MENU

Supernatural [S13 : E21]| මුදවාගැනීම, මරණය හා නැවතත් ජීවයට…

පසුගිය සතිය ගැන කියනවනම් ඒ කොටසේ අපිට ලෝක දෙකේම තත්වයන් දෙක දකින්න ලැබුණා මතක ඇති කියලා හිතනවා. මේරි වගේම ජැක් හිරවෙලා ඉන්න වැනසිල්ලට ලක් වුන ලෝකය ගැන කියනවනම් ඒකෙ පෙන්නුම් කරපු විදිහට ජැක් මුලිකත්වය අරන් සෑහෙන දුරකට එයාලයි මයිකල් අතරෙයි පවතින යුද්ධවලින් සෑහෙන ප්‍රමාණයක් ජැක්ලගේ පැත්ත දිනලා තියෙනවා එයාගේ බලයත් එක්ක. මේ නිසාමද මන්දා ජැක්ට බල තන්හාවක් ලාවට වගේ ඇතිවෙලා තිබුනා. ඒ නිසාම එයාට ඕන වුණේ දිගින් දිගටම මයිකල් එක්ක යුද්ධ කරන්න. මයිකල්ගේ හමුදාවන් පරද්දන්න. කොටින්ම ආයෙ පෘතුවියට යන්න කිසිම ආසාවක් නම් පෙන්නුම් කලේ නැහැ. හැබැයි ඉතින් එයාගේ අභිප්‍රාය හොදයි. මොකද මයිකල් පෘතුවියට ගියොත් නම් ලොකු විනාසයක් තමයි වෙන්නේ. හැබැයි එහෙම දේකටම මන්දා කෙවින්ව මැද්දට දාලා පොඩි නොමග යැවීමකුත් එහෙම කරලා තිබුනා.

මේ අතරේදී සෑම් වගේම ඩීන් රොවීනාගේ ඔත්තුවකට අනුව ගේබ්‍රියල්ව හොයන් ඇවිත් තිබුනා. ගේබ්‍රියල් එදා මේ අයගේ බංකරයෙන් ගියාට පස්සෙන් කෙලින්ම ගිහින් තිබුණේ එයාව ඇස්මොඩේයස්ට විකනපු අයව මරලා දාන්නයි. හැබැයි එයාගේ ශක්තිය නිසා එයාට පොඩි අකරතැබ්බයක් වෙලා පස්සේ එයාම වින්චෙස්ටර් කොල්ලො දෙන්නව හොයන් ඇවිත් තිබුනා. පස්සේ මේ දෙන්නා එයාට උදව් කලා. ඒවගේම තමයි මෙයාව හොයන් තවත් එවුන් දෙන්නෙක් ඇවිත් තිබුනා තමන්ගේ සහෝදරයෙක්ව මරලා දාපු හන්දා. ඒ විතරක් නෙවෙයි ගේබ්‍රියල්ට දැන් ලැබිලා තියෙන ස්වරුපය ලැබුණේ කොහොමද කියලත් හොද විස්තරයක් ඔයාලට ලැබුණා. මං විශ්වාස කරනවා ආයෙ ආයෙම මං ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා.

අද කොටසෙදී ඔයාලට බලාගන්න ලැබේවි සෑම්, ඩීන්, කැස්ටියෙල්, රොවීනා වගේම ගේබ්‍රියල්ගෙන් සමන්විත කණ්ඩායම කොහොමද එහා ලෝකයට යන්න හදන්නේ කියලා. වැඩේ හිතන තරම් ලේසි වෙන්නෙත් නැහැ. ඒවගේම අද කතාවේ ප්‍රධාන චරිතයක් මැරෙනවා. බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා.

කතාව ඉවර වෙන්න තවත් කොටස් දෙකයි තියෙන්නේ. එහෙනම් ඉතින් ලබන සතියේ අන්තිම කොටසට කලින් කොටසෙන් මුණගැහෙන්නම්. ගිහින් එන්නම්. හැමෝටම සුභසතිඅන්තයක් වේවා! ජයෙන් ජය!!

——
අද කතාවේ නම “Beat the Devil”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: Robert Berens
විකාශනය වුනේ: 2018 මැයි 03
මීලග කොටසෙන්: “Exodus” | 2018 මැයි 10

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 191MB |    

B8E353C091223A0346F1C87B2212D8265406CF3A

Direct Download

| HDTV | x265 | 720p | 190MB |       

       

| HDTV | x264 | 480p | 139MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *