හොඳයි, පස්වෙනි සීසන් එකටත් ආව එහෙනම්. නේද? සතුටුද? මටනං සතුටුයි! 😛 පහුගිය සීසන් එකේ අන්තිමට දැක්ක දේ මතකනේ. අද කථාව පටන් ගන්නේ එතන ඉදන්.
ඉතින්, පහුගිය සීසන් දෙක තුනේ වදයක් වුන වසංගත වැඩි හරියක් දැන් එලොව ගිහින්. ඒත් කනගාටු වෙන්න ඕනේ නෑ. පහුගිය කතාවේ කන්‍යාරාමේ පොළවෙන් මතු වෙච්ච එකාත් ඇතුළුව, තව වසංගත පෝලිමක් ඉන්නවා මේ සීසන් එකේ වදයක් වෙන්න බලාගෙන. බොහොම කාලෙකට කලින් ඉවරයි කියලා හිතපු වසංගතෙකුත් ඔන්න ආපහු එනවා… රූබි නැතුව ඔයාලට පාලු හිතෙයි කියලා වෙන්න ඇති. 😉 ඇයි තව “පිස්සු-බෙකී”ත් එනවා. 😛
හොදයි, දැන් තියෙන ප්‍රශ්ණ මොනවද බලමුකෝ… ආක් ඒන්ජල් කෙනෙක් එක්ක සටනට ගිය කැස්ට මොකද වුනේ? කන්‍යාරාමේ පොළවෙන් මතුවුන එකා අපේ කොල්ලෝ දෙන්නට මොනවා කරන්න ඇතිද? ඒකා ඊළගට මොනවා කරයිද? මේ ඇරඹුණේ අවසානයද? මේ ඔක්කොටම වඩා වැදගත් ප්‍රශ්නෙ… සෑම් ගේ ලේ පිපාසයේ වර්තමාන තත්වේ කොහොමද? ඩීන් මේ ඔක්කොටම පස්සේ සෑම්ට ආයිමත් සමාව දෙයිද?
මේවට උත්තර කථාව බලලම දැන ගමු.
අලුත් චරිත:
අලුතෙන් එන පැරණි චරිතේ, මෙවර එන්නේ Rachel Miner ගේ මුහුණත් ඇදගෙනයි. මෙදා පාර සෑහෙන කාලයක් ඉන්න බලාගෙනයි මෙයා එන්නේ. මේ චරිතයත් ඉදිරියේදී තරමක් වර්ධනය වෙන බව ඔයාලට පෙනෙයි.
දැනුමට:
ආක් ඒන්ජල්ලා ගැන ලියන එක මෙච්චර කල් මග ඇරියේ මට ඒ ගැන පැහැදිලි විස්තරයක් හොයාගන්න බැරි වුන නිසයි. කොහොම වුනත්, විකිපීඩියා කියන හැටියට ආක් ඒන්ජල්ලා කියන්නේ ඉහලම මට්ටමේ දේව දුතයෝයි. රෝමානු කතෝලික පල්ලිය ගේබ්‍රියල් (Gabriel), මයිකල් (Michael), රෆායල් (Raphael) කියන ආක් ඒන්ජල්ලා තුන් දෙනා හදුනා ගන්නවාලු. එත් සමහරුන් කියන විදිහට ආක් ඒන්ජල්ලා හත් දෙනෙක් ඉන්නවලු. හැබැයි මේ තුන්දෙනා ඇරුනම අනිත් අය කවුද කියන එක ගැන නිශ්චිත පිළිගත් මතයක් නැහැලු. කොහොම වුනත් විස්තර කියවතහැකි දීල තියෙන ලින්ක්වලට ගියොත්. එළිදරව් පොතේ 12:7-9 හී විස්තර කරන්නේත් මයිකල් ලුසිෆර්ව පරද්දන හැටිලු. සුප(ර්)නැචුරල් එකේ ආක් ඒන්ජල්ලා හතරක් කියලා කියන්නේ ඉහත තුන්දෙනාට අමතරව ලුසිෆර්නුත් ආක් ඒන්ජල් කෙනෙක් හැටියට සලකලයි. එහෙම පිළිගත් මතයක් තියෙනවද කියලා මමනං දන්නේ නෑ. ඩීන් අද කතාවේදී, Cate Blanchett ට සමාන කරපු චිත්‍රේනං 1636දී Guido Reni ඇදපු එකක්.
– – –
අද කතාවේ නම වන “Sympathy For The Devil” යන නමෙන් 1968 The Rolling Stones ගීතයක් තිබෙනවා
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 10 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Torrents Download
| HDRip | x264 | SD | 2.3GB | [Complete S05]
| HDRip | x264 | 720p | 7GB | [Complete S05]
Direct Download
| HDRip | x264 | SD | 2.9GB | [ Complete S05]
4 thoughts on “Supernatural [S05]- Complete”
Meke torrent eke season 4 download wenne
Thanks
Thanks bro.Next season ekat danna ikmanata.
Episode 10 eka nane pack eke