පසුගිය කොටසින්
ජැක්ගෙ අතින් සිද්දවෙලා තිබුණු දේ නිසා එයා වින්චෙස්ටර්ලාට සෑහෙන බයකින් හිටියෙ මුහුණ දෙන්න. මේ අතරේ ජැක්ගෙ ඇතුලින්ම හටගත්ත තවත් උප විඥානයක් ඇවිත් ජැක්ගේ මොලේ විකාර කරන්න පටන් අරන් තිබුනේ. මං කියන්නේ අර නිතර නිතර ලූසිෆර්ගේ මුහුණුවරකින් ඇවිල්ලා විකාර කියවන උන්දා ගැන. මේ අතරේ සෑම්, ඩීන් දෙන්නා අම්මා නැති වෙච්ච එක ගැන සෑහෙන දුක් වෙමින් හිටියෙ. මේ අය අනික් දඩයක්කාරයන් එක්කාසු කරගෙන අනුස්මරණ කටයුත්තක් කර කරා ඉන්න වෙලාවක තමයි බොබී එන්නෙ. කෑස්ට ඕන වෙලා තිබුනේ ජැක්ව හොයාගෙන එයාට උදව් කරන්නයි. ඒත් බොබීට ඕන වෙලා තිබුනේ ජැක්ව දඩයම් කරන්නයි. මේ නිසාම බොබී තමන්ගේ අය එක්කාසු කරගෙන දඩයමේ ගියා. පැහැදිලිවම ඩීන්ට නම් ඕන වෙලා තිබුනේ ජැක්ට මොකක් හෝ දෙයක් කරලා නතර කරන්නයි. ජැක්ගේ තත්වේ ගැන ස්වර්ගයේ හිටිය ඩූමාට කැස්ටියෙල් ගිහින් කිව්වම ඩූමා කලේ ජැක්ට උදව් කරනවා වෙනුවට ජැක්ගේ බලය අනිසි විදිහට පාවිච්චි කරලා ඒ කොල්ලව මෙහෙයවපු එකයි. ජැක් ලවා දෙවියන් වහන්සේ ගැන, ස්වර්ගය ගැන වෙනස් මත දරන්නන්ට දඩුවම් කලා. ඒ මදිවට දෙවියන් වගේම ස්වර්ගය ගැන ඉතා ඉහලින් හිතාගෙන අයව ස්වර්ගයට අරන් ගිහින් ඒන්ජල්ලාව හැදුවා. මේ දේවල් තේරුම් ගන්න තරම්වත් ජැක්ට මොලයක් තිබුනේ නැහැ. එයා හිතාගෙන හිටියෙ තමන් කරන්නෙ හොද දෙයක් කියලා.
එයා ඒ කරපු දේවල් ආරංචි වෙච්ච සෑම්, ඩීන් වගේම කෑස් ජැක්ව හොයන ගමන් හිටියෙ. ජැක් කරපු දේවල් ගැන ආරංචි වුනාට පස්සෙ කෑස් ස්වර්ගයට ගිහින් ජැක්ව හොයාගත්තා. එයා එහෙදි දැක්කා ඩූමා එහෙ කරන දේවල් වගේම එයාගේ හැසිරීම. ජැක් එහෙන් එක්කන් යනවට ඩූමා කැමති වුනෙත් නැහැ. මේ නිසාම කෑස් ඩූමාවත් මරලා දැම්මා. ජැක්ව මැලැක් පෙට්ටියට යවාගන්න ඕන වෙච්ච නිසා ඩීන් කලේ සෑම් ලවා ජැක්ට යාච්ඤාවක් කරලා එයාව බංකරේට ගෙන්නගෙන එයාව සනීප කරන්න පුලුවන් විදිහක මන්ත්රකින් ජැක්ව සනීප කරගන්නකන් කියලා එයාව මැලැක් පෙට්ටිය ඇතුලට යවපු එකයි. සෑම් නම් වැඩේට කැමති වුනේ නැහැ හැබැයි. ඩීන් නම් හුගක් ලොකු කැමැත්තකින් හිටියෙ ජැක් මේරිට කරපු දෙයින් පස්සෙ. විශ්ෂයෙන්ම අච්චර ලොකු වැරැද්දක් කරලත් ජැක් වෙච්ච දේට “අනතුරක්” කිය කියා නොසැලීකිල්ලෙන් සෑම්, ඩීන් දෙන්නට කියද්දී මං හිතන්නෙ ඔයාලත් ඩීන්ගේ මුහුණේ ඉරියව් දකින්න ඇති. කොහොම හරි මැලැක් පෙට්ටියට යැව්වට වැඩක් වුනේ නැහැ. ආපහු වතාවක් ජැක්ගේ ඔළුවට ලූසිෆර් ඇවිත් එක එක දේවල් එයාගේ ඔළුවට දාලා හිත වෙනස් කලා. ඒ දේවල් අහන් ඉදලමතරහ ගියපු ජැක් මැලැක් පෙට්ටියත් කඩාගෙන එලියට ආවා.
අද කොටසෙ වෙන්නෙ මොනාද කියලා ඔයාලම බලලම ඉන්නකො එහෙනම්. මොකද අද අවසාන කොටස නෙවැ. යන්න කලින් කියන්න දෙයක් තියෙනවා.
අද අද 20’වැනි කොටසින් නිමාවට පත්වෙන සුපර්නැචුරල් 14 වැනි කතාසමය 15’වැනි කතා සමයෙන් නිමාවට පත්වන බව මින් පෙර දැනුම් දීමක් කරලා තිබුණා. කලින් සීසන් එකේ අවසානයට ලිපියේදී දැනුම් දුන්නා වගේම 14 වැනි සීසන් එක තමයි මම උපසිරැසි ගන්වන අවසාන සීසන් එක. අන්තිම සීසන් එක මේ වසරේ අවසාන මාස කිහිපය ඇතුලත විකාශය වීම පටන් ගනීවි. ඒ සීසන් එකට උපසිරැසි ගන්වන්න මේ වෙද්දී මං වෙනත් කෙනෙක්ව කතා කරගෙන තියෙන්නෙ. ඉතින් ඊලග සීසන් එකට උපසිරැසි ගන්වන්න ඒ කෙනා ඒවී. එහෙම නාවොත් නම් අවංකවම සමාවෙන්න ඕන මොකද මට එන්න විදිහකුත් නැහැ. මොකද මට එන්න පුලුවන් දුර මෙච්චරයි. මෙතෙක් කල් කතාමාලාව එක්කලා රැදි හිටියට හුගක් ස්තුතියි. විශේෂයෙන්ම 2,000 පන්නලා බාගත කිරීම් ලැබෙන මේ කතාමලාවට එක කමෙන්ට් එකකින් හෝ අදහස් දැක්වූ අයට ස්තුතියි.
——
අද කතාවේ නම “Moriah”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: – Andrew Dabb
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 25
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | CRAVERS | 276MB |
Direct Download
| HDTV | x264 | CRAVERS | 276MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Supernatural [S14 : E20] | දෙවියන් ලියු දෛවයන්වල ජීවීත කතාව.”
suba gaman brother………