MENU

Strike Back : Retribution (2017) [S06 : E08] | ටෙනෙබ්‍රේ ව්‍යාපෘතියේ අභිරහස…(18+)

ඕමාර් ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කිව්වට පස්සේ සෙක්ෂන් 20 එකේ අය වගේම ජේන් ලව්රිත් ක්‍රියාත්මක වෙන්න ගත්තා ඕමාර් ඉඩ්‍රිසි ඉන්නේ කොහෙද කියලා විස්තර හොයන්න. ඔක්ටගන් කියලා කම්පැනියක් තමයි ඔය කියන බ්ලැක් සයිට් එක පවත්වාගෙන ගියේ. ඉතින් ඔය ඔක්ටගන් කියන කම්පැනියේ අයිතිකාරයා තමයි ජෝහෑන් ක්‍රිගර් කියන්නේ. ජෝහෑන් ක්‍රිගර්ව හොයාගෙන මුලින්ම අආවේ ජේන් ලව්රියි එයාගේ කට්ටියයි. එයාගේ කට්ටිය අතරේ වෝල්කන් හොරේෂන් පවා හිටියා. කොහොමහරි 20 එකේ අය එතනට එද්දී ජේන් ක්‍රිගර්ගෙන් ඔය කියන බ්ලැක් සයිට් එක නිර්මාණය කලේ කවුද කියන එක පවා දැනගෙන පස්සේ මරලා දැම්මා. ජේන්ගේ හැසිරීම එපා වෙලා හිටිය වෝල්කන් 20 එකේ අයට උදව් කරන පරමාර්ථයෙන් ලව්රිට පිටුපාලා වැඩ කරන්න ගත්තා. හැබැයි ඒ වැඩි වෙලාවකට නෙවෙයි. ඕමාර් ඉඩ්‍රිසිව රදවගෙන ඉන්න බ්ලැක් සයිට් එක නිර්මාණය කරලා තිබුණේ රේචල් ෂෙරීඩන් කියලා ගෑනු කෙනෙක්. ඇත්තටම රේචල් කියන්නේ හොයාගන්න බැරි අදෘශ්‍යමාන ජීවිතයක් ගත කරන කෙනෙක්. රේචල්ව හොයාගන්න බැරි නිසා මේ අයට දැනගන්න ලැබෙනවා රේචල්ගේ දුව අයිලා ගැන. ලයිලව හොයාගෙන 20 එකේ අය යද්දී ඒ වෙද්දීත් ජේන්ගේ කට්ටියත් ඇවිත් තිබුනා. කොහොමහරි ලව්රිව බේරගෙන ඇවිල්ලා එයාගෙන් ඇහුවම රේචල් ඉන්නේ කොහෙද කියල එයා කිව්වෙත් නැහැ. පස්සේ ලයිලාට එයාගේ අම්මා ලගට යන්න ඉඩ දීලා 20 එකේ අය හොරෙන් ලුහුබදින්න ගත්තා.

මේ වෙද්දී වෝල්කන් හොරේෂන්ව හොර රහසේ ක්‍රියා කරන්නෙක් හැටියට ජේන් ගැන ඔත්තු බලන්න ඩොනවන් යොදවන්න උත්සහ කලා. ඒත් වෝල්කන්ගේම මිනිස්සු ජේන් කියන දේට ඇහුන්කන් දෙන්න අරන් නිසා ඒ අය වෝල්කන්ටත් පිටුපාලා එයාව කුදලගෙන ගියා ජේන් ලගට. ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මුල ඉදන් හැමදේම මිනිහා වමාරන්න ගත්තා 20 එකේ අයට කියපු දේවල් හැම එකක් පාසාම. ජේන්ගේ ලැප්ටොප් එකේ තිබුණු දත්ත හොරකම් කලා කියලා ඒක අරගන්න කිව්වම ඩොනවන් යවන්න හැදුවේ නෝවින්ව ඒත් ටීම් එකේ අනික් අය ඒ වෙද්දී රේචල්චා හොයාගෙන යන මෙහෙයුමේ හිටිය නිසා ජෙන්සන් පවා නෝවින් එක්ක ගමනට එකතු වුනා. එන්න කිව්වට එතන කිසිම ප්‍රයෝජනවත් දෙයක් තිබුණේ නැහැ. නෝවින් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදලා ජේන් ඇවිල්ලා ජෙන්සන්ව පැහැරගෙන ගියා. පැහැරගෙන ගිහින් වෝල්කන් ලවා වද දුන්නා ජේන්ට හොයාගන්න බැරි වුනු රේචල් ඉන්නේ කොහෙද කියලා දැනගන්න. නෝවින් ජෙන්සන්ව බේරගන්න එයාව හොයාගෙන එද්දී ජෙන්සන්ගේ ඇහැකුත් එයාට නැති වෙලා ඉවරයි. එයාට විදින්න වුනු වේදනාව නිසාම එයා කියලා තිබුනා රේචල් ඉන්නේ ගොවිපලක කියලා. මේ අතරෙදි රේචල්ව හොයාගෙන ගිය 20 එකේ අනික් අයට එයා සහයෝගය දැක්වුවා එයා නිර්මාණය කරපු බ්ලැක් සයිට් එක තියෙන්නේ කොහෙද. එතකොට ඒකට ඇතුල් වෙන වෙනින් මගක් තියෙන්නේ කොහෙද කියලත්. හැබැයි එයා කිව්ව විදිහට ඇතුලට යන්න හොර පාරක් තිබුනට එලියට එන්න පාරක් නැහැලු. ජෙන්සන්ගේ විස්තර නිසාම ඒ වෙද්දීම ජේන්ගේ කට්ටිය ඇවිල්ලා ගොවිපලට පහර දෙන්න ගත්තා. ඒ මිනිස්සුන්ගේ අවධානෙ වෙනස් කරන්න ගොවිපලෙන් එලියට ගිය රේචල්ව ජේන්ටයි වෝල්කන්ගෙයි අතටම අහු උනා. ගොවිපල අතුලෙදීම ලයිලා මැරිලා ගියා. අද කොටස තුලින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි පැහැරගෙන ගිය රේචල්ටත් වෙලා තියෙන වින්නැහිය. මේ අස්සේ ජෙන්සන් ආයෙම වැඩ කරන්න එනවා එක ඇහැක් පේන්නෙත් නැතුව. අනේමන්දා ජෙන්සන්ට එන්න එන්නම එයාට මුහුණ දෙන්න වෙන කරදර දවසින් දවස වැඩි වෙනවද මන්දා!

මනසලේ දාන ලිපියක්වත් කියවන්නේ නැති අය දන්නවද දන්නේ නැහැ. මොකද මේ ගැන මංසල හරහා දැනුවත් කලා. අලුත් කතාමාලාවේ සදහන් කිරීමක් අතරින් වගේම පින්තුරයකට සිමා වුණු සාජන්ට් ඩේමියන් ස්කොට් වගේම සාජන්ට් මයිකල් ස්ටෝන්බ්‍රිජ් සුපුරුදු නළුවෝ දෙන්නගෙම පණ පෙවීමෙන්ම ලබන සතියේ කොටසට වගේම අවසන් කොටසට එකතු වෙනවලු. එහෙම වුනොත් නම් සුපිරියක්ම වේවි. මොකද සැහෙන දෙනෙක්ට එපා වෙලා ඉන්න ඇත්තේ මුල් දෙන්නා මේ කතාසමයේ නැති නිසානේ. බලමුකෝ නෙහ් මොකද වෙන්නේ කියලා.?!

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | MTB | 278MB |

FA80B12D163865B53022A8E4A6915D35D533D337

Direct Download  

| HDTV | x264 | 480p | 179MB |     

        

| HDTV | x265 | 720p | 206MB |       

 

| HDTV | x264 | MTB | 276MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Strike Back : Retribution (2017) [S06 : E08] | ටෙනෙබ්‍රේ ව්‍යාපෘතියේ අභිරහස…(18+)

  • sanduni

    plz strike back season 1 idan denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *