MENU

Supernatural [S13 : E18] | ඔවුන්ව නැවතත් නිවහන කරා රැගෙන එන්නට….

 

කලින් කොටස පටන් ගද්දිම කෙල්ලෙක්ව බිලිදෙනවා වගේ සිදුවීමක් දකින්න ඇති. යුධ වැදිලා ඒ පීඩනයෙන්ම මේ ලෝකේ ප්‍රචණ්ඩත්වයම දැකපු කෙනෙක් පිළියමක් විදිහට තමයි වෙනින් ලෝකෙක ඉන්න දෙවි කෙනෙක්ව ගෙන්නලා පෘතුවිය පාරාදීසයක් කරන්න උත්සහ කරලා තියෙන්නේ. නමුත් ඒක වැරදි අතට හැරිලා දෙවි කෙනෙක් වෙනුවට මේ ලෝකයට ඇවිත් තියෙන්නේ මිනිස්සු මරන් කන රාක්ෂයෙක්ව. මරාගෙන කන කිව්වටම එහෙම නෙවෙයි ඔයාලා දකින්න ඇතිනෙ. කොහොමහරි මේ යොකොත් කියන දෙවි කෙනාව ගෙන්නුවට පස්සේ බිලි දුන්න සැන්ඩිව ධාරකයා කරගෙන එතන හිටිය අයව මරලා දාලා බඩ පුරවගෙන තියෙනවා. මේ ගැන දැන  ගත්තට පස්සෙ තමයි ලේඛකයින්ගේ පුරුෂයන් මේ යොකොත්ව එහෙම නැත්තම් සැන්ඩිව ගැට ගහලා මේ අයගේ බිම් මහල අගුලු දාලා තියෙන්නේ. මේ ගැන කිසිම දෙයක් නොදැන තමයි සෑම් වගේම ඩීන් සොලමන්ගේ මුද්‍රාව හොයාගෙන ගියෙ. මේ දෙන්නා අර බංකරය ඇතුලටත් ගිහින් සැන්ඩිව බේරගත්තා. හැබැයි මේ දෙන්න දැනන් උන්නේ නැහැ මේ කරපු වැරැද්දේ බරපතලකම මොන තරම් ලොකු එකක්ද කියලාවත්. එදා අර බංකරයේ සිදුවීම් එක්ක මේ යොකොත් ගැන ඇහැ ගහන් ඉන්න වැඩේ තමනුත් කරලා පසු කාලීනව තමන්ගේ ළමයින්ට බාර කරලා තිබුනා. හරියට පරම්පරාගතව සිදුවුන දෙයක් වගේ. ඉතින් එහෙම කෙනෙක් තමයි මාර්කො කියන්නේ.

මේ අතරෙදි කෙච්ට ඇස්මොඩේයස් එන්නයි කියලා කතා කරලා තිබුනා. ඒ නිසාම ආතර් ගියාට එයාව මුණගැහෙන්නේ ලැබුණේ නැහැ. ඒ වෙලාවේ ඇස්මොඩේයස් ගේබ්‍රියල්ගේ වරමෙන් පොඩ්ඩ පොඩ්ඩ අරගගන්න ගමන් හිටියෙ තමන්ව ශක්තිමත් කරගන්න අරමුණින්.මේ නිසාම ආතර්ට බලන් ඉන්න වුණා. බලන් ඉන්න උනා විතරක් නම් කමක් නැහැ මිනිහට පල් පාට් වගයකුත් දැම්මා. මේ නිසාම ආතර් හුගක් තරහින් හිටියෙ. ආතර් සෑම් වගේම ඩීන්ට හිතවත් වෙලා ඒ අයට උදව් කලානෙ. මේ කිසිම දෙයක් තාමත් ඇස්මොඩේයස්  දන්නේ නැහැ. හැබැයි ආතර් විස්තර දන්නවා කියලා කිව්ව නිසා ඇස්මොඩේයස්ට හුගක් තරහ ගියා. ආතර්ට හොදටම ගහලා බල්ලෙක් ගානට දාලා තිබ්බේ. ආතර් කොච්චර උනත් කපටියි වගේම මොළේ තියෙන මිනිහානෙ. ඒ නිසාම මෙයා කරපු වැඩේ ගේබ්‍රියල්වයි, ආක්ඒන්ජල්ලව මරන්න පුලුවන් බ්ලේඩ් එකයි අරගෙන පැනගත්තා ඇස්මොඩේයස් නැති වෙලාවක් බලලම. සෑම් වගේම ඩීන් සුපුරුදු පරිදි ලොකු ප්‍රශ්නෙක වැටෙන්න ගිහින් බේරුනා වගේම සොලමන්ගේ මුද්‍රාවත් අත්පත් කරගත්තා. අන්තිමටම ඕන උන දේ තමයි ආක්ඒන්ජල් කෙනෙක්ගේ වරම. කුකුලත් අතේ අරන් මුණගැහෙන්න එනවා වගේ ඒ වෙද්දී ආතර් ගේබ්‍රියල්වත් අරගෙන මේ දෙන්නාගේ බංකරයට ඇවිත් තිබුණේ. මේ නිසාම මේ දෙන්නගේ වැඩේ හුගක් ලේසි උනා. ඒවගේම සෑම්ට ගේබ්‍රියල්ව බලාගන්න කියලා ඩීන් ආතර් කෙච් එක්ක අනික් ලෝකයට ගියා මේරිවයි ජැක්වයි බේරගෙන එන්න. අද කොටසින් බලාගන්න හැකි වේවි ඩීන් වගේම ආතර් කෙච් අනික් ලෝකයට ගියාම මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ මොනාද කියලා. ඒ අතරෙම ඇස්මොඩේයස් දැනගන්නවා ගේබ්‍රියල් ඉන්නේ වින්චෙස්ටර්ලා ලග කියලා.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. තවත් කොටස් පහක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිහින් එන්නම්. ජයෙන් ජය!!
——-
අද කතාවේ නම “Bring ’em Back Alive”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Brad Buckner & Eugenie Ross-Leming
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 12
මීලග කොටසෙන්: “Funeralia” | 2018 අප්‍රේල් 19

ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් එව්වා !! ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 268MB |    

05AE2B1DE1EA39E87293A2A696740C0A59F44CC4

Direct Download

| HDTV | x264 | SVA | 268MB |       

       

| HDTV | x264 | 480p | 154MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *