MENU

Sophie and the Rising Sun (2016) | සරත් ඍතුව නිම විය…

ආයුබෝවන් ! මේ චිත්‍රපටිය අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයාගේ ඉල්ලීමකට අනුව තමයි සබ් කරන්න පටන් ගත්තේ. ඒ වගේම Shan Vimukthi(විමා) සහෝටත් විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි කරපු දිරිගැන්වීම් වලට.

2016 ජනවාරි 22 , තිරගතකිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Drama වර්ගීකරණයට, පුරා පැය 1 කුත්, මිනිත්තු 45 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 6.5/10 ක් හිමි වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maggie Greenwald විසිනුයි. ප්‍රධාන චරිතය වන Sophie Willis ගේ චරිතයට පනපොවන්නේ ඇමරිකානු නිලි Julianne Nicholson සහ Grover Ohta ගේ චරිතයට පණපොවන්නේ The Last Samurai (2003)Letters from Iwo Jima (2006) යන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වුන ජපන් ජාතික නළු Takashi Yamaguchi විසින්.

කතාව ගැන කියනවා නම්, මේක පටන් ගන්නේ 1941 සරත් සමයේ ඇමරිකාවේ දකුණු කැරොලිනා වල කුඩා ධිවර ගම්මානයක් වුන සල්ටි ක්‍රීක් (Salty Creek) වල සිදුවීමකින්. එක දවසක් ඒ නගරෙට නිව්යෝර්ක් වල ඉදලා එන බස් එකක ආසියානු ජාතිකයෙක් සිහිනතුව ඉන්නවා. එයාගේ අනන්‍යතාවය සම්බන්ද කිසිම ලියකියවිල්ලක් වත් නෑ වගේම එයා හොදටම තුවාල ලබලා ඉන්නේ. ගමේ කට්ටිය හිතන්නේ ඒ චීන ජාතිකයෙක් කියලා. එයාට සනීප වෙනකල් එයාව ගමේ ගෙදරක නවත්තනවා. ඉතින් මේ චීන ජාතිකයට සනීප වුනාට පස්සේ, එයා ගෙදර අයිතිකාර Anne Morrison මහත්මියගේ මල්වත්තේ වැඩකරලා ඒක ලස්සනට හදනවා. ඒ හින්දා එයා ඒ ගෙදර උයන්පල්ලා විදිහට ඉන්නවා. හැබැයි එයා එයාගේ විතර අනිත් අයට කියන්නෙත් නෑ.ඒ වගේම් එයාට Anne Morrison මහත්මියගේ යාලුවෙක් වෙන Sophie Willis මෙනවිය අදුරගන්න ලැබෙන්නේ. ඔය අතරේ ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දාලා, ඇමරිකාවට විරුද්දව යුධ ප්‍රකාශ කරනවා. ඕකට කුපිත වෙන ඇමරිකන් ජනතාව ඇමරිකාවේ ඉන්න ජපන් ජාතිකයන්ට හිරිහැර කරනවා. ඉතින් ගමේ අයට මෙයා ගැනත් සැක හිතෙනවා. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ?

ඔබට ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 770MB |

016E02CCC060DB71B82B070034875BC00F9D9602

Direct Download

| Bluray | x264 | 720p | 770MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *