MENU

Supernatural [S13 : E17] | සොලමන්ගෙ මුද්‍රාව සොයා..

කොහොමද ගිය සතියෙ කොටස හිතට අල්ලලා ගියාද? දැනගන්න ලැබුණු විදිහට නම් හුග දෙනෙක් ආසාවෙන් බලලා තිබුණා ස්කූබි ඩූූ කණ්ඩායම හිටිය හන්දා. ඒ කොටස වෙච්ච දේ කෙටියෙන් කියනවනම්. සෑම් වගේම ඩීන්ට ආවේශ වුනු සතෙක් මිනි මරනවා කියන හෝඩුවාව පිට ආවහම මේ අයට මුණගැහෙන්නේ අහන්න ලැබුණු දේට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ආවේශ වුනු ඩයිනෝසෝරයෙක් ගැන. පස්සේ ඒකව මෙල්ල කරලා විනාශ කරලා දැම්ම නිසා මේ අයට කඩේ අයිතිකාරයා කිව්වා කැමති දෙයක් අරගන්න කියලා. ඩීන්ට තිබුණු මල පෙරේත කමටම එයා ලොකු ටීවී එකක් අරගත්තා. ඒ ටීවී එක දැම්මට පස්සෙ මේ දෙන්නා රෝස පාට එළියක් දැකලා ඒක ඇතුලට ඇදිලා ගියා. ඇදිලා ගියෙ වෙන කොහෙටවත් නෙවෙයි ස්කූබි ඩූූ කාටූන් වලට.

මේ දෙන්නා ස්කූබි ඩූූ කණ්ඩායම එක්ක එකතු වුණා අභිරහසක් විසදන්න. අර හොල්මන් බංගලාවක කාටුන් එපිය බලලා තිබුණු ඩීන් හිතාන හිටියෙ ඒ කොටසේ තිබ්බ විදිහටම සිද්දවෙයි කියලා. ඇත්තටම ඔයාලට මතකද දන්නේ නැහැ හරිනම් ඒ හැමදෙයක් පිටිපස්සෙම හිටියෙ අර නීතිඥයා. ඒත් ඒ වෙනුවට මේ අයට මුහුණ දෙන්න වුණේ ඇත්තම හොල්මනක් එක්ක. ස්කූබි ඩූූ කණ්ඩායමේ අය හැමදාමත් කලේ වෙස්මුහුණක් දාගෙන හිටිය හොල්මන් අල්ලලා අපරාද විසදපු එකනේ. ඒත් වින්චෙස්ටර් කොල්ලො දෙන්නා එහෙම නැහැ. මේ අය එදා ඉදන්ම කලේ ඇත්තටම හොල්මන් එක්ක ගැටෙන එක. ස්කූබි ඩූූ කණ්ඩායමට මේක දරාගන්නත් බැරිවෙලා පිස්සු නටන්න යද්දී තමයි වින්චෙස්ටර් කොල්ලො දෙන්නා එක්කාසු වෙලා මේ අයගේ ප්‍රශ්නෙට ඇත්තම පිළිතුරක් දීලා හරි මගට අරගත්තෙ. විශේෂයෙන්ම කියන්න ඕනා ඩීන් මේ අය එක්ක ගත කරපු කාලෙන් වැඩි හරියක්ම කලේ ඩැැෆ්නිට ඇල්ම බැල්ම දාපු එක. ඒත් ඒක හරි ගියෙත් නැහැ. පස්සේ වින්චෙස්ටර් කොල්ලො දෙන්නගේ ව්දිහට හොල්මන කොටු කරගෙන ප්‍රශ්න කලාම තමයි දැනගත්තේ පිහියකට වහලා ඉන්න මැරුණු ළමයෙක්ව යොදවාගෙන මිනිහෙක් වැඩ අරන් තියෙනවා කියලා. වෙන කවුරුවත් නෙවෙයි ඒ කතාව මුලදීම කඩේ අයිතිකාරයා එක්ක ඇවිත් කරපු ජේ කියන මනුස්සයා. මිනිහා එහෙම කරලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ හොල්මන් කියලා බය උනාම අදාළ බඩු භාණ්ඩ, ඉඩකඩම් අඩු ගානට ඉල්ලුවාම දීලා දානවනේ. එතකොට එයාට පුලුවන්නෙ ඒ හැමදේම අරගන්න. පස්සේ අර ළමයා ආශාව නිසාම වහලා හිටිය පිහිය සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල් එක්කාසු වෙලා විනාශ කරලා අර ලමයවත් නිදහස් කලා. ඊටපස්සේ අන්තිමට ජේ කියන හාදයා ඇත්තටම කවුද කියන එක ඔප්පු කරලා ඒ මිනිහව පොලිසියට අල්ලලා දුන්නා.
අද කොටස ඇතුලෙ බලාගන්න පුලුවන් වේවි අනික් ලෝකයට යන්න ඕන කරන මන්තරයට අවශ්‍ය අමුද්‍රව්‍යයන්වල අන්තිම එක වෙච්චි සොලමන්ගේ මුද්‍රාව හොයාගෙන යන ගමන මොන වගේ එකක් වේවිද කියලා. ගමන නම් සුපුරුදු පරිදි එච්චර හොද එකක් වෙන්නේ නැහැ මොකද වින්චෙහ්ස්ටර් කොල්ලො දෙන්නා මුද්‍රාව හොයාගෙන ගිහින් වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටෙන විදිහේ සිද්දියකට මුහුණ දෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.

ලබන සතියෙ කොටස එන්නේ පරණ අවුරුද්ද දවසෙ. ඒ කාලෙ වෙනකොට බොහෝදුරට සබ් කරන්න බැරි වේවි. පොඩ්ඩක් විතර පමා උනොත් නම් සමාවෙන්න ඕන. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!
——-
අද කතාවේ නම “The Thing”
අධ්‍යක්ෂණය: John Showalter
ලිව්වේ: Davy Perez
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 05
මීලග කොටසෙන්: “Bring ’em Back Alive” | 2018 අප්‍රේල් 12

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 220MB |    

D32155EF35C1210AFB676A2E0400FC55CEE3C807

Direct Download

| HDTV | x264 | SVA | 220MB |       

       

| HDTV | x265 | 720p | 184MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *