MENU

Supernatural [S13 : E11] | රාක්ෂයින් පෝෂණය කරන ඝාතකයා..

කලින් කොටස මුල් තැනක් දීලා තිබුණේ ගැහැණු අයගෙන් සමන්විත කණ්ඩායමකට. ඒ අය නුහුරු අය නම් නෙවෙයි. මෙතෙක් කල් කතාමාලාව තුලින් අපිට හමුවුණු චරිත එකතු කරලා නිර්මාණය කරලා තිබුණේ. සෑම් හා ඩීන් දෙන්නාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ජෝඩි කලබල වෙලා මේ දෙන්නා ගැන හොයන්න පටන් අරන් තිබුණේ. මේ අතරේ තමයි ක්ලේයර් දඩයමේ ගිහින් ඉද්දි එයාට ජෝඩිගෙන් ඇමතුමක් ආවේ ආපහු ගෙදර එන්න කියලා. ක්ලේයර් ගෙදර ආවහම ජෝඩි එයාට විස්තරේ කියනවා. ඒවගේම පේෂන්ස් දැකපු පේනයත්. ඒත් ක්ල්යෙර් විශ්වාස කලේ නැහැ මේ පේන කතාව. ක්ලේයර් හිතුවෙම එයා තනියෙන් දඩයමේ යන එකට එයා ගැන බය හිතුනු ජෝඩි ආපහු එයාව ගෙදර ගෙන්නගත්තා කියලා. මේ නිසාම මේ දෙන්නා අතරේ ලොකුවට රණ්ඩුවකුත් ඇති වුණා. ඇලෙක්ස් ජෝඩිට උදව් වෙන එක හැරුනහම වෙනත් රස්සාවකුත් කලා. ඒ තමයි රෝහලක හෙදියක් හැටියට සේවය කරපු එක. ඇලෙක්ස්ව මුණගැහෙන්න ගිහින් මේ දෙන්නා නිකමට ජේන් ඩො කියන නමින් පරික්ෂා කරලා බලද්දී තමයි දැනගන්න ලැබෙන්නේ එහෙම කෙනෙක් රෝහලට ඇතුලත් කරලා කියලා. ඒ කෙනා තමයි නවවැනි කොටසේ සෑම්ට, ඩීන්ට වගේම ජැක්ට උදව් කරපු ඩ්‍රීම් වෝකර්, කායා. ක්ලේයර් එයාව නවත්තලා තියෙන වාට්ටුවට ගිහින් කතා කරන්න හදද්දිම කායා යන්න ගියා. හැබැයි ඉතින් අර එයා ඇරලා දීපු ද්වාරයෙන් එලියට කායා යන්න කැමතිම නැති තැන හිටිය රාක්ෂයෝ එලියට ඇවිල්ලා. මොකද අර ද්වාරය ඇරුනා මිසක් වැහුනේ නැති නිසා. ඉතින් කායා යන්න හදද්දී ඒ රාක්ෂයා එයාව හොයාගෙන ඇවිල්ලා එයාට හිරහැර කරන්න යද්දී ක්ලේයර් වගේම ජෝඩි දෙන්නා එකතු වෙලා එයාව බේරගත්තා. පස්සේ තමයි මේ කට්ටිය දැනගන්නේ අර ද්වාරය තාමත් ඇරිලා තියෙන්නේ කියලා. .

මේ අතරේ සෑම් හා ඩීන් එයාලා හිර වෙලා ඉන්න ලෝකෙන් එලියට යන්න මගක් හොය හොයා හිටියේ. මේ දෙන්නට ලග ලගම ලොකු රාක්ෂයෙක් කෑ ගහන සද්දයක් පවා ඇහෙද්දී ඒ සද්දේ මොකක්ද කියලා හොයාගෙන ගියා. එතකොට අතරමගදී කවුදෝ මන්දා කළු පාටට හුරු ඇදුම් ඇදගත්ත කෙනෙක් ඒ දෙන්නට පහර දුන්නා. පස්සේ ජෝඩි, ඇලෙක්ස්, ක්ලේයර්, පේෂන්ස්, කායා වගේම මගදී එකතු වුනු ඩෝනාවත් එකතු කරගෙන හිතුවක්කාරියෝ ටික ගියා අර ද්වාරය තාමත් ඇරලද තියෙන්නේ කියලා බලලා ඒක අතරින් ගිහින් සෑම්වයි, ඩීන්වයි බේරගන්න. හැබැයි අර නැව් හදන හදන තැනට මුලින් ගියේ ජෝඩි වගේම  ඩෝනා විතරයි. ඒ මුලින් ගිහින් තත්වේ මොකක්ද කියලා බලලා ඇවිත් කට්ටියම එකතු කරගෙන ගිහින් මේ වැඩේට බහින්න. මේ දෙන්නා යද්දී ද්වාරය නම් ඇරිලා තිබුණේ. හැබැයි අර කායාගේ නරකම තැන හිටිය රාක්ශායෝ ගොඩක් එතන හිටියා. මේ නිසාම ජෝඩිව වගේම  ඩෝනාවත් ලොකු කරදරයක වැටුනා. මේ දෙන්නා එයි කියලා බලාන ඉදලා එතනට ක්ලේයර් වගේම අනික් කෙල්ලෝ ටික ඇවිල්ලා ජෝඩිවයි, ඩෝනාවයි බේරගත්තා. පස්සේ අර ද්වාරයනේ ඇතුලට ගියේ ක්ලේයර් වගේම කායා. මේ දෙන්නා එහෙට යද්දී සෑම්ටයි ඩීන්ටයි පහර දීපු කෙනා මේ දෙන්නව ගස් දෙකක ගැට ගහලා හිස් කබලකට හයියෙන් තට්ටු කරලා යන්න ගියා. ඒත් එක්කම අර රාක්ෂයාගේ සද්දෙත් ලග ලගම ඇහෙන්න ගත්තා. ඒ වෙලාවටම ක්ලේයර් වගේම කායා එතනට ඇවිත් මේ දෙන්නව බේරගෙන ආපහු වතාවක් පෘතුවියට එන ගමන් මගට යද්දී සෑම්ටයි ඩීන්ටයි පහර දීපු කෙනා ඇවිල්ලා ක්ලේයර්ට හෙල්ලයකින් විද්දා. ඒත් ඒක එයාට වදින්න නොදී කායා මැද්දට පැන්න නිසා කායා ඒ ලෝකෙදීම මැරිලා ගියා. ක්ලේයර්ට කායාව ආරක්ෂා කරන්න බැරි වුන නිසා එයා හුගක් දුකින් හිටියේ. ඒත් එක්කම අර ලෝකෙදි පහර දුන්න කෙනා ආයෙමත් තවත් ද්වාරයක් හදාගෙන පෘතුවියට ඇවිල්ලා ඉන්නවා පෙන්නුවා. හැබැයි ඒ කෙනාට තිබුණේ කායාගේ ස්වරූපයමයි. අද කොටසට ආයෙමත් වතාවක් ඔයාලට ඩෝනාව බලාගන්න පුලුවන් වේවි. මොකද එයාගේ නිහිණිය කවුදෝ මන්දා පැහැරගෙන ගිහිල්ලා. මේ ගැන හොයන්න එයා සෑම්ට වගේම ඩීන්ට කතා කරලා උදව් ඉල්ලනවා. වැම්පයර්ලා වගේම ඝාතකයෝ පිරුණු අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!

——-

අද කතාවේ නම “ Breakdown” 
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Davy Perez
විකාශනය වුනේ: 2018 ජනවාරි 25
මීලග කොටසෙන්: ” Various & Sundry Villains” | 2018 පෙබරවාරි 01


 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | BATV | 213MB |    

A0BFC5B937C595A180432F9F58051FB7F50AF1DC

| HDTV | x265 | 720p | 183MB |    

6636D81A4F740E8A7D208BD77F6475A0B619004B

Direct Download 

| HDTV | x264 | BATV | 213MB |       

       

| HDTV | x265 | 720p | 183MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *