MENU

Supernatural [S12 : E22] | බංකරයෙන් එලියට..

මේරි කෙච් එක්ක මොන තරම් පොර බදලා එලියට පැනගන්න හැදුවත් එයාට යන්න වුණේ නෑනේ. ඒ නිසාම එයාව අල්ලගත්තට පස්සේ මේරිගේ මොළ ශෝධකයක් කරලා අර ටෝනි බෙවිල් කියන ගෑනි. එහෙම කරලා තියෙන්නේ මොකද මේරිගේ මතකය අමතක උනාම මේ අයට හරිම ලෙහෙසියෙන් මේරිට නියෝග දෙන්න පුළුවන්. එතකොට පරණ දේවල් ගැන හිතලා, එයාගේ බැදීම් ගැන හිතලා, එයාගේ පුතාලා දෙන්නා ගැන හිතලා වදවෙන්න දෙයක් නෑ. මේ හින්දම මේ අමතක වීගෙන යන මතකයන් අග්තරේ මේරිට මතක් වෙනවා එයා දඩයක්කාරයෙක්ව කලින් දවසේ මැරුවා කියලා  එයා මේරිගේ යාලුවෙක් වගේම බ්‍රිතාන්‍ය කාරයින්ට කැමති නැති ඇමරිකානු දඩයක්කාරයෙක්. සෑම් හා ඩීන් පිස්සුවෙන් වගේ මේරිව හොයනවා. නමුත් එයාලට හොයාගන්න වුණේ නෑ. කොටින්ම මේ අය කෙච්ගෙන් අහනවා. ඒ යකත් බොරු කියනවා. කලින් කොටසක මතක ඇති අයිලීන් ලිහීව. ෂෝ එක පටන් ගත්තෙම අයිලීන්ව යම බල්ලෝ ලවා කෙච් කාරයා මරවලා. අයිලීන් මැරිලා කියලා ජෝඩි සෑම්ට කිව්වම මේ අය ගිහින් පරික්ෂා කලා. මේක කරන්න ඇත්තේ යම බල්ලෝ කියලා හිතාගෙන සෑම් ක්‍රව්ලිට කතා කරලා ඇහුවම එයත් දන්නේ නෑ කියලා කිව්වා. නමුත් ක්‍රව්ලිත් හොද මූන පෙන්නගෙන බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ පුරුෂයින්ගේ ප්‍රධානි ඩොක්ටර් හෙස්ව පවා හමුවෙන්න ගියා. ඒ කියන්නේ මිට කලින් මේ අයට උදව් කරලා තියෙනවා. කොටින්ම කෙච්ට අර යම බල්ලව දීලා තිබුනෙත් ක්‍රව්ලිම තමයි. ක්‍රව්ලි මෙහ් විකාර කරන අතරේ  ලූසිෆර් හදන්නේ හිරෙන් පැනගන්න. අයිලින් මැරෙන්න කලින් සෑම්ටයි ඩින්ටයි ලියමනක් තියලා තියෙනවා අර බ්‍රිතාන්‍ය කාරයෝ එයාව ලුහුබැදලා තියෙනවා වගේම අයිලීන්ගේ ෆෝන් එක, ලැප් එක පවා හැක් වුනු බවක්. මේක දැනගත්තට පස්සේ මේ දෙන්නා ගිහින් පරික්ෂා කරලා බැලුවා එයාලගේ බංකරයෙත් මෙහෙම දෙයක් හයි කරලද කියලා. එතකොට මේ දෙන්නට අර මයික් කෑල්ල හොයාගන්න ලැබුණා.

පස්සේ මේ දෙන්නා බ්‍රිතාන්‍ය කාරයොන්ව අල්ලගන්න බොරුවක් කරලා ගබඩාගාරයක් ලගට ගෙන්නගන්න වැඩ සැලැස්වූවා. මේ අතරේ මේරි කෙච්ට යදින්න ගත්තා එයාව මරලා දාන්න කියලා. නමුත් කෙච්ට ඕන වුණේ අර වෙමින් පවතින දේ වෙලා මේරිගේ මොළය සම්පුර්ණයෙන්ම හේදිලා යන්න අරින්න. සෑම්ගෙයි ඩීන්ගෙයි උගුලට අහුවෙලා අර ගබඩාගාරයට ආවේ ටෝනි බෙවල් කැටුව තවත් මිනිස්සු දෙන්නෙක්. ඒ මිනිස්සු දෙන්නව කොටු කරලා සෑම් හා ඩීන් බෙවෙල්ව අල්ලාගෙන දැනගන්න ඕන කරන හැමදේම දැනගත්තා. පස්සේ මේ අය බෙවෙල්ව බංකරයට අරන් ගියේ සැලසුමකට. නමුත් ඒ වෙද්දී කෙච් තවත් කට්ටිය අරගෙන බංකරයට ඇවිත් හිටියේ ඒ අය ඔක්කොම ඉවරයක් කරලා කෙච්ව අල්ලගත්ත අන්තිම මොහොතෙදි හැම සැලසුමක්ම වතුරේ ගියා මේරි නිසා. පෙනුන හැටියට නම් එයාගේ මුළු මොළයම හේදිලා ගිහින්. ටෝනි එක්ක තියෙන කෙන්තියටම සෑම්වයි ඩීන්වයි එක්කම එයාවත් බංකරය ඇතුලේ හිර කරලා කෙච් මේරි එක්ක යන්න ගියා. ඒකත් නිකන් නෙවෙයි එයාලව හිර කලේ. ඇතුලට එන ජල සැපයුම නවත්තලා ඇතුලට වාතය යනවා වෙනුවට ඒක නවත්තලා පිටතට යන්න විතරක් සැලැස්වීමක් කල් තියා කරලා තියෙනවා. මේ නිසා කෙච් කිව්ව විදිහට නම් මේ අයට දවස් දෙක තුනකින් මැරිලා යනවා. මේ අස්සේ ලූසිෆර් නිදහස් වුණා වගේම ක්‍රව්ලිව මරලා දැම්මා. නමුත් හොදට බැලුවා නම් දකින්න ඇති ක්‍රව්ලි මැරුණේ නෑ කියලා. ක්‍රව්ලිව බිමට වැටුණු ක්ෂණික එයා ලගට මීයෙක් ආවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 165MB |    

48F24C5E24AC4A8F3D3CBDE1C24CA8071F5A6AE2

| HDTV | x264 | SVA | 220MB |    

487D8A7239D9FA6796F1D7DA0BE18F60A2223AA8

| HDTV | x264 | 720p | 754MB |    

AB882AC220351E5BE90CACE67165E16E848FF38C

| HDTV | x265 | 720p | 195MB |    

1C1366B96F925D25ACE0BF22ACA128D6087F288C

Direct Download

| HDTV | x264 | 480p | 164MB |          

| HDTV | x264 | SVA | 220MB |           

| HDTV | x264 | 720p | 754MB |           

| HDTV | x265 | 720p | 127MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Supernatural [S12 : E22] | බංකරයෙන් එලියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *