒ හේතුව නිසා පැංඩෝරත්, ගුප්ත කෙනාත් අතර තියෙන සම්බන්දෙත් අවුල් යනව. ඒ වගේම මේ කොටසෙදි ඇබීලගෙ තාත්තා පවුලෙ අයත් එක්ක එකතු වෙන්න ඇබීලගෙ ගෙදරටම එන එක බලාගන්න පුළුවන්.
ඒවගේම කතාවෙ මේ සමය පුරාම උනා වගේ මේ කොටසෙදීත් බෙට්සි රෝස් ආයෙමත් මතු වෙලා එනව. ඒත් මේකෙදී බෙට්සි විසින්ම කරපු දෙයක් තමයි කතාවට මුල්වෙන්නෙත්. අතීතයේ ක්‍රේන් සහ බෙට්සි අතර වෙන්වීමත් මේ කොටසෙදි බලා ගන්න පුළුවන්.තවත් එකක් තමයි මෙදා සැරේ එන රාක්ෂයා. අලුත්ම විදියක ක්‍රේන් වගේම පරණ සොල්දාදුවෙක් තමයි මේ සැරේ එන්නෙ. ඒ වගේම මුල ඉඳන්ම ප්‍රශ්නයක් වෙලා තිබ්බ නියෝජිත ඩැනීගෙ අවුලත් මේ රාක්ෂය නිසා විසදෙනවා. කොහොම හරි ඒකෙන් ඩැනීගෙ කටත් වහල දාන්න පුළුවන් වෙනව. ඒකනම් ඇත්තටම ලොකු දෙයක්. මොකද ඩැනී මුල ඉඳන්ම ක්‍රේන්ව ප්‍රශ්න කරමින්නෙ හිටියෙ.
නොහිතපු වෙලාවක ඩැනී, ඇබී සහ ක්‍රේන් තර්ක කරමින් ඉන්න තැනකට රාක්ෂයා එන එකෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. කොහොම හරි ඒකෙන් ඇබීට තිබුණ එක ප්‍රශ්නයක් නම් ඉවර වෙනව. ඒ තමයි ඩැනීගෙන් හැමතිස්සෙම රහස් හංගන්න තවත් බොරු කියන්න ඕනෙ නැති එක.
කොහොමින් හරි ඒකෙන් ඩැනී හා ඇබී අතර සම්බන්ධය තවත් පියවරක් උඩට යනව. ඒවගේම පැංඩෝරත් ක්‍රේන්ලත් එක්ක එකතු වෙනවා. එහෙනම් ඔන්න උපසිරැසි යත් එක්කම කතාව බලන්න. ඊලඟ කොටසින් නැවත හමුවෙමු.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 319MB |
Direct Download
| HDTV | x264 | SD | 397MB |