MENU

Supergirl [S03 : E18] විශ්වාසය මත දෝලනය!

කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මම රැගෙන ආවා තෙවන කතාසමයේ 18වන කොටහ. අදනම් ඔන්න ආව දවසෙම 8.30 වගේ වෙද්දී කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා.

කලින් සතියේ ලෝකමරුවන් එක්කලා ඇති වෙච්ච සටනෙන් පෙස්ටිලන්ස්, පියුරිටි දෙන්නව මරන්න සුපර්ගර්ල්ට හැකි උනා. ඇත්තම කිව්වොත් ඒක සුපර්ගර්ල් නෙවෙයි ඒ දෙන්නට දෙන්නමයි කරගත්තෙ. ඉතින් කොහොමහරි ඒ වෙච්ච දෙයින් ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම අඩු වෙච්ච එක සුපර්ගර්ල්ට සෑහෙන්න ලොකු දෙයක්. මොකද දැන් සටන් කරන්න ඉන්නෙ රෙයින් පමණක් නිසා. ඉතින් තමන් ආව මෙහෙයුම සාර්ථකව නිමා කෙරුව ලීජන්ලගේ සූදානම ආපහු යන්නයි. පෙස්ටිලන්ස් මැරුණු නිසා දැන් අනාගතයේ බ්ලයිට් කෙනෙක් නෑ.

ඉතින් කොහොමින්හරි අද ඔන්න රෙයින් ආයෙම තමන්ගෙ දඩයම ආරම්භ කරනවා. රෙයින්ගෙ මේ පාර ඉලක්කය වෙන්නේ රූබි. මොකද රූබි ඉන්නකම් සෑම්ව යටපත් කරන එක රෙයින්ට සෑහෙන අමාරුයි. ඉතින් රෙයින් මුලින්ම රූබිව හොයාගෙන යන්නෙ ලීනා ගාවට. ලීනා එතැනදී ක්‍රිප්ටෝනයිට් පාවිච්චි කරලා රෙයින්ගෙන් බේරෙනවා. කොහොමහරි රෙයින්ගෙ ඊළග ඉලක්කය වෙන්නේ සෑම්ගෙ අම්මා පැට්‍රිෂියා ආරියස්. එතැනදී රෙයින්ව අල්ලගන්න යන ජෝන්ටයි කාරටයි සෑහෙන්න දරුණුවට ප්‍රහාර එල්ල වෙනවා රෙයින්ගෙන්. මොකද දැන් රෙයින් පෙරටත් වඩා බලවත්. ඇයට දැන් පෙස්ටිලන්ස් සහ පියුරිටි දෙදෙනාගේම බලය හිමියි.

ඉතින් අද කොටසින් අපිට බලාගන්න පුළුවන් වෙයි රෙයින්ට රූබිව මරලා දාලා සදහටම සෑම්ව නැති කරලා දාන්නට හැකිවෙයිද කියලා. එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. හෙට ආයේ THE 100 සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා.

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 183MB |  

D96E91E3E33410475759DF2C05F5FBA5FA2B3B87

 Direct Download 

| HDTV | x265 | 720p | 183MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supergirl [S03 : E18] විශ්වාසය මත දෝලනය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *