MENU

Swamp Thing (2019-) [S01: E01] | වගුරු බිමේ රහස….

DC යුනිවර්ස් එකෙන් අපවෙත ලැබෙන තුන්වන රූපවාහිනී කතාමාලාව තමයි අද මේ සිංහල උපසිරැසි සමඟ ඔබට ලබා දෙන්නේ. මීට පෙර Titans සහ Doom Patrol කතාමාල දෙක හැමෝම බලන්න ඇති. ඩූම් පැට්‍රොල් කතා මාලාවේ අවසානයත් සමඟ ඒ හිඩැස පුරවන්න අපවෙතට ලැබෙන ස්වැම්ප් තින්ග් කියන්නේ ටිකක් හොරර් ගතිය මිශ්‍ර වූ කතාවක් කියල ඔයාල පූර්ව ප්‍රචාරකපට හරහා දැනුවත් වෙන්න ඇති. මේ කතාව මොකද්ද එයට පාදක උන කොමික් කතා පොත් ගැන කෙටි විස්තරයක් කරලම අද ආරම්භ උන මේ කතාවේ පලවෙනි කොටසට යොමුවෙන්නම්.

ඇත්තටම මේ නම මුලින්ම අහන්න ලැබෙන්නේ 1971 ජුලි මාසයේ පළවූ House of Secrets #92 නම් වූ කොමික් පොත හරහායි. මේ චරිතය නිර්මාණය වෙන්නේ Len Wein සහ Bernie Wrightson නම් රචකයා සහ චිත්‍රකතා නිර්මාණ ශිල්පින් දෙදෙනා අතින්. ස්වැම්ප් තින්ග් කියන චරිතය විවිධ කොමික් කලාප වල විවිධ ස්වරූප වලින් දකින්න ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ස්වරූපය වගේම අමනුෂ්‍ය ස්වරූප වලින් මේ චරිතය කොමික් පොත පතේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම මේ චරිතය ස්වභාව දහමට ආදරය කරන විශේෂයෙන් ගොහොරු වලට, එයට හානි ගෙනෙන අයට එරෙහිව නැගී සිටින මනුෂ්‍ය හැඩයක් සහිත ශාකමය ස්වරූපයක් සහිත ස්වභාවයෙන් නිර්මාණය උන චරිතයක් ලෙසයි හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ චරිතය වඩා ප්‍රසිද්ධ වෙන්න ගත්තේ 1970 සහ 1990 කාලය ඇතුළතයි. ඇත්තෙන්ම මේ චරිතය වඩා ඉක්මනින් රූපවාහිනිය සහ රිදී තිරය ජයගන්න තරම් සමත් උන චරිතයක්. මේ චරිතය චිත්‍රපට දෙකකත් කාටුන් රූපවාහිනී වැඩ සටහනකත් දැකගන්න ලැබුනා. 1982 වසරේ සහ ඊට පසුව Swamp Thing සහ The Return of Swamp නමින් චිත්‍රපට දෙකක් මේ චරිතය පාදක කරගෙන තිරගත උනා.

එහෙනම් මම මේ චරිතය නිර්මාණය උන හැටි සහ මේ අපූරු චරිතයට තිබෙන හැකියාවන් ගැන කියන්නම්. ස්වැම්ප් තින්ග් කියන්නේ බය හිතෙන පෙනුමක් උනාට ඇත්තටම මේ චරිතය ජස්ටිස් ලීග් එකෙත් සාමාජිකයෙක් වෙනවා. ඒ දේ සිද්ධ වෙන්නේ පසු කාලීනව බැට්මෑන් විසින් අඳුරු බලවේග වලට එරෙහිව සටන් කරන්න අලුත්ම ලීග් එකක් නිර්මාණය කරනවා Justice League Dark නමින්. මේ කණ්ඩායමේ කොන්ස්ටන්ටීන් එහෙමත් සාමාජිකයෙක්. මේ චරිතය හැදුනේ මෙන්න මෙහෙමයි. ඇලෙක් හෝලන්ඩ් කියන්නේ පරිසර විද්‍යාඥයෙක්. ඔහු සහ ඔහුගේ බිරිඳ ලින්ඩා කියන්නේ විද්‍යාවට ආදරය කරන එහි උන්නතිය වෙනුවෙන් කැප උන දෙදෙනෙක්. ඔහු විසින් ජෛවිය ශක්තිය ඉහල නංවන ඖෂධයක් රහසිගතව වගුරුබිමක තිබෙන ඔහුගේම විද්‍යාගාරයක් තුල සොයාගනු ලබනවා. මේ ඖෂධය මගින් ඕනෙම රටක ආහාර අර්බුධය විසඳීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ඖෂධය විද්‍යාත්මක වශයෙන් සහ ආර්ථික වශයෙන් සැහෙන වැදගත් එකක්. මේ නිසා විශාල වශයෙන් මිනිසාට වාසි සැලසෙනවා වගේම ඒ නිසා ආහාර සම්බන්ධ වෙළඳාම් කරන සමාගම් වලට ලොකු පහරක් වදිනවා.

පොත පතේ තිබෙන විදිහට පරීක්ෂණාගාරය සමඟම ඇලෙක් සහ ඔහුගේ බිරිඳ මරා දැමීමට පරීක්ෂණාගාරය තුලම බෝම්බයක් අටවනවා එක්තරා අපරාධ කල්ලියක් විසින්. මේ බෝම්බ පිපිරීමත් සමඟින් ඇලෙක් ඔහුගේ දැවෙන සිරුරත් සමඟ අර ඖෂධය වගුරු බිමට එකතු වනවාත් සමඟින් වගුරු බිමට පනිනවා. ඒ සමඟින් මේ වගුරු බිමේ ඇති ශාක වලට සහ ඇලෙක්ගේ සිරුරට ඖෂධයේ බලපෑම නිසා අමුතුරු කෙනෙක් නිර්මාණය වෙනවා. ඒ තමයි ස්වැම්ප් තින්ග් කියන්නේ. මේ චරිතයට තියෙන්නේ ඇලෙක්ගේ මතකය. මේ චරිතයට තියෙනවා ලෝකයේ ඕනෙම ශාකයක් පාලනය කිරීමේ හැකියාව. ඒවා හරහා තොරතුරු ගැනීමේ හැකියාව, දැඩි ශක්තියක්ද පවතිනවා. ඒ වගේම ස්වැම්ප් තින්ග් කියන්නේ එක්තරා විදිහකින් බැලුවොත් ආත්මයක් වගේ දෙයක්. ඔහුගේ වර්තමාන ශාකමය සිරුර මරා දැමුවත් නැවත වෙනස් හෝ ඊට සමාන සිරුරක් නිර්මාණය කරගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මරන්න බැරි චරිතයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම ශාක කිව්වම ඊට සම්බන්ධ සෑම දෙයකම පාලනය ඔහු සතුයි. ඇල්ගී වර්ග දිලීර වර්ග වගේ දේවල් වල පාලනයත් ඔහුට තිබෙනවා. ඇත්තෙන්ම ස්වභාව ධර්මය පාලනය කිරීමට පුළුවන් චරිතයක් තමයි ස්වැම්ප් තින්ග් කියන්නේ. මීට වඩා මේ චරිතය ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ අද ඉඳන් ඔයාලට පුළුවන් කම තියෙනවා ස්වැම්ප් තින්ග් ගැන සියල්ලක්ම මේ කතා මාලාව හරහා දැනගන්න. ඒ වගේම කොමික් අනුසාරයෙන් නිර්මාණය උන මේ චරිතයේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ලැබී තිබුනා. ඇත්තටම කිව්වොත් කොමික් චිත්‍ර සමඟ සැසඳීමේදී මේ රූපවාහිනී කතා මාලාවේ ඉන්න ස්වැම්ප් තින්ග් 100% පමණ ඊට සමානයි කිව්වොත් නිවැරදියි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.3GB |

Direct Download

| WEB | x264 | 480p | 200MB |

| WEB | x264 | SD | 370MB |

| WEB | x264 | SD | 580MB |

| WEB | x264 | 720p | 1.3GB |

| WEB | x265 | 720p | 270MB | HEVC |

| WEB | x265 10bit | 720p | 340MB | PSA |

| WEB | x265 10bit | 1080p | 680MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “Swamp Thing (2019-) [S01: E01] | වගුරු බිමේ රහස….

  • Chenobyl episode 5 dennko

    Reply
  • madukadeshan

    meke ep.2 enne kawaddoooo????

    Reply
  • Shanka thotawatta

    mata meke user drive eken download karaganna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *