MENU

Supernatural [S04]- Complete

හොදයි, සීසන් 4 බලන්න දැන් ලැස්ති ඇති කියලා හිතනවා.

දැන් ඩීන් මැරිලා ඉවරයි, ලිලිත් කොහෙට පැන ගත්තද දන්නේ නෑ, රූබිත් ආගිය අතක් නෑ, ඒ මදිවට කෝල්ට් එකත් නැති වුනා. දැන් ඉතින් කොයිබටද? මේක තමයි හැමෝගෙම ඔළුවල තීයෙන ප්‍රශ්නෙ. අපි ඒවාට උත්තර කථාව බලලම දැනගමු නේද? අද කථාව පටන් ගන්නේ ඩීන් මැරිලා මාස කීපෙකට පස්සෙයි.

කැස්ටියෙල් :
අද කතාවේදි කැස්ටියෙල් (Castiel) නමින් අලුත් චරිතයක් අදුන්වලා දෙනවා. කතාවේ බොහෝ තැන්වල මේ නම කෙටි කරලා “කැස්” යන නමෙන් තමයි මෙයාට ආමන්ත්‍රණය කරන්නේ. මේ චරිතය සෑහෙන විශේෂ චරිතයක්. මීශා කොලින්ස් (Misha Collins) කියලා නළුවෙක් තමයි මේ චරිතෙට පණ පොවන්නේ. මේ චරිතය ආරම්භයේදී අදුන්වලා දෙන්නේ යලි යලි මතුවෙන සරල පුංචි චරිතයක් හැටියටයි. නමුත්, මේ චරිතයේ විශේෂිත බව නිසාද කොලින්ස්ගේ අමුතුම රංගන විලාශය නිසාද දන්නේ නෑ මේ චරිතය සුප(ර්)නැචුරල් රසිකයෝ අතර ඉතාම වේගෙන් විශාල ජනප්‍රියතත්වයක් ලබාගත්තා. එහි ප්‍රතිපලය වුනේ සීසන් දෙකක් ඇතුලත මේ චරිතය ප්‍රධාන චරිතයක් බවට වර්ධනය වෙන එකයි. අද වෙනකොට කැස්ටියෙල්, ෂෝ එකට නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ක්‍රිප්කී මේ චරිතයේ පෙනුම නිර්මාණය කරලා තියෙන්නේ DC Comics කියන චිත්‍රකතා පොත් ප්‍රකාශකයන්ගේ Hellblazer (1988–2013) සහ Constantine (2013–) කතාන්දරවල දකින්න ලැබුන John Constantine කියන චරිතයේ පෙනුම ඇසුරෙන් බවයි පැවසෙන්නේ.

මේ චරිතෙ ලබාගත්ත වේගවත් ජනප්‍රියත්වය නිසාම මාත් මේ නළුවා කවුද කියලා ටිකක් හොයලා බැලුවා. ඒත් මීට කලින් ඒ තරං වැදගම්මක් ඇති චරිතයක් කරලා තියෙන බවක්නම් පේන්න නෑ. ඒත් මිනිහගේ තොරතුරු බැලුවම නං පෙන්නේ ගොඩක් හොලිවුඩ් නළු නිළියන්ට වඩා වෙනස්, සෑහෙන නිහතමානී, පිනට දහමට බර මනුස්සයෙක් වගෙයි. අපි දන්නවා බොහෝ හොලිවුඩ් නළු නිළියන්ගේ නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම් එක්කෝ ඔවුන්ගේ නියෝජිතයෙක් නැත්නම් රසිකයන් විසින් පවත්වාගෙන යන ඒවා. නමුත් කොලින්ස් කියන්නේ මෙන්න මේ ට්විටර් ගිණුම ඔහු පෞද්ගලිකවම පවත්වාගෙන යන්නක් බවයි;

දැනුමට:
2.13 කතාවේ, දැනුමට කොටසෙ ලියපු විස්තර මෙතන ඉදන් ඉදිරියටත් අදාලයි. මං ඒවා අයෙමත් ලියන්න ඕනේ නෑනේ. තව අලුත් තොරතුරු ඉදිරියේදී අවශ්‍ය වුනොත් ලියන්නම්.

– – –
අද කතාවේ නම “Lazarus Rising” යන්න බයිබලයේ නව තෙස්තමේන්තුවේ ඇති ශු ජොහාන්. 11 වෙනි පරිච්ච්චේදය අසුරෙනුයි අරන් තියෙන්නේ.

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : 2008 සැප්තැම්බර් 18 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x265 | 720p | 4.3GB | [Complete S04]

| Bluray | x264 | 1080p | 33GB | [Complete S02]

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| Bluray | x264 | 720p | 3.8GB | [ Complete S04 -part 01]

| Bluray | x264 | 720p | 2.7GB | [ Complete S03 -part 02]

x265

| Bluray | x265 | 720p | 4.3GB | [ Complete S04]

 

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Supernatural [S04]- Complete

  • Sandeepa

    Anith seasons seeratamath DOWNLOAD LINK dennekoo

    Reply
  • සුපර්නැචුරල් සීසන් 5 දාන්ඩෝ

    Reply
  • Pradeep

    මේ තියන එකකින්වත් S04 ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *