MENU

Supergirl [S03 : E16] | පෙස්ටිලන්ස්ගෙ ආගමනය…

කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මේ ආවේ සුපර්ගර්ල් තෙවන සමයේ 16වන කොටසත් රැගෙනයි. අදත් ආව දවසෙම රාත්‍රී 8.30 වෙද්දී ඉවරයක් කරගන්න හැකි උනා. හොදයි එහෙමනම් බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා.

මතකයි නේද ගිය සතියේ අන්තිමට මොන් එල්ට සහ සුපර්ගර්ල්ට කුරුල්ලෝ මැරිලා වැටෙනවා හම්බ වෙනවා. දැක්ක ගමන්ම මොන් එල් කිව්වා ඒ පෙස්ටිලන්ස් කියලා. අද ඔන්න පෙස්ටිලන්ස් බරටම වැඩ අල්ලනවා. මුලින්ම සත්තුන්ගෙන් මතුවුණ රෝගය අවසානයේ මිනිස්සුන්ට පවා ආසාදනය වෙනවා. හැබැයි ඇලෙක්ස් හොයාගන්නවා මේක බෝවෙන එකක් නෙවෙයි ස්පර්ශයෙන් පමණක් ආසාදනය වෙන්නක් කියලා. ඒ කියන්නේ පෙස්ටිලන්ස් තමන්ම තමයි මේ වැඩ කරන්නේ. ඉතින් මේ ගැන පරීක්ෂණ පවත්වන්න කියලා ගිහින් වින්ටයි ඇලෙක්ස්ටයිත් මේක ආසාදනය වෙනවා.

ඔය අස්සේ ඉම්රාට ඕන කරන්නෙම පෙස්ටිලන්ස්ව මරලා දාන්න. පේන විදිහටනම් ඉම්රාගේ පෞද්ගලික තරහක් තියෙනවා මේ පෙස්ටිලන්ස් එක්ක. ඒ මොකක්ද කියලත් දැනගන්න ලැබෙයි. ඒතකොට ලීනා බරටම සෑම් ගැන පරීක්ෂණ පවත්වනවා. ලීනා කියන්නේනම් එයාට සෑම්ගෙ මනසින් රෙයින්ව අයින් කරලා දාන්න පුළුවන් කියලා තමයි. හැබැයි ඉතින් ඒකත් අද හොද විදිහටනම් ඉවරයක් වෙන්නේ නැහැ.

සුපර්ගර්ල් සුපුරුදු පරිදි අනුකම්පා සහගත ලෙස පෙස්ටිලන්ස් එක්ක කතා කරන්න ගිහින් අදත් වැඩේ අවුල් කරගන්නවා. ඒ කියන්නේ ඇය වෙනස් වෙන්නෙම නැහැ. අනිත් කාරණේ තමයි අද ඔන්න අපි බලාගෙනම හිටිය දේ සිද්ද වෙනවා.ලෝකමරුවෝ එක්සත් වීම.

එහෙමනම් මෙතෙකින් නවතිනවා. ලබන සතියේ ඉදන් මේ කට්ටියගේ විනාශයන බලාගන්න ලැබෙයි.. එහෙනම් හෙට THE 100 තුලින් යළි හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 250MB |  

C109BA880FE6E745E1D714089E7A2746B092188E

 Direct Download 

| HDTV | x264 | SVA | 250MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *